කොරෝනා වයිරසය හේතුවෙන් වික්ටෝරියානු ප්රාන්තයේ සියලුම කෞතුකාගාර සහ කලාගාර දින නියමයක් නොමැතිව අද සිට වසා දැමීමට තීරණය කරයි.
ඒ අනුව මෙල්බර්න් Arts Centre, Geelong Arts Centre, Melbourne Recital Centre, Museums Victoria, National Gallery of Victoria සහ වික්ටෝරියානු රාජ්ය පුස්තාකලය අද සිට වසා දැමෙයි.
මෙල්බර්න් කෞතුකාගාරය, Scienceworks, ආගමන කෞතුකාගාරය සහ Royal Exhibition ගොඩනැගිල්ල වසා දැමීමට පසුගිය සති අන්තයේ ගත් හදිසි තීරණය නිසා මෙලෙස වික්ටෝරියානු ප්රාන්තයේ සියලුම කෞතුකාගාර සහ කලාගාර දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කෙරිණි.
මෙම ස්ථාන ජනතාව විශාල ලෙස එක් රැස්වෙන සහ ගැවසෙන ස්ථාන නිසා කොරෝනා වයිරසය ශීග්රව පැතිර යාමේ ඉහළ අවදානමක් ඇති හෙයින් මෙලෙස වසා දැමීමට තීරණය කර ඇත.