වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන පෙබරවාරි 02 සිට 08 දක්වා ලියාපදිංචියට විවෘත කරයි (SBS සිංහල/ වාර්තා)

NSW 190 Visa Eligibility Requirements Changed

Source: Getty Images

පෙබරවාරි මාසයේ ලියාපදිංචි වටය සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination program එක හෙවත් නිපුණතා වීසා වැඩසටහන අද (02/02) විවෘත කෙරිණි.

ඒ අනුව අද (02/02) පෙරවරු 9 සිට පෙබරවාරි 8 වන දින පස්වරු 5 තෙක් ඔබට වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination program එක සඳහා ලියාපදිංචි විය හැකිය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

ඒ සඳහා ඔබ Registration of Interest හෙවත් ROI එකක් යොමු කළ යුතුවේ.

වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ඔබව තෝරා ගන්නේද යන්න තීරණය කිරීමට ඔබගේ උනන්දුව මෙම ROI එක ලියාපදිංචි කිරීම හරහා සිදුවේ.

2020-21 වසර සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ නිපුණතා වීසා වැඩසටහන සඳහා මෙවැනි වට 5 ක් ඇති අතර පෙබරවාරි වටය ඉන් දෙවැන්න වේ.


Highlights

  • පෙබරවාරි මස වටය අද (02/02) පෙරවරු 9 සිට පෙබරවාරි 8 වන දින පස්වරු 5 තෙක් විවෘතය
  • මීළඟ වටය මාර්තු මස මුලදී විවෘත කෙරේ
  • වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ වීසා ඛාණ්ඩ දෙකක් නිකුත් කෙරේ

වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන skilled වීසා වැඩසටහනට අමතරව ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි මගින් ක්‍රියාත්මක කෙරෙන skilled visa nomination වැඩසටහන් තිබේ.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ පහත සඳහන් වීසා ඛාණ්ඩ දෙක නිකුත් කෙරේ.

  • Skilled Work Regional (Provisional) visa (subclass 491)
  • Skilled Nominated visa (subclass 190)
මෙම වැඩසටහනට අයදුම් කිරීම සඳහා තෝරා ගැනීම සලකා බැලීමට, ඔබ වික්ටෝරියානු skilled visa nomination සඳහා ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා 


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


Skilled Work Regional (Provisional) visa (subclass 491)

ඔබට 491 වීසා බලපත්‍රය හිමි වුවහොත් ඔබට ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වසර 5 ක් වාසය කිරීමටත් පූර්ණ කාලීන රැකියා කිරීමටත් අවසර ලැබේ.

අනතුරුව මේ හරහා ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අයදුම් කළ හැකිවේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කිරීමට ඔබ පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක වාසය කිරීම.
  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක රැකියා කිරීම (අවම වශයෙන් මාස 3ක් හෝ)
  • එම රැකියාව වික්ටෝරියානු ප්‍රාන්තයේ ආර්ථිකය යළි ගොඩ නැගීමට හා සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට අදාළ වන සෞඛ්‍ය, වෛද්‍ය පර්යේෂණ, ජීව විද්‍යා, කෘෂි ආහාර හෝ ඩිජිටල් අංශ වල ඉහළ නිපුණතාවයකින් යුත් රැකියාවක් විය යුතුය.
Alterations have been made to the Australian permanent employer-sponsored skilled visa programs
Source: AAP

Skilled Nominated visa (subclass 190)

190 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරදෙන වීසා බලපත්‍රයකි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට ඔබ පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක වාසය කිරීම.
  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක රැකියා කිරීම (අවම වශයෙන් මාස 6ක් හෝ)
  • එම රැකියාව වික්ටෝරියානු ප්‍රාන්තයේ ආර්ථිකය යළි ගොඩ නැගීමට හා සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට අදාළ වන සෞඛ්‍ය, වෛද්‍ය පර්යේෂණ, ජීව විද්‍යා, කෘෂි ආහාර හෝ ඩිජිටල් අංශ වල ඉහළ නිපුණතාවයකින් යුත් රැකියාවක් විය යුතුය.
පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Share
Published 2 February 2021 4:28pm
By Madhura Seneviratne

Share this with family and friends