වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති කොරෝනා නීති හෙට (24/06) මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (23/06) තීරණය කළේය.
ඒ අනුව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයට වෙන වෙනම කොරෝනා නීති පහත පරිදි ලිහිල් කෙරෙනු ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය
- නිවසින් බැහැරව වෙනත් ගෘහස්ථ ස්ථානයකදී මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
- කිසිදු සීමාවකින් තොරව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අතර සංචරණයට අවසර ලැබේ.
- හිම බැලීම සහ හිම ක්‍රීඩා කිරීම සඳහා alpine කලාපයට යාමේදී පනවා තිබූ අනිවාර්ය කොරෝනා පරීක්ෂණය සිදු කිරීම ඉවත් කෙරේ.
- තමන්ගේ දරුවන් ද ඇතුළුව එක් දිනකදී අමුත්තන් 15 ක ට නිවසකට යා හැකිය.
- එළිමහනේ උපරිම පුද්ගලයින් 50 ක් දක්වා ඒකරාශී විය හැකිය.
- aged care මධ්‍යස්ථාන සහ රෝහල් සඳහා එක් දිනකට උපරිම අමුත්තන් 5 ක් දක්වා පැමිණීමට හැකි නමුත් එක් වරකදී උපරිම පැමිණිය හැකි අමුත්තන් සංඛ්‍යාව 2 කි.
- පාසල්, පෙර පාසල්, childcare මධ්‍යස්ථාන සහ family daycare සියල්ලම විවෘතය.
- උසස් අධ්‍යාපනය ලබන සිසුන් නිවසේ සිට අධ්‍යන කටයුතු සිදුකළ යුතුය යන සීමාව ඉවත් කෙරේ.
- හැකිනම් නිවසේ සිට සේවා හා රාජකාරී කටයුතු සිදුකළ යුතුය යන සීමාව ඉවත් කෙරේ.
- පූර්ණ සේවක ධාරිතාවෙන් 75% ක් හෝ මුළු සේවකයින් 40ක් හෝ ඊට වඩා අඩු පිරිසක් සේවය කරන සේවා ස්ථාන සඳහා සේවකයින් 30 ක් දක්වා සේවා ස්ථාන වෙත ගෙන්වා ගත හැකිය.
- සේවා ස්ථාන වලද QR code check-in එක අනිවාර්ය වේ.
- සියලුම සිල්ලර වෙළෙඳ සැල් වලට පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමේදී වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වේ.
- සෑම වෙළෙඳ සැලකම QR code check-in එක අනිවාර්ය වේ.
- භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ගෘහස්ථව හා එළිමහනේ මංගල උත්සව සඳහා අවසර ඇත.
- නර්තන අංග සඳහා අවසර නැත.
- භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ගෘහස්ථව හා එළිමහනේ අවමංගල උත්සව සඳහා අවසර ඇත.
- භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ආගමික ස්ථාන වල රැස්විය හැකිය.
- වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථ ක්‍රීඩා මධ්‍යස්ථාන විවෘත කළ හැකිය.
- වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථව උපරිම අමුත්තන් 25 කට කුඩා ප්‍රමාණයේ අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.
- වර්ග මීටර 600 ට වඩා අඩු ස්ථානවල පුද්ගලයන් 150 ක උපරිම සීමාවක් දක්වා වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ අවන්හල් සහ ආපන ශාලා ක්‍රියාත්මක කළ හැකිය.
- food courts සඳහා උපරිම පුද්ගල සීමාවක් නොමැති නමුත් වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ක්‍රියාත්මක විය යුතුය.
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප
- නිවසින් බැහැරව වෙනත් ගෘහස්ථ ස්ථානයකදී මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
- කිසිදු සීමාවකින් තොරව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අතර සංචරණයට අවසර ලැබේ.
- තමන්ගේ දරුවන් ද ඇතුළුව එක් දිනකදී අමුත්තන් 15 ක ට නිවසකට යා හැකිය.
- එළිමහනේ උපරිම පුද්ගලයින් 50 ක් දක්වා ඒකරාශී විය හැකිය.
- aged care මධ්‍යස්ථාන සහ රෝහල් සඳහා එක් දිනකට උපරිම අමුත්තන් 5 ක් දක්වා පැමිණීමට හැකි නමුත් එක් වරකදී උපරිම පැමිණිය හැකි අමුත්තන් සංඛ්‍යාව 2 කි.
- පාසල්, පෙර පාසල්, childcare මධ්‍යස්ථාන සහ family daycare සියල්ලම විවෘතය.
- උසස් අධ්‍යාපනය ලබන සිසුන් නිවසේ සිට අධ්‍යන කටයුතු සිදුකළ යුතුය යන සීමාව ඉවත් කෙරේ.
- හැකිනම් නිවසේ සිට සේවා හා රාජකාරී කටයුතු සිදුකළ යුතුය යන සීමාව ඉවත් කෙරේ.
- පූර්ණ සේවක ධාරිතාවෙන් 75% ක් හෝ මුළු සේවකයින් 40ක් හෝ ඊට වඩා අඩු පිරිසක් සේවය කරන සේවා ස්ථාන සඳහා සේවකයින් 30 ක් දක්වා සේවා ස්ථාන වෙත ගෙන්වා ගත හැකිය.
- සේවා ස්ථාන වලද QR code check-in එක අනිවාර්ය වේ.
- සියලුම සිල්ලර වෙළෙඳ සැල් වලට පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමේදී වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වේ.
- සෑම වෙළෙඳ සැලකම QR code check-in එක අනිවාර්ය වේ.
- භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ගෘහස්ථව හා එළිමහනේ මංගල උත්සව සඳහා අවසර ඇත.
- නර්තන අංග සඳහා අවසර නැත.
- භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ගෘහස්ථව හා එළිමහනේ අවමංගල උත්සව සඳහා අවසර ඇත.
- ආගමික ස්ථාන වලට රැස්විය හැකි පුද්ගල ප්‍රමාණයේ සීමාවක් නැත.
- වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථව උපරිම අමුත්තන් 25 කට කුඩා ප්‍රමාණයේ අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.
- සෙසු අවන්හල් සහ ආපන ශාලා වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ක්‍රියාත්මක කළ හැකිය.
- food courts සඳහා උපරිම පුද්ගල සීමාවක් නොමැති නමුත් වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ක්‍රියාත්මක විය යුතුය.