ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට මේ වන විට දරුණු සුළං තත්ත්වයක් හටගෙන ඇති අතර එය පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් යුක්ත විය හැකි බවත් අකුණු කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය අනතුරු අඟවයි.
උතුරු දෙසින් පැමිණෙන මෙම දරුණු සුළං බටහිර දිශාවේ සිට ප්‍රාන්තය හරහා ගමන් කරන බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Dean Stewart පැවසීය.
මෙල්බන් නගරයට අද (27/03) සන්ධ්‍යා කාලයේදී දරුණු සුළං, වැසි සහ අකුණු කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.
අද දිනයේ මෙල්බන් නගරයේ උෂ්ණත්වය ක්ෂණිකවම සෙල්සියස් අංශක 32 සිට 18 දක්වා අඩුවූ බවද වාර්තා වේ.