ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවී තිබේ.
ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 64 දක්වා වැඩිවී තිබේ.
ඊයේ දිනයේදී (13/06) කොරෝනා පරීක්ෂණ 16,932 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 13,764 ක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ලබා දී තිබේ.