ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් එක් කොරෝනා ආසාදිතයෙකු හමු වී ඇති බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54 කි.
ඊයේ දිනයේදී (17/06) වික්ටෝරියානු ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 35,252 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 16,710 ක් ලබා දී තිබේ.