ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු හමුවී තිබේ.
ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 45 දක්වා වැඩිවී තිබේ.
ගතවූ පැය 24 තුළ පමණක් කොරෝනා පරීක්ෂණ 43,874 ක් සිදුකර ඇත.
මේ අතර ඊයේ දිනයේදී (30/05) කොරෝනා එන්නත් මාත්‍රා 16,752 ක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ලබා දී තිබේ.