ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු හමුවී තිබේ.
ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 35 දක්වා වැඩිවී තිබේ.
ගතවූ පැය 24 තුළ පමණක් කොරෝනා පරීක්ෂණ 56,624 සිදුකර ඇත.
මේ අතර ඊයේ දිනයේදී (28/05) කොරෝනා එන්නත් මාත්‍රා 21,626 ක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ලබා දී ඇති අතර එය ප්‍රාන්තයෙන් එක් දිනකදී මෙතෙක් ලබා දුන් ඉහළම කොරෝනා එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලෙසට ද වාර්තා වේ.