penalty rate අමතර දීමනා කප්පාදුවට එරෙහිව වෘත්තීය සමිතියක් නඩු මගට

Retailers are suggesting the decision to cut penalty rate should be implemented in two stages.

Retailers are suggesting the decision to cut penalty rate should be implemented in two stages. Source: AAP

සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවලදී රැකියාවල නිරත වීම සදහා ගෙවනු ලබන අමතර දීමනා (penalty rates) කපා  දැමීමේ රජයේ යෝජනාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට The United Voice hospitality නම් වෘත්තීය සමිතිය  පියවර ගෙන තිබේ.

ඉරිදා දිනයේ penalty rates අමතර දීමනා  කපා  දැමීමට Fair Work කොමිසම ගත්  තීරණය අවලංගු කරන ලෙස  එම වෘත්තීය සමිතිය මෙල්බර්න් නුවර ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු ඉල්ලීම පසුගියදා විභාගයට ගැනුණු බව සදහන්.

වේතන කප්පාදු කිරීම අසාධාරණයි : වෘත්තීය සමිති


hospitality, සිල්ලර වෙළද  සහ ඖෂධ ශාලා කේෂ්ත්‍ර වල සේවකයින් සදහා ඉරිදා දිනයේදී  ගෙවනු ලබන penalty rates අමතර දීමනා සියයට 5කින් කපා දැමීමට Fair Work කොමිසම මේ වසර ආරම්භයේදී තීරණය කරනු ලැබීය. ඒ අනුව එම තීරණය ජුලි මස 1දා සිට බල ගැන්වුණු අතර අදාල තීරණයට එරෙහිව මෙලෙස අධිකරණය හමුවට යාමට The United Voice hospitality වෘත්තීය සමිතිය  තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියානු කර්මාන්ත වෘත්තීය සමිති එකමුතුවද (Australian Council of Trade Unions- ACTU), මෙම තීරණය සදහා සහාය  පළකර ඇති අතර, රජයේ අදාල තීරණය අවලංගු කරන තුරු මෙම සටන ක්‍රියාත්මක කරන බව ACTU සභාපතිනි Ged Kearney පවසයි.

තමන්ට ලැබී ඇති නීති උපදෙස් අනුව, තමන් මෙහිදී අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති තර්කය ඉතා ශක්තිමත් බව  The United Voice hospitality වෘත්තීය සමිතිය සදහන් කරයි. ඕස්ට්‍රේලියානු ශ්‍රමිකයින්ගේ ජිවන තත්වය සුරක්ෂිත කිරීමේ වගකීම මෙහිදී Fair Work කොමිසම පැහැර  හැර ඇති බව එම වෘත්තීය සමිතියේ වික්ටෝරියානු ශාඛාවේ ලේඛම් Jess Walsh පවසයි. Fair Work කොමිසමේ මෙම තීරණය අසාධාරණ තීරණයකට අමතරව, නීතිමය වශයෙන් වැරදි තීරණයක් බවත් ඇයගේ  මතය වී තිබේ.

ඕස්ට්‍රේලියානු ව්‍යාපාර වල පැවැත්මද සිතාබැලීම වැදගත් :ACCI


Fair Work කොමිසමට එරෙහිව අධිකරණය ඉදිරියේ ඇති නඩුව එම කොමිසම ජයග්‍රහණය කරනු ඇති බව තමන්ට විශ්වාෂ බව ඕස්ට්‍රේලියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය (ustralian Chamber of Commerce and Industry (ACCI)) පවසයි. Fair Work කොමිසමේ අදාල තීරණ සාධාරණ හේතු ඇතිව ලබාදුන් සමබර තීරණයක් බව තමන්ට ලැබී ඇති නීති උපදෙස් මත සදහන් කල හැකි බව ඕස්ට්‍රේලියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂ Scott Barklam මහතා ABC ගුවන් විදුලියට ප්‍රකාශ කර තිබිණි. තවද අඩු වැටුප් ලබන ශ්‍රමිකයින් පිලිබදව සිතා Fair Work කොමිසම අදාල තීරණය ලබාදී ඇති බව තමන්ගේ විශ්වාශය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙහිදී ජනතාව සමබරව සිතා  බැලිය යුතු බවත් ව්‍යාපාර වල පැවැත්මද සිතා  බැලීම වැදගත් බවත් Scott Barklam මහතා සදහන් කරයි.

සැප්තැම්බර් 18දා  නැවතත් මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතයි.


Share
Published 6 July 2017 7:28am
By Sanjaya Dissanayake
Source: SBS


Share this with family and friends