යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීමේ තීරණයට අදාළ නිල ලියවිල්ල අත්සන් කිරීමන් අනතුරුව එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය යන ද්විත්වයම පුළුල් නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සලකා බලන බව බ්‍රිතාන්‍ය අගමැතිනි Theresa May පවසයි.
බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණය සම්බන්ධව අත්සන් තැබුණු නිල ලිපිය එක් රැයකින්ම යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටූස්ක් වෙත යවා තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව යුරෝපා සංගමයෙන්, බ්‍රිතාන්‍යයට සම්පූර්ණයෙන් ඉවත්වීම සඳහා වසර දෙකක කාලයක් එමගින් ලබා දෙයි.
යුරෝපානු ඒකල වෙළෙඳ පොළට ඇතුළු වීම බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම අරමුණ බවද බ්‍රිතාන්‍ය අගමැතිනි Theresa May පවසා තිබේ.
එක්සත් රාජධානිය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට ඔස්ට්‍රේලියානු රජය සූදානම්.
යුරෝපා සංගමයෙන් ඉවත්වීම නිල වශයෙන් ආරම්භ කිරීමත් සමග එක්සත් රාජධානිය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානමින් පසුවන බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු කෘෂි අපනයන කරුවන් සඳහා එක්සත් රාජධානියේ වෙළෙඳ පොළ විවෘත කර දීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු වෙළෙඳ අමාත්‍ය Steve Ciobo පැවසීය.
දෙපාර්ශවය අතර ද්වි- පාර්ශවික ගිවිසුමක් ඇති කරගැනීම තම විශාලම බලාපොරොත්තුව බව වෙළෙඳ අමාත්‍ය Steve Ciobo, A-B-C පුවත් සේවයට පැවසීය.