කොරෝනා ආසාදනය වූවාදැයි තහවුරු කිරීමට සිදුකළ හැකි නව පරීක්ෂණ දෙකකට ඔස්ට්‍රේලියාව අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
ABC පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම පරීක්ෂණ හරහා පැයකට අඩු කාලයකදී ප්‍රතිඵල ලබාදීමට හැකිය.
ප්‍රතිශක්තීකරණ ප්‍රතිදේහ පරීක්ෂා කරනවා වෙනුවට සෘජුව වයිරසය පරීක්ෂා කළ හැකි නවීන ක්‍රමවේදයක් මෙම පරීක්ෂණ හරහා සිදු කරගත හැකි බැවින් මේවායින් අත්වන ප්‍රතිඵල වඩාත් නිවැරදි බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ යමින් පවතින නිසා මෙම පරීක්ෂණ ද්විත්වය සඳහා අනුමැතිය ලබා ගැනීම වඩාත් ඉක්මණින් සිදුකර ගැනීමට චිකිත්සක භාණ්ඩ පාලනාධිකාරිය පියවර ගත්තේය.