ජනවාරි 26 වෙනි දිනට යෙදී ඇති "ඔස්ට්‍රේලියා දිනය" වෙනස් කිරීමට ග්‍රීන්ස් පක්ෂය දරන උත්සාහය පිළිබඳ තමන් කණගාටු වන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසයි.
සමස්ත ඔස්ට්‍රේලියාවම එක්සත් කරන ඔස්ට්‍රේලියා දිනය, ඇතැම් පුද්ගලයින් ඔස්ට්‍රේලියානු ජනතාව බෙදා වෙන් කිරීමට උත්සාහ දරන බවටද ඔහු චෝදනා කරයි.
මේ පිළිබඳ අගමැති ටර්න්බුල් තමාගේ නිල Facebook පිටුවේ වීඩියෝවකින් ජනතාව දැනුවත් කර තිබේ.