රජයේ නියෝජිතයින් ලෙස පෙනී සිටි කොරෝනා වංචාකරුවන්, දහස් ගණනක් ඔස්ට්‍රේලියානුවාසීන්ව රවටලා (SBS සිංහල/ වාර්තා)

 Visitors scan a QR code, used for contact tracing,

Visitors scan a QR code, used for contact tracing, Source: EPA

කොරෝනා වසංගතයට සම්බන්ධ වංචාවන් (scams) ඔස්ට්‍රේලියාව තුළ වර්ධනය වී ඇති බව වාර්තා වේ.

ඇතැම් වංචාකරුවන් ඔවුන් contact tracers ලා ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මෙම වංචාවන් සිදුකරන බවට ඔස්ට්‍රේලියානු තරගකාරී හා පාරිභෝගික කොමිසම (ACCC) අනතුරු අඟවයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


කොරෝනා වසංගතයට සම්බන්ධ වංචාවන්

2020 වසරේදී කොරෝනා වසංගතයට සම්බන්ධ වංචාවන් වලට ඔස්ට්‍රේලියානුවාසීන් 5,000 කට අධික සංඛ්‍යාවක් හසුවූ ඇති බව වාර්තා වේ.

කොරෝනා වයිරසයට මිනිසුන් දක්වන බිය ප්‍රයෝජනයට ගනිමින් වංචාකරුවන් මෙලෙස ජනතාව රවටා ඇති බව හෙළිවී තිබේ.

කොරෝනා ආසාදිතයින් සහ ඔවුන් සමග ගැවසුණු ආශ්‍රිතයින් සොයා යන මෙහෙයුම් වලදී සහ ඔවුන්ව නිරෝධායනය කිරීමේදී Contact tracers ලා QR code scan කිරීමේ තාක්ෂණය උපයෝගී කරගනී.

අප අපගේ ඩිජිටල් දත්ත තබන්නේ කොහේදැයි අප නොදන්නේ නම්, අප අවදානමකට නිරාවරණය විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

වානිජමය හෝ පුද්ගලික හිමිකාරිත්වයක් ඇති QR applications පිළිබඳ කතා කිරීමේදී ඒවා වෙත ලබාගන්නා දත්ත වැරදි පුද්ගලයින් අතට පත්වීම වැළැක්වීම සඳහා ඇත්තේ සුළු නියාමනයක් බව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ සයිබර් ආරක්ෂණය පිළිබඳ විශේෂඥ Kate Carruthers, SBS පුවත් වෙත පැවසුවාය.

"සෑම සමාගමක්ම තමන්ගේ නීති රීති වලට අනුව තොරතුරු වල රහස්‍යභාවය පිළිබඳ නීතිවලට යටත් වේ, නමුත් මෙම සමාගම් බොහොමයක් අපගේ නීති වලට අයත් නොවීම ගැටළුවක්. ඒ නිසා ඔවුන් සිටින්නේ කොහේදැයි ඔබ දන්නේ නැහැ" යනුවෙන් ඇය පැවසුවාය.

"ඔවුන්ට ඔබේ දත්ත වලට ඕනෑම දෙයක් කළ හැකියි. ලෝකයේ ඕනෑම තැනක ඔවුන් සිටීමට පුළුවන්. ඔවුන් කවුද හා කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ඔබට කිසිදු අදහසක් නැහැ" යනුවෙන් Kate Carruthers වැඩිදුරටත් පැහැදිලි කළාය.
Scam Alert
Source: Getty Images/Adranik Hakobyan

COVID-19 වංචා නිසා $6,280,000 ක් පමණ පාඩු

පුද්ගලික හා මූල්‍ය තොරතුරු සොරකම් කිරීම සඳහා නිර්මාණය කර ඇති malicious link සමඟ බොහෝ විට කෙටි පණිවුඩ හරහා රජයේ ආයතන ලෙස පෙනී සිටීමෙන් වංචාකරුවන් මෙම තාක්ෂණයන් උපයෝගී කර ගනිමින් සිටින බව ACCC ය පවසයි.

2020 වසරේදී පමණක් COVID-19 හා සම්බන්ධ වංචාවන් 5000 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ පැමිණිලි ලැබුණු බවත් ඒ හරහා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් 6,280,000 ක පමණ මුදලක් පාඩු සිදුවී ඇති බවත් වාර්තා වේ.

COVID-19 ආශ්‍රිත වංචාවන් බොහෝ දුරට පදනම් වී ඇත්තේ මූල්‍ය ආධාර දීමනා හෝ වංචනික ලෙස කොරෝනා ආශ්‍රිතයින් ලුහුබැඳීමේ ඇමතුම් මත බව ACCC හි නියෝජ්‍ය සභාපතිනී Delia Rickard පැවසුවාය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


"අදාළ වංචාකරුවන් තමන් රජයේ නියෝජිතයින් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් ජනතාවගේ මුල්‍ය ආධාරවලට සහ පුද්ගලික තොරතුරු වලට පිවිසීමට උත්සහ දරා තිබේ. ඇතැම් අවස්ථා වල ඔබ සිටින්නේ කොරෝනා වයිරසය පැතිරී යන අවදානම් කලාපයක බව කියා ඔබගේ පුද්ගලික විස්තර ඉල්ලා ගැනීමටද එම වංචාකරුවන් උත්සුක වෙයි." යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

එනිසා සනාථ කරගන්නා තෙක් කිසිවෙකුට තමන්ගේ පුද්ගලික තොරතුරු හෝ මුල්‍ය තොරතුරු ලබා නොදෙන ලෙස ද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

එවැනි ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් පැමිණේ නම් ඒවාට පිළිතුරු නොදී අදාළ ආයතනය සෘජුව අමතන ලෙසද ඇය මෙහිදී උපදෙස් දුන්නාය.

"රජය ඔබ ඇමතූ විට ඔවුන් ඔබගෙන් පෞද්ගලික තොරතුරු රාශියක් ඉල්ලා නොසිටිනු ඇත. ඔවුන් ක්‍රෙඩිට් කාඩ්පත් අංක, බැංකු ගිණුම් විස්තර ඉල්ලා සිටින්නේ ද නැත." යනුවෙන් ACCC හි නියෝජ්‍ය සභාපතිනී Delia Rickard පැවසුවාය.
check in mandatory for NSW
Source: AAP Image/Vyacheslav Prokofyev/TASS/Sipa USA

QR codes හා සම්බන්ධ වංචා

2020 වසරේදී QR codes හා සම්බන්ධ වංචා 28 ක් වාර්තා වී ඇති අතර ඒ හරහා මිනිසුන්ට සිදුවී ඇති පාඩුව ඩොලර් ලක්ෂයකට අධිකය.

මෙවැනි QR codes හා සම්බන්ධ වංචා වලින් ජනතාව මුදවා ගැනීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ හැර ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත හා ටෙරිටරි වලට තමන්ගේ ම QR code APP එකක් ඇත.

2021 ජනවාරි 01 සිට තම ප්‍රාන්තයේ සියලුම ආයතන හා ව්‍යාපාර තම ප්‍රාන්ත රජයේ QR code APP එක භාවිතා කළ යුතු බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පවසා ඇත.

Share
Published 31 December 2020 2:55pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends