ඊසාන දිග පර්ත් කලාපයේ ඇතිවී ඇති දරුණු ලැව් ගිනි හේතුවෙන් මේ වන විට විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 81 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම ගිනි නිවීම සඳහා ගිනි නිවන භටයින් 5 වන දිනටත් උත්සහ දැරූ අතර තද සුළං මගින් මගින් එම උත්සාහය ව්‍යර්ථ විය.
මෙම ලැව් ගින්න Perth Hills කලාපයේ වැසියන්ට දිගින් දිගටම බලපා ඇති අතර තමන්ගේ නිවෙස්වලට සිදුවී ඇති හානිය පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ නැවත පැමිණීම ද වළක්වා තිබේ.
දැනට ඇති තත්වයන් පාලනය කිරීම ඉතා අපහසු වන බව ගිනි හා හදිසි සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් Craig Waters පැවසීය.