මව් රටට යාමට නොහැකිව සිටින සහ වීසා අවසන් වීමට ආසන්නව සිටින තාවකාලික සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව අමතන්න : ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය (SBS සිංහල/ වාර්තා)

Temporary migrants stranded and facing expiring visas told to contact immigration officials

Source: SBS

තමන්ගේ වීසා අවසන් වීම සම්බන්ධයෙන් ගැටළු වලට මුහුණ පා සිටින ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව අමතන ලෙස මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge පවසයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


එමෙන්ම වීසා අවසන් වූ සහ අවසන් වීමට ඉතා ආසන්න එමෙන්ම තම මවු රටට යාමට අවශ්‍ය නමුත් යාමට නොහැකි තාවකාලික සංක්‍රමණිකයින් සිටී නම් ඔවුන්ටද ආගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව අමතන ලෙස ඔහු දැනුම් දෙයි.
Acting Minister for Immigration Alan Tudge.
Acting Minister for Immigration Alan Tudge Source: AAP

වීසා අවසන් වන තාවකාලික සංක්‍රමණිකයින්

ඔස්ට්‍රේලියානු වීසාවක් අවසන් වූ පසුවත් ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීම නීත්‍යානුකූල නොවන අතර එය බරපතල වරදකි.

කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ තාවකාලික සංක්‍රමණිකයින් වීසා ගැටළු වලට මුහුණ පා සිටින බව පසුගිය සති කිහිපය පුරාවටම ඇසෙමින් පවතින පුවතකි.
කොරෝනා වසංගතය හමුවේ ආර්ථික වශයෙන් බරපතල ගැටළු වලට මුහුණ පා සිටින තාවකාලික සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට ආර්ථිකමය වශයෙන් ශක්තියක් නැතිනම් තම රටවලට යාමට අවස්ථාව ඇති බව පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය ස්කොට් මොරිසන් පැවසුවේය.

නමුත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය ඇතුළු රටවල් ගණනාවකම කොරෝනා වසංගතය නිසා සිය දේශ සීමා වසා දමා ඇති බැවින් එම රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණි තාවකාලික සංක්‍රමණිකයින් හට නැවත මෙවේලෙහි සිය මව් රටවල් බලා යාමට නොහැකි තත්ත්වයක් පවතී.
Coronavirus
Source: SBS
අනෙක් අතින් ලොව බහුතරයක් ජාත්‍යන්තර ගුවන් සේවා මෙවේලෙහි අක්‍රිය කර ඇති නිසා දේශ සීමා විවෘතව පවතින රටවලට වුවද යාමට ඔස්ට්‍රේලියාවේ සිටින තාවකාලික සංක්‍රමණිකයින් හට නොහැකි වී තිබේ.

මෙම ගැටළු වලට මුහුණ දී සිටින යම් තාවකාලික සංක්‍රමණිකයෙකුගේ ඔස්ට්‍රේලියානු වීසා අවසන් වීමට ආසන්න නම් ඔවුන් හැකි ඉක්මණින් ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව ඇමතිය යුතු බව ආගමන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge පවසයි.
Australian Visa
Source: SBS

තාවකාලික සංක්‍රමණිකයින්ව අතරමං නොකිරීමට පියවර ගන්න

ජාත්‍යන්තර ගුවන් සේවා අක්‍රිය වීම සහ බොහෝ රටවල දේශ සීමා වසා දැමීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු වීසා අවසන් වන තාවකාලික සංක්‍රමණිකයින්ව අතරමං නොකරන ලෙස Federation of Ethnic’ Communities Councils of Australia හෙවත් FECCA සංවිධානය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.

එවැනි තාවකාලික සංක්‍රමණිකයින් හට තම මව් රටවලට යාමට අවශ්‍ය නම් එම කටයුතු සඳහා සහයෝගය ලබා දී ඔවුන්ව ආරක්ෂාකාරී ලෙස සිය මව් රටවල් කරා යාමට ඉඩ සලසන මෙන් ECCA සංවිධානය මධ්‍යම රජයෙන් ඉල්ලයි.
මේ වන විට දේශ සීමා වසා දමා ඇති ඉන්දියාව සහ නේපාලය වැනි රටවල් සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඒ පිළිබඳව ඉතා සමීපව කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge පවසයි.

ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට ආර්ථිකමය වශයෙන් ශක්තියක් නොමැති තාවකාලික සංක්‍රමණිකයින් සිටීනම් ඔවුන්ට තම මව් රටවලට යන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සිදුකළ ප්‍රකාශයට අනුව මේ වන විට දහස් ගණනක් තාවකාලික සංක්‍රමණිකයින් සිය මව් රටවල් බලා යාමට සූදානම් වෙමින් සිටින බවද අමාත්‍යවරයා පවසයි.
Prime Minister Scott Morrison
Prime Minister Scott Morrison Source: AAP

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් ඇතුළු තාවකාලික සංක්‍රමණිකයින් පත්වී ඇති වත්මන් අර්බුදය

කොරෝන වසංගතය හමුවේ ආර්ථික වශයෙන් ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට අපහසු ජාත්‍යන්තර සිසුන් ඇතුළු තාවකාලික සංක්‍රමණිකයින්ට නැවත තම මව් රටවලට යාමට හැකි බව පසුගිය මාසයේ දී ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පැවසුවේය.

මෙම ප්‍රකාශය මහත්වූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වූ අතර තාවකාලික සංක්‍රමණිකයින් සහ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ගෙන් බහුතරයක් මේ හේතුවෙන් දැඩි කම්පනයකට පත්වී ඇති බව වාර්තා වේ.
කොරෝන වසංගතය හේතුවෙන් රැකියා සහ අහිමිවූ ඔස්ට්‍රේලියානුවාසීන් අතර තාවකාලික සංක්‍රමණිකයින් සහ  ජාත්‍යන්තර සිසුන් ද ප්‍රධාන ස්ථානයක් ගනී.

ඒ අනුව මධ්‍යම රජයෙන් ලබාදෙන වැටුප් සහන හෝ යම් සුබ සාධන දීමනාවක් තාවකාලික සංක්‍රමණිකයින් හට මෙන්ම  ජාත්‍යන්තර සිසුන් හටද ලබාදෙන මෙන් ඉල්ලීම් රාශියක් මධ්‍යම රජයට ලැබෙන්නට විය.

නමුත් මෙවේලෙහි තාවකාලික සංක්‍රමණිකයින් සහ ජාත්‍යන්තර සිසුන් සිටින්නේ තාවකාලික වීසා ඛාණ්ඩ වල බැවින් මධ්‍යම රජයට ඔවුන්ට උදව් කිරීමට අවස්ථාවක් නොමැති බවත් ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට මෙවේලෙහි රජයේ ප්‍රමුඛමත්වය ලැබෙන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
Migrants
Source: Pixabay

තාවකාලික වීසා හිමියන්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලබාදෙන සහන

මේ වන විට ඔස්ට්‍රේලියාවේ මිලියන 2.17 ක් පමණ තාවකාලික වීසා හිමියන් ඔස්ට්‍රේලියාව තුළ සිටින බව වාර්තා වේ.

ඒ අනුව රැකියා කිරීමට හිමිකම් ඇති ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන්ට තම superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට හැකියාව පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියානු සමාජයට සහ ආර්ථිකයට තාවකාලික වීසා හිමියන් ඉතා වැදගත් බවත් එනිසාම මෙම අර්බුදකාරී තත්ත්වයේදී ඔවුන්ට මෙම අවස්ථාව ලබා දීමට මධ්‍යම රජය තීරණය කළ බවත් වැඩබලන ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alan Tudge පැවසීය.
Coronavirus
Source: SBS
මේ අතර පවතින කොරෝනා වසංගතය හමුවේ අත්‍යවශ්‍යම සේවා ලෙස හඳුනාගෙන ඇති සෞඛ්‍ය, වැඩිහිටි සුරැකුම්, ආබධිත සේවා, කෘෂිකාර්මික සහ ආහාර සැකසුම් වැනි ක්ෂේත්‍ර වල මෙහෙයුම් බාධාවකින් තොරව නොකඩවා ක්‍රියාත්මක කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍ර වල නියුතු තාවකාලික වීසා හිමියන්ගෙන් වීසා කොන්දේසි සංශෝධනය කිරීමටද මධ්‍යම රජය අවධානය යොමු කර ඇති බව වැඩබලන ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alan Tudge පැවසීය.

මේ අතර මේ වන විට සුපිරි වෙළෙඳසල් වල මෙන්ම වැඩිහිටි සුරැකුම් හා හෙද ක්ෂේත්‍ර වල සේවයේ නියුතු ජාත්‍යන්තර සිසුන්ට දෙසතියකට නියම කර ඇති පැය 40 සීමාව ඉක්මවා වැඩ කළ හැකි බවටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට පවසා තිබේ.

නමුත් සුපිරි වෙළෙඳසල් වල සේවයේ නියුතු ජාත්‍යන්තර සිසුන්ට මෙම ලිහිල් කිරීම මැයි 01 වන දින දක්වා පමණක් ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.
SBS Sinhalese
Source: SBS Sinhala

Share
Published 16 April 2020 10:10am
Updated 12 August 2022 3:19pm
By Madhura Seneviratne, Tom Stayner
Source: SBS News

Share this with family and friends