විශාල ප්‍රමාණයක skilled visa nomination applications හෙවත් නිපුණතා වීසා නිර්දේශිත අයදුම්පත් ලැබීම හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අංශයේ [Information and Communications Technology (ICT)] රැකියා තනතුරු සඳහා අයදුම් පත්‍ර බාරගැනීම 2017 වසරේ ජුනි මස 30 වන දින තෙක් තාවකාලිකව නවතා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
ඒ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අංශයේ පහත තනතුරු සඳහා අයදුම් කිරීමට ලබන ජුනි 30 වන දින දක්වා නොහැකි වනු ඇත.
- 135112 ICT Project Manager
- 261111 ICT Business Analyst
- 261112 Systems Analyst
- 261311 Analyst Programmer
- 261312 Developer Programmer
- 261313 Software Engineer
- 261314 Software Tester
- 261399 Software and Applications Programmers nec
- 262111 Database Administrator
- 262112 ICT Security Specialist
- 263111 Computer Network and Systems Engineer
මෙම තාවකාලික විරාමයේදී මේ වන විට ඉතිරිව තිබෙන අයදුම්පත් සියල්ල සලකා බැලීමට නියමිත අතර අනාගත අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර සලකාබැලීම ප්‍රමාද වීමද මෙයින් වැළකෙන බව බලධාරීන් පවසයි.
මේ වන විට සළකා බලෙන සියලු අයදුම්පත්‍ර වත්මන් නිර්දේශයන්ට අනුව සළකා බැලෙන බවත් ඒවායේ ප්‍රතිපල යථා කාලයේදී දැනුම් දෙන බවත් පැවසේ.
වික්ටෝරියානු රජයේ වීසා නිර්දේශ සඳහා සුදුසුකම් ලැබූ අනෙකුත් වෘත්තීන් සඳහා අයදුම්පත්‍ර බාරගැනීම සුපුරුදු පරිදි සිදු කෙරෙන බවද වාර්තා වේ.
මේ අතර streamlined ක්‍රමය යටතේ ක්‍රියාත්මක ආචාර්ය උපාධි සහ 457 වීසා වැඩසටහන් සඳහා මෙම තාවකාලික වසා දැමීම බල නොපැවැත්වෙන බවත් ඔවුන් හට ඉහත සඳහන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අංශයේ තනතුරු සඳහා අයදුම් කිරීමට හැකි බවත් සඳහන්.
ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත වලට මෙම තත්ත්වය අදාළ නොවන බවද සඳහන් කළ යුතුය.
*************************************************************************************************
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
***************************************************************************************************