ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල පහසුකම් අත් විඳින අතෘප්තිමත්ම පාරිභෝගිකයින් Telstra සහ Dodo පාරිභෝගිකයින් බව හෙළිවේ.

Internet Satisfaction

Source: SBS

සෑම ඔස්ට්‍රේලියනුවන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම තමන්ගේ අන්තර් ජාල සම්බන්ධතාව ඉතා මන්දගාමී බවත් එය අහෝසි කිරීමට අපේක්ෂා කරන බවත් හෙළිවී ඇත.

ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල පහසුකම් සහ එහි පාරිභෝගිකයින් අළලා කෙරුණු නවතම Choice සමීක්ෂණයෙන් මේ බව හෙළිවී තිබේ.

එහිදී බහුතරයක් පාරිභෝගිකයින් තමන්ගේ අන්තර් ජාල සම්බන්ධතා ඉතා මන්දගාමී බවටත්, හිටි අඩියේම විසන්ධි වන බවටත්, සම්බන්ධතාවෙහි ගැටළු පවතින බවටත් මැසිවිලි නැගුවේය.

Telstra සහ Dodo පාරිභෝගිකයින්, ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල පහසුකම් අත් විඳින අතෘප්තිමත්ම පාරිභෝගිකයින් බවද එහිදී හෙළිවී ඇත.
Internet Stisfaction
Source: ABC Australia

Share
Published 7 July 2017 11:15pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends