පසුගිය 80 වසරක කාලය තුළ උෂ්ණත්වය අධිකම දිනය ඊයේ සිඩ්නි නුවර අත්විඳි බව වාර්තා වේ.
සිඩ්නි නුවර Penrith ප්රදේශයේ උෂ්ණත්වය ඊයේ දිනයේදී සෙල්සියස් අංශක 47.3 ක් වූ බවද එය එම කලාපයෙන් මෙවර වාර්තා වූ ඉහළම උෂ්ණත්වය බවද සඳහන්.
සිඩ්නි නුවර උෂ්ණත්වය මෙලෙසඉහළම අගයක් ගනු ලැබුවේ ඊයේ පස්වරු 3 ට පමණ බවද වාර්තා වේ.
මේ අතර ඊයේ පස්වරු 2.30 න් පසුව Richmond ප්රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46.3 ක් ලෙස ද Bankstown ප්රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ක් ලෙසද සටහන් වී ඇත.