ඔස්ට්‍රේලියානු වීසා වලට ව්‍යාජ තොරතුරු දුන්නොත් වසර 10 කට ඔස්ට්‍රේලියාව තහනම්. (SBS සිංහල/වාර්තා)

සාවද්‍ය ප්‍රකාශ, යම් තොරතුරු ඉවත් කිරීම් හෝ සැඟවීම් හෝ සාවද්‍ය බැංකු ගිණුම් තොරතුරු, ව්‍යාජ රැකියා පළපුරුද්ද, ව්‍යාජ IELTS ඉංග්‍රීසි ප්‍රතිඵල වැනි දෑ මෙම තහනමට මුහුණ පෑමට බලපාන ප්‍රධාන සාධක වේ.

Australian Visa Banned 10 years

Source: SBS

කුමන අන්දමේ ඔස්ට්‍රේලියානු වීසා වර්ගයකට අයදුම් කිරීමේදී අදාළ අයදුම්කරුවන් ව්‍යාජ තොරතුරු හෝ ව්‍යාජ ලිපි ලේඛන සමග තම වීසා අයදුම්පත යොමු කර එය ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තෙම්න්තුවට හසුවුවහොත් අදාළ අයදුම්කරුට වසර 10 ක් යන තෙක් නැවත කිසිදු ඔස්ට්‍රේලියානු  වීසා වර්ගයකට අයදුම් කිරීමට නොහැකි වන සේ තහනමක් පැනවීමට නව නීතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව දැනුවත්ව හෝ නොදැනුවත්ව එක් කුඩා වැරද්දක් ඔස්සේ හෝ ඉහත ආකාරයේ වැරදි තොරතුරක් වීසා අයදුම්පතේ සඳහන් කළ හොත් නව නීතිය යටතේ මෙම වසර දහයේ තහනම පැනවෙනු ඇත.
මෙම වරදට මෙම මාසය වන තෙක්ම පැවතියේ මාස 12 ක තහනම් කාලයක් පමණි.

සාවද්‍ය ප්‍රකාශ, යම් තොරතුරු ඉවත් කිරීම් හෝ සැඟවීම් හෝ සාවද්‍ය බැංකු ගිණුම් තොරතුරු, ව්‍යාජ රැකියා පළපුරුද්ද, ව්‍යාජ IELTS ඉංග්‍රීසි ප්‍රතිඵල වැනි දෑ මෙම තහනමට මුහුණ පෑමට බලපාන ප්‍රධාන සාධක වේ.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න... SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhalese
“මෙම නව නීතිය යටතේ තහනමට ලක් කෙරෙන අයදුම්කරුවන්ට ඉතා බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවන බව නියත වශයෙන්ම පෙනෙනවා. එලෙස වසර 10 ක වැනි දිගු කාලයකට තනමකට ලක්වූ විට එම අයදුම්කරුවන්ට වසර 10 කින් පසුව නැවත රට තුළට ඒමට අපහසු තත්ත්වයක් උදා වෙනවා.” යනුවෙන් සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආගමන නීතිය පිළිබඳ විශේෂඥ Mary Crock පැවසුවාය.
පසුගිය නොවැම්බර් 18 වන දින සිට යොමු කෙරුණු වීසා අයදුම්පත් වල හිමිකරුවන්ගේ පසුගිය වසර 10 තුළ යොමු කෙරුණු වීසා අයදුම්පත්වල යම් සාවද්‍ය හෝ ව්‍යාජ තොරතුරක් හසුවුවහොත් අදාළ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කෙරෙන අතර ඔහුට හෝ ඇයට ඉහත කී වසර 10 ක තහනම පැනවෙනු ඇත.
ශිෂ්‍ය වීසා, පවුල් වීසා, නිපුනතා සංක්‍රමණික වීසා වර්ග වැනි වීසා වර්ග ගණනාවක් සඳහා මෙම නව නීතිය බලපානු ඇත.

මේ අයුරින් වසර 10 ක තහනම් කාලයක් තීරණය කරනු ලැබුවේ ව්‍යාජ තොරතුරු සමග වීසා සඳහා අයදුම් කරන ඇතැම් අයදුම්කරුවන් යම් හෙයකින් හසුවූ විට ඔවුන්ට වසරක තහනමක් පැනවීමෙන් පසුව නැවත අයදුම් කිරීමට ඇති හැකියාවට තිත තැබීමක් වශයෙන් බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

නව නීතියට ග්‍රීන්ස් පක්ෂය විරුද්ධ වෙයි.

මෙම නව නීතිය සංක්‍රමණික ප්‍රජාවට දැඩි අහිතකර ප්‍රතිඵල උදා කර දෙන බවත් මෙය බොහෝ අයදුම්කරුවන්ට අසාධාරණයක් ගෙන දෙන බවත් ග්‍රීන්ස් පක්ෂය පවසයි.

ඒ අනුව මෙම නව නීතිය පරාජයට පත් කිරීමට මේ වසර අවසානයේ පැවැත්වෙන අවසන් පාර්ලිමේන්තු සැසියේදී තම පක්ෂය පූර්ණ සහයෝගය ලබා දෙන බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Nick McKim, SBS පුවත් සේවයට පැවසීය.
10 year Australian Visa Banned
Greens Senator Nick McKim. Source: AAP

හොඳද ? නරකද ?

වීසා සම්බන්ධව සාවද්‍ය තොරතුරක් හසුවුවහොත් ඔවුන්ගේ වසර 10 ක අතීත වීසා අයදුම්පත් පිරික්සා බැලීම සාධරණ බවත් එමගින් ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතියේ විශ්වාසවන්ත බව සුරැකෙන බවත් ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

සියලුම වීසා අයදුම්කරුවන්, ඔවුන්ගේ සංක්‍රමණික නියෝජිතයින් හෝ ඒජන්තවරුන් ට මෙහිදී විශාල වගකීමක් ඇති බවද දෙපාර්තමේන්තුව පවසයි.

සෑම විටම නිරවද්‍ය තොරතුරු තම වීසා අයදුම්පත් සමග යොමු කිරීමට සියලු අයදුම්කරුවන් වගබලාගත යුතු බව ද දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත්, යම් හෙයකින් තම වීසා අයදුම්පත වැරදි තොරතුරු මත ප්‍රතික්ෂේප වුවහොත් අදාළ අයදුම්කරුවන්ට ඒ සඳහා පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමටද අවස්තාව සැලසෙන බව වාර්තා වේ.

SBS පුවත් ඇසුරෙනි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 26 November 2017 11:12pm
Updated 12 August 2022 3:54pm
By Madhura Seneviratne, Leesha McKenny


Share this with family and friends