හදිසි ආපදා තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ විපත පත් වූවන්ට අවශ්‍ය ඕනෑම මොහොතක දී සහාය දැක්වීමට හා ආධාර ලබා දීමට තම රජය සූදානමින් සිටින බව ඔස්ට්‍රේලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය ඊයේ (28/05) ප්‍රකාශ කළාය.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත පණිවිඩයක් යවමින් ඇය මේ බව දන්වා ඇති බව වාර්තා වේ.
එසේම මෙම ආපදා තත්ත්වයෙන් ජීවිතක්ෂයට හා විපතට පත්වූවන් ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරන බවද ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පවසා ඇත.