නීතිවිරෝධී ලෙස යාත්‍රා මගින් ඔස්ටේ්රලියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ (26/06) යළි ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට ඔස්ට්‍රේලියානු ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇතැයි “The Australian” පුවත්පත වාර්තා කළේය.
ඔස්ටේ්රයාවේ ක්‍රිස්මස් දූපතේ රඳවා සිටි ලාංකිකයින් පිරිසක් මෙලෙස පිටුවහල් කළ බව එහි වැඩි දුරටත් සඳහන්.
ඔස්ට්‍රේලියානු ආගමන විගමන දොපාර්තමේන්තුව විසින් විශේෂයෙන්ම වෙන් කරවා ගත් ගුවන් යානයකින් මෙම පිරිස ආරක්ෂක රැකවල් මධ්‍යයේ ශ්‍රී ලංකාවට එවා ඇතැයි ද වාර්තා වේ.
මෙම ලාංකික සරණාගතයින් මීට මාසයකට පෙර බෝට්ටු මඟින් නීතිවිරෝධී ආකාරයෙන් ඔස්ටේ්රලියාව වෙත පැමිණි පිරිසකි.