එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේ පසුගිය මාර්තු මස 23 දින ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාවේ සංහිඳියාව , වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය නැමති යෝජනාව සම්මත කර ගැනීම පිණිස සහය දැක්වූ සියලු රටවලට ශ්‍රී ලංකා රජය සිය ප්‍රණාමය පුද කර සිටියි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ස්තුතිය පළ කර තිබේ.
සියලු ලාංකීකයන් වෙත සාමය හා සෞභාග්‍ය ළගාකර දීම සඳහා ශ්‍රී ලංකාවේ සංහිඳියාව ,යුක්තිය හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය පිළිබදව දැක්වූ අවබෝධය අගය කොට සලකන බවද මෙහි දක්වා තිබේ.