ජාත්‍යන්තර හා දේශීය ගුවන් මගීන් ට ඔස්ට්‍රේලියාව නව සංචාරක නීති පනවන අතරේ Greater Brisbane කලාපය දින 3 කට lockdown කෙරේ (SBS සිංහල/ වාර්තා)

Melbourne Airport

Source: AAP

කැන්බරා නුවර දී අද (08/01) පෙරවරුවේ පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී නව ජාත්‍යන්තර හා දේශීය සංචාරක නීති පැනවීමට තීරණය කෙරුණි.

එක්සත් රාජධානියේ පැතිරී යන COVID-19 වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ඇතිවන තර්ජනයට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පැවසුවේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


නව ජාත්‍යන්තර හා දේශීය සංචාරක නීති

විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින් එරටින් පිටවීමට පෙර COVID-19 පරීක්ෂාවක් සිදුකරගත යුතු අතර එහි ප්‍රතිඵලය negative ප්‍රතිඵලයක් විය යුතුය.

Positive ප්‍රතිඵලයක් හිමි මගීන් හට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර නොදෙන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් වලදී සහ ඔස්ට්‍රේලියාව තුළ ගමන් කරනා සියලුම දේශීය ගුවන් ගමන් වලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව ද අද (08/01) ප්‍රකාශ කෙරිණි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ සියලුම ගුවන් තොටුපොළ වලදී ද මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව අගමැති මොරිසන් පැවසීය.

වයස අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා මුව ආවරණ පැළඳීමමේ නීතිය අදාළ නොවේ.

එක්සත් රාජධානියේ පැතිරී යන COVID-19 වයිරසයේ නව ප්‍රභේදය මුල් කොරෝනා වයිරසයට වඩා අතිශය වෙනස් බවත් එනිසා අප දිගින් දිගටම එයට එරෙහිව සටන් කරන ආකාරයට අනුවර්තනය විය යුතු බවත් අගමැතිවරයා පැහැදිලි කළේය.
National Cabinet will meet again.
Source: AAP

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් මගීන් ගේ සංඛ්‍යාව අඩකින් කප්පාදු කෙරේ

එළඹෙන පෙබරවාරි 15 තෙක් නිව් සවුත් වේල්ස්, බටහිර ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත යන ප්‍රාන්ත වලට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් මගීන් ගේ සංඛ්‍යාව අඩකින් කප්පාදු කිරීමටද අද (08/01) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.

ඒ අනුව අදාළ ප්‍රාන්ත වලට සතියකදී බාරගන්නා ජාත්‍යන්තර ගුවන් මගීන් ගේ සංඛ්‍යාව පහත පරිදි වේ.

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 1,505
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 512
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 500
මේ අතර දෙවැනි කොරෝනා රැල්ලෙන් අනතුරුව වික්ටෝරියානු ප්‍රාන්තයට බාරගන්නා ජාත්‍යන්තර ගුවන් මගීන් ගේ සංඛ්‍යාව ද අඩකින් කප්පාදු කෙරුණි.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ එම ප්‍රමාණය සතියකට 490 කි.

ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමට ලියාපදිංචි වී ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් 80% ක්ම මේ වන විට රැදී සිටින්නේ COVID-19 වයිරසයේ නව ප්‍රභේදය පැතිරී ඇති රටවල බව ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් හෙළිදරව් කළේය.
Passengers wear face masks at the International Airport in Brisbane
Passengers wear face masks at the International Airport in Brisbane Source: AAP

Greater Brisbane කලාපය දින 3 කට lockdown කෙරේ

අද (08/01) පස්වරු 6 සිට Greater Brisbane කලාපය දින 3 කට lockdown කෙරේ.

එක්සත් රාජධානියේ පැතිරී යන නව COVID-19 ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ ප්‍රජාව තුළින් හමුවූ පළමු අවස්ථාව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවට පැමිණි විදෙස්ගතව සිටි පුද්ගලයින්ව නිරෝධායනය කරමින් සිටින බ්‍රිස්බේන් නුවර හෝටලයක සේවය කරන පිරිසිදු කිරීමේ සේවකයකු හට මෙම නව වයිරස ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව Brisbane, Logan, Ipswich, Moreton Bay සහ Redlands නගර සභා කලාප වල වැසියන් හට අද (08/01) පස්වරු 6 සිට එළඹෙන සඳුදා දක්වා නිවසේම සිටීමේ නීති බලපානු ඇත.

නමුත් අත්‍යවශ්‍ය සේවා, ව්‍යායාම්, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීම් හා සෞඛ්‍ය සේවා ලබා ගැනීම් සඳහා එම කලාප වල ජනතාවට නිවසින් බැහැරවීමට අවසර ලැබේ.

Greater Brisbane කලාපයේ වැසියන් නිවසින් බැහැරව යාමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

අවන්හල්, ආපන ශාලා සහ pubs  take-away සේවා සඳහා පමණක් විවෘත කෙරේ.

එමෙන්ම අවමංගල උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 20 කට සීමා කර ඇති අතර විවාහ මංගල උත්සව සඳහා සහභගී විය හැකි උපරිම පිරිස 10 කි.

lockdown කාල සමයේදී අනෙක් ප්‍රදේශ වල වැසියන්ට Greater Brisbane කලාපයට ඇතුළුවිය හැකි නමුත් ඔවුන්ද Greater Brisbane කලාපයේ lockdown නීති වලට යටත් විය යුතු වේ.

Share
Published 8 January 2021 4:26pm
Updated 12 August 2022 3:10pm
By Tom Stayner, Madhura Seneviratne


Share this with family and friends