ඔස්ට්‍රේලියානු මහ මැතිවරණ රාත්‍රිය Live Updates : කම්කරු පක්ෂය ජය තහවුරු කරයි, නව අගමැති Anthony Albanese

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ප්‍රතිඵල සහ සුවිශේෂී පුවත් ගෙන එන SBS සිංහල ගුවන් විදුලියේ විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශය.

Anthony Albanese claims victory while fighting back tears

Anthony Albanese will become the 31st Prime Minister of Australia. Source: AAP

Update @ 11.50 pm

කම්කරු පක්ෂය ජය තහවුරු කරයි, ඔස්ට්‍රේලියාවේ නව අගමැති Anthony Albanese

2022 ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ බව කම්කරු පක්ෂ නායක Anthony Albanese මීට සුළු මොහොතකට පෙර සිඩ්නි නුවර සිය ආධාරකරුවන් අමතා පැවසුවේය.

ඔස්ට්‍රේලියාවේ මීළඟ අගමැතිවරයා ලෙස කම්කරු පක්ෂ නායක Anthony Albanese පත් වනු ඇත.

ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියාවේ 31 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.

කම්කරු පක්ෂයට ලබා දුන් මෙම අසාමාන්‍ය ගෞරවය වෙනුවෙන් ඔහු ඔස්ට්‍රේලියානුවන්ට සිය ස්තුතිය පළ කර සිටියේය.

ඔස්ට්‍රේලියානු ජනතාව වෙනසක් සඳහා ඡන්දය ලබාදී ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.
Update @ 11.30 pm

නික්ම යන ඔස්ට්‍රේලියානු අගමැතිට බිරිඳගෙන් උණුසුම් වැළඳ ගැනීමක්

ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සිඩ්නි නුවර ලිබරල් පක්ෂ ආධාරකරුවන් අමතා මැතිවරණයේ පරාජය බාරගනිමින් සිටියදී ඔහුගේ බිරිඳ Jenny විසින් ඔහුව වැළඳ ගන්නා ලදී.
Australian Prime Minister Scott Morrison is embraced by his wife Jenny as he addresses a Liberal Party function in Sydney,
Australian Prime Minister Scott Morrison is embraced by his wife Jenny as he addresses a Liberal Party function in Sydney, Source: AP Photo/Mark Baker
Update @ 11.15 pm

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනිය නව අගමැතිට සුබ පතයි

කම්කරු පක්ෂය ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk කම්කරු පක්ෂයේ නායක Anthony Albanese වෙත සිය සුබ පැතුම් එක් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන Albanese හට ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සුබ පතා ඇත.

සියලුම ක්වීන්ස්ලන්ත වැසියන්ගේ අවශ්‍යතා සඳහා නව අගමැතිවරයා සමඟ කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඇය එහි සඳහන් කර තිබේ.
Update @ 11.00 pm

Morrison පරාජය පිළිගනී, නව අගමැති වීමට යන Anthony Albanese වෙත සුබ පතයි

ඔස්ට්‍රේලියානු අගමැති සහ ලිබරල් සන්ධානයේ නායක Scott Morrison පරාජය පිළිගන්නා බව පවසයි.

මේ වන විට තම පක්ෂ ආධාරකරුවන්ව අමතා ලිබරල් සන්ධානයේ පරාජය ඔහු බාරගෙන තිබේ.

කම්කරු පක්ෂය සහ ස්වාධීන පක්ෂ ලිබරල් සන්ධානය පරාජය කරමින් ජයග්‍රහණ ලබා ගන්නා බැවින් ඔහු එලෙස පරාජය පිළිගෙන තිබේ.

නව අගමැති වීමට යන කම්කරු පක්ෂ නායක Anthony Albanese හට ඔහු සුබ පතයි.

මේ අතර නව නායකත්වයක් යටතේ ලිබරල් පක්ෂය ඉදිරියට ගෙන යා හැකි බව සහතික කිරීම සඳහා ඊළඟ පක්ෂ රැස්වීමේදී ලිබරල් පක්ෂයේ නායකත්වය භාර දෙන බව Scott Morrison පැවසීය.
Scott Morrison concedes defeat, congratulates Anthony Albanese
Scott Morrison arrives to concede defeat at the Federal Liberal Reception during the at The Fullerton Hotel 2022 Federal Election, Sydney, Saturday, May 21, 202 Source: AAP Image/Dean Lewins
Update @ 10.45 pm

කම්කරු පක්ෂය ඉදරියෙන්, ලිබරල් සන්ධානයේ බලය ගිලිහෙයි

දැනට ලැබී ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී ආසනවලින් කම්කරු පක්ෂය සහ ලිබරල් සන්ධානය ලබා ඇති සංඛ්‍යාව පහත පරිදි වේ.
Projected seat distribution at 10.30pm on Saturday 21st May
Projected seat distribution at 10.30pm on Saturday 21st May Source: SBS News
Update @ 10.30 pm

හිටපු නීතිපතිගේ ආසනයත් කම්කරු පක්ෂයට

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ හිටපු නීතිපති Christian Porter බලය හිමිකරගෙන සිටි බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Pearce ආසනය මෙවර කම්කරු පක්ෂය ජයග්‍රහණය කරන අයුරු පෙනී යයි.

කම්කරු පක්ෂ අපේක්ෂිකා Tracey Roberts මනාප ඡන්ද 57.7% ක්ද ලිබරල් පක්ෂ අපේක්ෂිකා Linda Aitken මනාප ඡන්ද 42.3% ක්ද ලබා ගනු ඇතැයි පුරෝකතනය කරයි.

ලිබරල් පක්ෂ මන්ත්‍රී Christian Porter මෙම ආසනය වස 2013 සිට බලය හොබවමින් සිටියේය.
Labor makes gains in Christian Porter's old seat
Source: SBS News
Update @ 10.15 pm

භාණ්ඩාගාරික අමාත්‍ය Frydenberg සිය ආසනයේ බලය තබා ගැනීමට තැපැල් ඡන්දවල පිහිට පතයි

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg මෙල්බර්න් නුවර සිය Kooyong ආසනයේ බලය රඳවා ගැනීමට තවමත් ඉතා තියුණු සටනක් කරමින් සිටී.

තවමත් Kooyong ආසනයේ තැපැල් ඡන්ද ගණනය කිරීමට ඇති බැවින් ඔහු ඒවා පිළිබඳ විශ්වාසයෙන් සිටින බව සිය ආධාරකරුවන්ට Frydenberg රාත්‍රී 10 ට පමණ පවසා තිබේ.

දැනට ලැබී ඇති ප්‍රතිඵලවලට අනුව Kooyong ආසනයට තරග වදින Monique Ryan හට මනාප ඡන්ද 54.5% ක්ද Josh Frydenberg හට මනාප ඡන්ද 45.5% ක්ද හිමිව ඇතැයි සඳහන්.
Josh Frydenberg faces a' difficult' battle to retain Kooyong
Australian Treasurer Josh Frydenberg Source: AAP
Update @ 10.00 pm

ලිබරල් පක්ෂයට අහිමි වූ සෑම ආසනයකම ජය කාන්තා අපේක්ෂිකාවකට

"ලිබරල් පක්ෂයට අහිමි වූ සෑම ආසනයක්ම කාන්තා අපේක්ෂකයෙකුට අහිමි වූ අතර, එබැවින් අපට සැබෑ අභියෝගයක් තිඑබ්නවා." යනුවෙන් ලිබරල් පක්ෂයේ හිටපු සෙනට් සභික Simon Birmingham පවසා තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Goldstein ආසනයේ ජයග්‍රහණය ස්වාධීන අපේක්ෂිකා Zoe Daniel හිමි කරගැනීමට සමත් වුවාය.

ලිබරල් මන්ත්‍රී Tim Wilson ඇය අතින් පරාජයට පත් විය.

මේ වන විට උතුරු සිඩ්නි ආසනයට තරග වැදුණු ලිබරල් අපේක්ෂක Trent Zimmerman ට වඩා ස්වාධීන අපේක්ෂිකා Kylea Jane Tink ඉදිරියෙන් සිටින අතර වික්ටෝරියා ප්‍රාන්තයේ Kooyong ආසනයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg ට වඩා ඉදිරියෙන් ස්වාධීන අපේක්ෂිකා Monique Ryan ඉදිරියෙන් සිටියි.
Minister for Finance Simon Birmingham at a press conference at Parliament House in Canberra.
Minister for Finance Simon Birmingham at a press conference at Parliament House in Canberra. Source: AAP
Update @ 09.50 pm

Northern Territory හි Lingiari ආසනයේ බලය මෙවරත් කම්කරු පක්ෂයට

Northern Territory හි Lingiari ආසනයේ බලය මෙවරත් කම්කරු පක්ෂයට ලැබෙන බවට දැනට ඇති ප්‍රතිඵලවලින් පෙනී යයි.

කම්කරු පක්ෂය බලය දරන මෙම ආසනය නියෝජනය කරමින් දිගු කලක් සේවය කළ මන්ත්‍රී Warren Snowdon මෙවර විශ්‍රාම ගියේය.

ඔහු දශක දෙකකට වැඩි කාලයක් එම ආසනය නියෝජනය කර ඇත.

කම්කරු පක්ෂයේ මෙවර අපේක්ෂකයා හිටපු නියෝජ්‍ය මහ ඇමතිනි Marion Scrymgour ය. NT පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු ආදිවාසී කාන්තාව ඇයවේ.

මේ වන විට ඇය මනාප ඡන්ද 53% ක ප්‍රතිශතයක් ලබා ඇති බවත් ඇයගේ ප්‍රතිවාදියා වන ලිබරල් අපේක්ෂක Damien Ryan 46% ක මනාප ප්‍රතිශතයක් ලබා ඇති බවත් පුරෝකතනය කරයි.

Lingiari හි ආසනය වර්ග කිලෝමීටර් මිලියන 1.3 ක් පමණ ආවරණය වන පරිදි Northern Territory යෙන් 99% කට වඩා ආවරණය කරයි.
Update @ 09.40 pm

කම්කරු පක්ෂ මූලස්ථානය මුල් ඡන්ද ප්‍රතිඵලවලින් උද්දාමයට පත් වෙයි

Update @ 09.30 pm

මුල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ලිබරල් පක්ෂ මූලස්ථානය නිහඬ වෙයි

Update @ 09.15 pm

Craig Kelly ඉවතට: Hughes ආසනය ලිබරල් පක්ෂයට

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Hughes ආසනය සඳහා තරග වැදී සිටින United Australia පක්ෂ නායක Craig Kelly ලිබරල් අපේක්ෂිකා Jenny Ware හට පරාජය වනු ඇතැයි අපේක්ෂා කරයි.

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පුරෝකතනය කරන පරිදි බරල් අපේක්ෂිකා Jenny Ware හට මනාප ඡන්ද 57% ක ප්‍රතිශතයක් ලැබෙනු ඇත.

දැනටමත් Hughes ආසනයේ ඡන්ද 80% ක් පමණ ගණනය කර අවසන් බවද සඳහන්.

ඒ අනුව 1996 සිට මේ දක්වා Hughes ආසනයේ බලය ලිබරල් සන්ධානය විසින් රඳවාගෙන සිටී.

Craig Kelly ද මීට පෙර ලිබරල් පක්ෂය නියෝජනය කළ අතර 2010 සිට මේ දක්වා ඔහු ලිබරල් සන්ධානය වෙනුවෙන් Hughes ආසනය ජයග්‍රහණය කළේය.

නමුත් අභ්‍යන්තර මත ගැටුම් නිසා ඔහු ලිබරල් පක්ෂයෙන් ඉවත්වී United Australia පක්ෂයට ගියේය.
Craig Kelly out: Hughes seat looking safe for Liberal Party
United Australia Party leader Craig Kelly Source: AAP
Update @ 09.00 pm

ස්වාධීන අපේක්ෂිකා Zali Steggall, Warringah ආසනය ජය ගනී

ස්වාධීන අපේක්ෂිකා Zali Steggall සිඩ්නි කලාපයේ Warringah ආසනය ජයගත් බවට ප්‍රකාශ කරමින් සිය ඡන්ද දායකයින්ට ස්තුතිය පළ කළාය.

ආන්දෝලානාත්මක ලිබරල් පක්ෂ අපේක්ෂිකා Katherine Deves ඇය සමග Warringah ආසනයට තරග වැදුණාය.

Zali Steggall මනාප ඡන්ද 60% ප්‍රතිශතයක් ගනු ඇතැයි අපේක්ෂා කරන අතර ලිබරල් පක්ෂ අපේක්ෂිකා Katherine Deves මනාප ඡන්ද 39% ක් ගනු ඇතැයි පුරෝකතනය කර තිබේ.

ඒ අනුව ස්වාධීන අපේක්ෂිකා Zali Steggall මෙවරද Warringah ආසනය හෙබවීමට සුදුසුකම් ලබාගෙන ඇත.
Update @ 08.45 pm

ලිබරල් මන්ත්‍රී Alan Tudge ද සිය ආසනයේ බලය රඳවා ගැනීමේ සටනක

ලිබරල් මන්ත්‍රී Alan Tudge ද මෙල්බර්න් කලාපයේ සිය Aston ආසනයේ බලය රඳවා ගැනීමේ සටනක නිරතව සිටී.

පසුගිය මහ මැතිවරණයේ Aston ආසනයේ ප්‍රතිඵලවලට වඩා මෙවර කම්කරු පක්ෂයට 7% ක ඡන්ද වැඩිවීමක් ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව දැනට ඇති ප්‍රතිපලවලට අනුව Alan Tudge හට 52% ක මනාප ඡන්ද ප්‍රතිශතයක් සහ කම්කරු පක්ෂ අපේක්ෂිකා Mary Doyle හට 47% ක මනාප ඡන්ද ප්‍රතිශතයක්ද ලබා Tudge ඉදිරියෙන් සිටින බව පුරෝකතනය කර තිබේ.

Alan Tudge facing a swing to Labor in fight to retain seat
Liberal MP Alan Tudge Source: AAP


Update @ 08.30 pm

භාණ්ඩාගාරික ඇමති Josh Frydenberg ස්වාධීන මන්ත්‍රිනී Monique Ryan ට වඩා පිටුපසින්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg මෙල්බර්න් නුවර සිය Kooyong ආසනයේ බලය රඳවා ගැනීමට තියුණු සටනක් කරමින් සිටී.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වන්නේ සවධීන අපේක්ෂිකා Monique Ryan ය.

ස්වාධීන අපේක්ෂක Monique Ryan දැනට අපේක්ෂකයින් දෙදෙනාගේ මනාප ඡන්ද පදනම මත 52% ක් සහ Frydenberg 47% ක් දක්වා ලබාගෙන සිටී.සිටී.

Kooyong ආසනයට යාබද මැතිවරණ ආසනය වන Higgins හිද තියනු තරගයක් පවතියි.

වර්තමාන ලිබරල් මන්ත්‍රිනී Katie Allen සහ කම්කරු පක්ෂ අපේක්ෂිකා Michelle Ananda-Rajah අතර එම තරගය පවතින අතර Michelle Ananda-Rajah 52% ට 47% ක් ලෙසට මනාප ඡන්ද පදනම මත මේ වන විට ඉදිරියෙන් සිටී.

Josh Frydenberg trailing independent Monique Ryan in Kooyong
Independent Monique Ryan (left) has edged ahead of Liberal MP Josh Frydenberg in the Melbourne seat of Kooyong. Source: AAP


Update @ 08.15 pm

ස්වාධීන අපේක්ෂිකා Zali Steggall, Warringah ආසනයේ ඉදිරියට

ආන්දෝලානාත්මක ලිබරල් පක්ෂ අපේක්ෂිකා Katherine Deves ට එරෙහිව සිඩ්නි කලාපයේ Warringah ආසනයට තරග වදින ස්වාධීන අපේක්ෂිකා Zali Steggall ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

ස්වාධීන අපේක්ෂිකා Zali Steggall මේ වන විට Warringah ආසනය හොබවමින් සිටියි.

ඇය මනාප ඡන්ද 60.99% ප්‍රතිශතයක් ගනු ඇතැයි අපේක්ෂා කරන අතර ලිබරල් පක්ෂ අපේක්ෂිකා Katherine Deves මනාප ඡන්ද 39.01% ගනු ඇතැයි පුරෝකතනය කර තිබේ.

ලිංගික සංක්‍රාන්තිකයන් පිළිබඳ විවේචනාත්මක ප්‍රකාශයක් කිරීම නිසා ලිබරල් පක්ෂ අපේක්ෂිකා Katherine Deves මැතිවරණයට පෙර මහත් ආන්දෝලානයකට ලක් වුවාය.
Independent Zali Steggall pulls ahead in Warringah
Independent Zali Steggall Source: AAP
Update @ 08:00 pm

පූර්ව ඡන්දයට අනුව Peter Dutton ගේ ආසනය කම්කරු පක්ෂයට හිමිවන ලකුණු

ලිබරල් පක්ෂයේ Peter Dutton සිය ක්වීන්ස්ලන්ත Dickson ආසනයේ බලය රඳවා ගැනීමට කම්කරු පක්ෂය සමඟ දැඩි තරඟයක සිටී.

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට අනුව කම්කරු පක්ෂයේ අපේක්ෂිකාව වන Ali France, Peter Dutton ට වඩා 5% කට ආසන්න ප්‍රමාණයක ඡන්ද ප්‍රමාණයක් ඉදිරියෙන් සිටින බව මුල් ඡන්ද ගණනය කිරීම්වලින් පෙන්නුම් කරයි.

Ali France යනු පුද්ගලික, රාජ්‍ය සහ ලාභ නොලබන අංශ සඳහා සේවය කර ඇති හිටපු මාධ්‍යවේදිනියකු සහ සන්නිවේදන කළමනාකාරිනියකි.

දැනට නිකුත් වී ඇති පුරෝකතනවලින් පෙන්නුම් කරන්නේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතරින් Ali France හට මනාප ඡන්ද 50% ක ප්‍රතිශතයක් දක්වාත් Peter Dutton ට මනාප ඡන්ද 49% ක ප්‍රතිශතයක් දක්වාත් ලැබෙනු ඇති බවය.
Peter Dutton facing threat to seat from Labor according to early polling
Liberal Peter Dutton (left) and Labor's Ali France are battling it out for the Queensland seat of Dickson. Source: AAP
Update @ 07:50 pm

මුල් ප්‍රතිඵල වලින් Chisholm ආසනයේ කම්කරු පක්ෂය ඉදිරියෙන්

වික්ටෝරියා ප්‍රාන්තයේ කතාබහට ලක්වූ මැතිවරණ ආසනයක් වූ Chisholm හි මුල් ප්‍රතිඵල වලට අනුව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

ඒ අනුව Chisholm ආසනයේ ලිබරල් පක්ෂ අපේක්ෂිකා Gladys Liu හට 48% ක මනාප ඡන්දත් කම්කරු පක්ෂ අපේක්ෂිකා Carina Garland හට 52% ක මනාප ඡන්දත් ලැබෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පුරෝකථනය කරයි.

Update @ 07:45 pm

කම්කරු පක්ෂයේ Kristina Keneally පසුබසියි

බටහිර සිඩ්නි කලාපයේ Fowler ආසනයට පිටතින් පැමිණ මෙවර මැතිවරණයේ කම්කරු පක්ෂ අපේක්ෂිකාව ලෙස තරග වැදුණු Kristina Keneally කලින් ලබා දුන් ඡන්ද ගණනය කිරීමට අනුව ප්‍රතිවාදී ස්වාධීන අපේක්ෂිකා Dai Le ට වඩා පිටුපසින් සිටින බව වාර්තා වේ.

ස්වාධීන අපේක්ෂිකා Dai Le මනාප ඡන්ද වලින් 57% ක් දක්වා ලබා ගනු ඇතැයි පුරෝකථනය කර ඇත.

Kristina Keneally හට මනාප ඡන්ද වලින් 42% ක් හිමිවනු ඇතැයි පැවසේ.

Kristina Keneally යනු ආගමන කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ ඡායා ඇමතිවරිය වේ.

Update @ 07:25 pm

ප්‍රතිඵල පැමිණීම ආරම්භ වෙයි - David Littleproud ආසනය රැක ගැනීමට සූදානම් වේ

Pauline Hanson ගේ One Nation පක්ෂයට 1% ක ඡන්ද ප්‍රතිශතයක වෙනස්වීමක් වාර්තා වුවද, නැෂනල්ස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී David Littleproud ඔහුගේ මධ්‍යම ක්වීන්ස්ලන්ත ආසනය වන Maranoa රැක ගැනීමට සමත්වනු ඇතැයි පෙනේ.

මොරිසන් රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූ Littleproud හට මනාප ඡන්ද 71.46% ක් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම ප්‍රක්ෂේපණය කරයි.

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Bob Katter ද අපේක්ෂකයින් දෙදෙනාගේ මනාප ඡන්ද සංඛ්‍යාවෙන් 67.03% දක්වා ළඟා වනු ඇතැයි පෙන්වන පූර්ව ප්‍රක්ෂේපණ සමඟින් ඔහුගේ ආසනය රැක ගැනීමට ඉඩ ඇත.

Update @ 07:00 pm

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (21/05) පස්වරු 6 න් අවසන් විය.

ඒ අනුව මේ වන විට ඡන්ද ගණනය කිරීම ආරම්භ වී තිබේ.

ඡන්ද දායකයින් 17,228,900ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී තිබුණි.

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ප්‍රතිඵල සහ සුවිශේෂී පුවත් SBS සිංහල ගුවන් විදුලියේ වෙබ් අඩවිය ඔස්සේ සජීවීව ගෙන ඒමට කටයුතු කරමින් සිටියි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

  • SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhala
  • SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
  • SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Share
Published 21 May 2022 7:28pm
Updated 22 May 2022 11:09am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends