ඔබ ලියා පදිංචි විය යුතුද?
මේ සදහා සාමාන්‍ය චන්ද ලැයිස්තුව යොදා ගැනේ. ඔබ පසුගිය චන්දයට සහභාගී වී තවම එම ලිපිනයේම සිටී නම් ඔබ ඒ සදහා අයත් .ඔබ ලියා පදිංචි වී නැත්නම් හෝ තොරතුරු වෙනස් වී ඇත්නම් අගෝස්තු 24 තෙක් ඔබට AEC වෙබ් අඩවිය ඔස්සේ ලියා පදිංචි විය හැකියි
නවතම වාර්තා අනුව වයස 18-24ත් අතර පුද්ගලයන්ගෙන් 14%ක් මෙසේ ලියාපදිංචි වී නැහැ . සමස්ත ඔස්ට්‍රේලියානුවන්ගෙන් 5%ක් එසේ ලියා පදිංචි වී නැහැ
චන්දය පැවැත්වෙන්නේ කවදාද ?
සැප්තැම්බර් මස 12 සිට චන්ද අත්රිකා ඔබට ලැබේ
නොවැම්බර් 7 තෙක් ඔබට ඒවා තැපැල් කල හැකියි
මෙය අනිවාර්යද ?
නැහැ ජන මත විචාරණයක් ලෙස මෙය අනිවාර්ය නැහැ
ඒ නිසා මෙයට සහභාගී වන ප්‍රමාණය අඩු වී නිවැරදි නියෝජනයක් නොමැති වේ යයි චෝදනා ද එල්ල වේ නොයෝජ්‍ය අගමැති Barnaby Joyce පවසන්නේ අවශ්‍ය අයට මේ සදහා සහභාගී වීය හැකි බව
සම ලිංගික පුද්ගලයන් මෙය සම්පුර්ණයෙන් වර්ජනයටද සැරසේ . එවන් වූ හිටපු ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු Michael Kirby ද එසේ මේ නිසා තමා දෙවැනි පෙළ පුරවැසියෙකු ලෙස සලකා ඇති බවට දැනුනු බව පවසනවා
මට අන්තර්ජාලය ඔස්සේ චන්දය ප්‍රකාශ කල හැකිද ?
නැහැ
මෙය ඕස්ට්‍රේලියානු සන්ක්යා ලේඛන කාර්යාලය විසින් තැපැල් මගින් පැවැත්වේ
කම්කරු පක්ෂය පවසන්නේ ඒ නිසා තරුණයින් මෙයට එතරම් සහභාගී නොවේ කියයි . කම්කරු පක්ෂයේ Sam Dastyari එය අන්තර්ජාලය ඔස්සේ පැවැත්විය යුතු බව කීවත් Barnaby Joyce එයට එකඟ නැහැ
විදේශයක සිට සහභාගී විය හැකිද
ඔව් ඔබ විදේශීය චන්ද දායකයකු ලෙස ලියා පදිංචි වී ඇත්නම් ඔබට පත්‍රිකා තැපෑලෙන් ලැබේ
මෙහි ප්‍රතිපලයේ බලපෑම්
අවසන් ප්‍රතිපලය නොවැම්බර් 15 වැනිදා නිකුත් වේ. එමගින් සම ලිංගික විවාහ නීති ගත කල නොහැකි වුවත් ජන මතය ඒ සදහා එකග නම් රජය පාර්ලිමේන්තුවේ ඒ සදහා නිදහස් චන්දයක් තුලින් පනත සම්මත කිරීමට කටයුතු කෙරේ. බොහෝ දේශපාලකයින් තම පෞද්ගලික මතය කුමක් වුවත් ජනමතයට සහය දීමට සැරසී සිටී .
බහුතර මතය එකග නොවේ නම් , ඒ පිලිබඳ පනතාක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවේ