සරණාගත සතිය යනු කුමක්ද සහ මේ වසරේ 'සුව කිරීම' යන තේමාව වැදගත් වන්නේ ඇයි?

සරණාගත සතිය යනු සරණගතයින් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන් ඕස්ට්‍රේලියානු සමාජයට සිදු කරන ධනාත්මක දායකත්වය සැමරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදු කෙරෙන ප්‍රධානතම වාර්ෂිකව ක්‍රියාකාරකමයි. මෙවර සරණගත සතියේ තේමාව වන්නේ "සුව කිරීම" යන්නයි.

Refugee Week 2022

Refugee Week 2022 Source: RCOA

Highlights

  • සරණාගත සතිය යනු සරණාගතයින් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාධානතම වාර්ෂික ක්‍රියාකාරකම් වේ.
  • සෑම වසරකම සරණාගත සතියට විවිධ වූ තේමාවන් ඇත.
  • ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලය සරණාගතයින් පිළිබඳ දැනුවත් කිරීම සඳහා වසර පුරා බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
  • පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියාවේ සරණාගයන් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී ඇත
සෑම වසරකම මිලියන ගණනක් මිනිසුන්ට ආරක්ෂාව පතා තම නිවෙස්වලින් පලා යාමට බල කිරීම් සිදුවේ. වන ජුනි 20 වනදා ඇතුළත් වන සතියේ ඉරිදා සිට සෙනසුරාදා දක්වා සෑම විටම ඔස්ට්‍රේලියාවේ සරණාගත සතිය පවත්වනු ලැබේ. 2022 දී, එය ජුනි 19 වන ඉරිදා සිට ජූනි 25 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ.

1986 දී පවැත්වුණු පළමු සරණාගත සතියේ වැඩසටහන් මාලාව සිඩ්නි හි Austcare විසින් සංවිධානය කරන ලදී. 1987 දී, ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලය (RCOA) සරණාගත සතියේ සම-සංවිධායකයෙකු බවට පත් වූ අතර, එම වැඩසටහන ඊළඟ වසර වන විට ජාතික උත්සවයක් බවට පත් විය.2004 දී සරණාගත සතියේ ජාතික සම්බන්ධීකරණය සඳහා වන වගකීම RCOA විසින් භාර ගෙන තිබේ.
Adama Kamara
Adama Kamara, Deputy CEO of RCOA Source: Supplied by RCOA
RCOA හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී Adam Kamara පවසන්නේ සරණාගත සතියේ එක් අරමුණක් වන්නේ සරණාගතයින් ඕස්ට්‍රේලියානු සමාජයට කරන ධනාත්මක දායකත්වය සැමරීම බවයි.
මෙහි සමස්ත අරමුණ වන්නේ සරණාගත ප්‍රජාවන් සහ සරණාගත නොවන ප්‍රජාවන් අතර වඩා හොඳ අවබෝධයක් ඇති කර ගැනීමයි...ඒ වගේම එකිනෙකාව වඩාත් සාදරයෙන් පිළිගැනීමයි.

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


'සුව කිරීම'

සෑම වසරකම සරණාගත සතියට (වෙනස් වූ තේමාවක් link )තිබේ. ඔස්ට්‍රේලියාවේ සහ ලොව පුරා සිටින සරණාගතයින්ට බලපාන ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සහ සරණාගතයෙකු වීම කෙබඳුද යන්න සමස්ත ප්‍රජාවට අවබෝධ කර ගැනීමට උපකාර කිරීම මෙහි අරමුණයි.
"මෙම වසරේ, තේමාව 'සුව කිරීම' යි. එය පසුගිය මාස 12, ලොව පුරා සිටින සෑම කෙනෙකුටම බෙහෙවින් අභියෝගාත්මක වූ බවට පිළිබිඹුවක්," Kamara මහත්මිය පැවසුවාය.
කොවිඩ් අපට පෙන්වා දී ඇත්තේ මානව සබඳතාවයක් තිබීම කොතරම් වැදගත්ද යන කාරණය සහ එම සබඳතා කොතරම් වැදගත්ද යන්නයි.
සිඩ්නි හි නීතිඥයෙකු වන අතර සරණාගත සතියේ තානාපතිවරුන්ගෙන් කෙනෙකි. ඔහු ඉරාකයේ ඇසිරියානු පවුලක හැදී වැඩුණු අතර 1994 දී ඔස්ට්‍රේලියාවේ සිය ආරක්ෂිත ස්ථානය ලෙස සොයා ගැනීමට පෙර සරණාගතයෙකු ලෙස ජෝර්දානය, තුර්කිය සහ ග්‍රීසිය හරහා ගමන් කර තිබේ.
Oliver Slewa
RCOA ambassador, Oliver SLewa Source: Supplied by RCOA

අන්තර් පරම්පරාගත කම්පනය සමනය වීමට වසර ගණනාවක් ගත විය හැකි නමුත් සරණාගතයින් ඔවුන්ගේම ජනාවාස ඇති කර ගත් පසු සුවය ලැබිය හැකි බව Slewa මහතා පවසයි.

සරණාගතයින් සඳහා සුව කිරීමේ ප්‍රධාන අංගය වන්නේ "ප්‍රත්‍යස්ථිතිය" ( resilience) බව ඔහු විශ්වාස කරන අතර, "ඔබ ඕස්ට්‍රේලියාවට පය තැබූ දිනයේ සිට සුව කිරීමේ අදියර ආරම්භ වේ." යනුවෙන් ඔහු පවසයි.

මෙම සුව කිරීමේ තේමාව ප්‍රධාන ධාරාවේ ප්‍රජාවන් සහ සරණාගත ප්‍රජාව දුෂ්කරතා හමුවේ එක්ව කටයුතු කරමින්, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමින් ඉදිරියට යාම දිරිමත් කරයි.

Slewa මහතා පවසන්නේ, අන් අය සමඟ කතා කිරීම සුවය සඳහා පළමු පියවර වන බවයි.
සුවය පැමිණෙන්නේ අන් අය සමඟ කතා කිරීමෙන්, ඔබේ කතා බෙදා ගැනමෙන්, පූර්ව විනිශ්චයන් තොරව එම කතා විවෘතව සාකච්ඡා කිරීමට හැකිවීමෙන් සහ පිළිගැනීම මගින්

'මුහුණට මුහුණ' වැඩසටහන

සරණාගත සතිය තුළ සහ ඉන් ඔබ්බට RCOA විසින් විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් රාශියක් ක්‍රියාත්මක කරයි.

යනු RCOA තානාපතිවරුන් සහ නියෝජිතයින් විසින් ඉදිරිපත් කිරීම් සහ වැඩමුළු පවත්වන, සරණාගත සතිය පුරා ක්‍රියාත්මක වන වැඩසටහන් වලින් එකකි.

සරණාගත කථිකයන් විසින් ඔවුන් සිය ආරක්ෂාව සොයා යන ගමනේ පුද්ගලික කතා බෙදා ගන්නා අතර එහිදී සිසුන්ට සරණාගතයින්, ඔවුන්ගේ අත්දැකීම් සහ ඔස්ට්‍රේලියාවට ඔවුන්ගේ දායකත්වය ගැන ඉගෙන ගැනීමට අවස්ථාව හිමිවේ.

ප්‍රාථමික සහ ද්විතීයික සිසුන්, ගුරුවරුන් සහ උනන්දුවක් දක්වන කණ්ඩායම් සඳහා මෙම වැඩසටහන් සකස් කර ඇත.
Face-to-Face
Face-to-Face program by RCOA Source: RCOA

අවතැන් වූවන්ගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වීම

පසුගිය දශකය තුළ, මිලියන 41 සිට මිලියන 82.4 දක්වා දෙගුණයක් බවට පත් වී ඇත.

අනුව, පුද්ගලයන් 95 දෙනෙකුගෙන් එක් අයෙකු දැන් බලහත්කාරයෙන් අවතැන් කර ඇත. එය 2010 දී 159 දෙනෙකුගෙන් එක් අයෙකුගේ සිට සිදුවූ වැඩිවීමකි. ගෝලීය අවතැන් වීමේ අනුපාතය දැන් ජනගහන වර්ධනය අභිබවා යයි.

ROCA සිය මානුෂීය වැඩසටහන යටතේ වාර්ෂිකව සරණාගතයින් බඳවා ගැනීම වැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය දිරිමත් කරන බව Kamara මහත්මිය පවසයි.
දැනට, සෑම වසරකදීම, මානුෂීය වැඩසටහන හරහා පැමිණිය හැකි පුද්ගලයින් 13,750 යන සංඛ්‍යාවට වඩා එය වැඩි විය හැකි බව අපි විශ්වාස කරමු.

Share
Published 20 June 2022 2:20pm
Updated 12 August 2022 2:56pm
By Roza Germian, Athini Amarasiri


Share this with family and friends