ඔස්ට්‍රේලියානු නව ඩොලර් 10 මුදල් නෝට්ටුවේ නිර්මාණ සැලැස්ම අද (17/02) ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් එළි දක්වන ලදී.
පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ නව ඩොලර් 5 නෝට්ටුව සතු විශේෂාංග මෙම නව ඩොලර් 10 නෝට්ටුවේද ඇති බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ ඩොලර් 10 මුදල් නෝට්ටුව ප්‍රථම වරට එළිදැක්වූයේ 1966 පෙබරවාරි 14 දින වන අතර මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ ඩොලර් 10 නෝට්ටු මිලියන 120 ක් පමණ සැරිසරන බවද වාර්තා වේ.
මෙම නව ඩොලර් 10 මුදල් නෝට්ටුව එළඹෙන සැප්තැම්බර් මාසයේදී මහජනතාව වෙත පත් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පැවසීය.