ඉවත ලන දෑ නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඔබටත් දායක විය හැක්කේ කෙසේද? SBS සිංහල වෙතින්

ඕස්ට්‍රේලියාව තුල සෑම වසරකම අපද්‍රව්‍ය ටොන් මිලියන 74ක් නිපදවන අතර ඉන් ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ 60%ක් පමණි. ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ ව්‍යාකූලත්වය සහ දැනුම නොමැතිකම මෙම කාර්යය අඩාල වීම සඳහා බලපාන බව අධ්‍යයන පෙන්වා දෙයි.

Recycling in Australia

Are we good recyclers? Source: Getty Images/Jessie Casson

Highlights
  • “wish-cycling” ලෙස හඳුන්වන ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි දේ ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකි බව සිතීම මෙම ගැටලුවට ප්‍රධාන සාධකයක් වීම
  • ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේ සම්පත් ලෙස සිතීම වැදගත් වේ
  • කිහිප වරක් පාවිච්චි කිරීමට හැකි දේ නැවත නැවතත් පාවිච්චි කිරීම
 

Clean Up Australia හි සභාපති Pip Kiernan පවසන්නේ, ඕස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම හඳුනා ගත්තද, බොහෝ දෙනෙකු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳව ව්‍යාකූල තත්වයක සිටින බවයි.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ගෙන් 89% ප්‍රතිචක්‍රීකරණය කිරීම යහපත් ලෙස දුටුවද සෑම ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයකු පමණක් එම ක්‍රියාව නිසි ලෙස සිදු කරන බවත් Pip පවසයි.

නිවැරදි නොවන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ බඳුනට දැමීමෙන් හෝ ඒවා තවත් ප්ලාස්ටික් බෑග් එකකට දැමීමෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍යද ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකි වේ. මේ හේතුවෙන් එම සියලු ප්‍රතිචක්‍රීකරණය කල හැකි දේ කසල වශයෙන් ඉවත් කිරීමට සිදු වේ.

 


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


  

බොහෝ පිරිස යම් භාණ්ඩයක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දැයි නිසි ලෙස නොදන්නා විට පවා භාණ්ඩ ප්‍රතිචක්‍රීකරණ බඳුනට දමන බව අධ්‍යයනවලින් හෙළිව තිබේ. මෙය “wish-cycling” ලෙස හඳුන්වන අතර මෙය ඉවතලන ප්‍රතිචක්‍රීකරණය කල හැකි භාණ්ඩ අපතේ යාම සඳහා ප්‍රධාන හේතුවක් වේ.
Recycling in Australia
Your recyclables should not be bagged when placing them into the kerbside recycling bin. Source: Getty Images/RUBEN BONILLA GONZALO
අත් පිස දමන කඩදාසි, මුළුතැන්ගෙයි තුවා, රෙදිපිළි සහ නැපි (nappies) වැනි දේ මගින් ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදු කරන ට්‍රක් රථ සඳහාත් දැඩි හානි සිදු කළ හැකි බව Pip පැහැදිලි කරයි.

බැටරි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රතිචක්‍රීකරණ බඳුනට දැමීමද ගැටලුකාරී වන අතර ඒවා විශේෂ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවලින් බැහැර කළ යුතුවේ.

ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ නීති ප්‍රාන්ත සහ ටෙරිටරි අතර පමණක් නොව ප්‍රාදේශීය සභා අතර පවා වෙනස් වේ. මේ හේතුවෙන් රට පුරා සිටින ඕස්ට්‍රේලියානුවන් දැනුවත් කිරීම අභියෝගාත්මක විය හැක.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේ වටිනා සම්පත් වශයෙන් සැලකේ

ඔබේ ප්‍රදේශයේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේ පිළිබඳව ඔබේ ප්‍රාදේශීය සභාව සමඟ පරීක්ෂා කිරීම වැදගත් වේ. ප්‍රතිචක්‍රීකරණ බඳුන් සම්බන්ධයෙන් ඔබේ ප්‍රදේශයට විශේෂිත වූ පැහැදිලි උපදෙස් Online ඔස්සේ සැපයීමක්   මගින් සිදු කරයි.

කෙසේ නමුත් අප සියල්ලන්ම අනුගමනය කළ යුතු පොදු රීතියක් වශයෙන් ප්‍රතිචක්‍රීකරණ බඳුනට ලිහිල්, පිරිසිදු සහ වියලි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේ දැමීම පමණක් සිදු කල යුතු අතර ඒවා කිසි විටෙකත් බෑග් නොකළ යුතුවේ.
මෙම ප්‍රතිචක්‍රීකරණය සිදු කරන භාණ්ඩ සම්පත් වශයෙන් සලකන ලෙස Pip පවසන අතර ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉවත ලන ප්‍රතිචක්‍රීකරණය කල යුතු භාණ්ඩ පිරිසිදු කර වියලා ගත යුතු වන බවයි.

මේ හේතුවෙන් භාජන හිස් කොට ඒවා පිරිසිදු කිරීම වැදගත් වේ. තෙල් සහිත Pizza පෙට්ටි සාමාන්‍ය අපද්‍රව්‍ය බඳුනට යා යුතු වේ.

Clean Up Australia හි සභාපතිනී Pip පෙන්වා දෙන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ යුතු සහ නොකළ යුතු සරල නීති අනුගමනය කිරීම ඔස්සේ ඇත්තෙන්ම මෙම ක්‍රියාවලියට උපකාර කළ හැකි බව

Australasian Recycling Label (ARL)

බොහෝ ඇසුරුම්වල තිබෙන,  නොහොත් ඕස්ට්‍රේලියානු ප්‍රතිචක්‍රීකරණ ලේබලය, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳව පාරිභෝගිකයින්ට මග පෙන්වීමක් සපයයි. Lids, caps සහ plastic sleeves වශයෙන් විවිධ කොටස් වෙන් වෙන් වශයෙන් නම් කිරීම මෙයට ඇතුළත් විය හැකිය. මෙම කොටස් වලින් ඇතැම් කොටස් පොදු අපද්‍රව්‍ය බඳුනට අයත් වන අතර සෙසු කොටස් ප්‍රතිචක්‍රීකරණය කල හැක.
Australian Recycling Label
Australian Recycling Label (ARL) Source: Clean Up Australia
යම් භාණ්ඩයක ඇසුරුම්කරණයේ (ARL) ලාංඡනය සොයාගත නොහැකි නම් සහ යමක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකිදැයි ඔබට විශ්වාස නැත්නම්, ඒවා සැකයකින් යුතුව ප්‍රතිචක්‍රීකරණ බඳුනට දැමීම සිදු නොකොට, සාමාන්‍ය අපද්‍රව්‍ය බඳුන්වලට දැමීම වඩා යහපත් වේ.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය නම් කරන ලද ස්ථානවල තැබීම

මෘදු ප්ලාස්ටික් (soft plastic) ඔබේ සාමාන්‍ය කසල බඳුන් හරහා ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වුවද, ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාව පවතී. නමුත් එසේ කිරීම සඳහා එවැනි දෑ ප්‍රතිචක්‍රීකරණය කරන ස්ථාන වෙත රැගෙන යා යුතුය.
 මගින් මෙම මෘදු ප්ලාස්ටික් (soft plastic) ප්‍රතිසාධනය කිරීමට සහ නැවත භාවිත කිරීමට ක්‍රම සපයයි. සියලුම ප්‍රධාන සුපිරි වෙළඳසැල් ඇතුළුව රට පුරා මෙහි මධ්‍යස්ථාන 1,900කට අධික සංක්‍යාවක් පවතී.

RED Group හි අලෙවිකරණ සහ සන්නිවේදන කළමනාකරු Rebecca Gleghorn පවසන්නේ මේ ඔස්සේ මේ වන විට විශාල මෘදු ප්ලාස්ටික් ප්‍රමාණයක් කසල වීමට ඉඩ නොහැර ප්‍රතිචක්‍රීකරණය කොට ඇති බවයි.

මෙම RED Group බඳුන් සඳහා දිනකට මෘදු ප්ලාස්ටික් කැබලි මිලියන හතරක් පමණ ලැබීම සිදු වේ.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


 

Rebecca පවසන්නේ මෙම කැබැල්ලක සාමාන්‍යය බර ග්‍රෑම් හතරක් පමණ වන අතර, සෑම දිනකම මෘදු ප්ලාස්ටික් (soft plastic) කිලෝග්‍රෑම් 16,000 පමණ ලැබෙන බවයි. මේවා අතර fresh produce bags, bread bags, zip lock bags සහ bubble wraps වැනි දේ පවතී.

ඕස්ට්රේලියාවේ ඕනෑම ප්‍රතිචක්‍රීකරණ භාණ්ඩයක් සඳහා සෑම විටම ARL ලේබලය පරීක්ෂා කළ යුතු වේ.  වෙබ් අඩවිය මගින් ඔවුන්ගේ වැඩසටහන හරහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේ සම්බන්ධයන් මාර්ගෝපදේශ සපයන බව Rebecca පවසයි.

එමෙන්ම, ඉහල ඇලුමිනියම් අන්තර්ගතය හේතුවෙන් රිදී මෙලෙස ප්‍රතිචක්‍රීකරණය සඳහා භාර නොගන්නා අතර දිරායන මෘදු ප්ලාස්ටික් ද ප්‍රතිචක්‍රීකරණය සඳහා භාර නොගන්නා බව Rebecca සඳහන් කොට සිටී.

කොම්පෝස්ට් කළ හැකි සහ දිරාපත් වන මෘදු ප්ලාස්ටික් නිර්මාණය කොට ඇත්තේ කැඩී බිඳී යාම සඳහා වන අතර, එම ප්ලාස්ටික් වර්ග නව නිෂ්පාදන සඳහා භාවිතා කලද එහි පවතින ශක්තිය ඉතා අඩු වේ.මේ හේතුවෙන් එම කටයුතු සිදු නොකෙරේ.

විද්‍යුත් අපද්‍රව්‍ය සහ එක්ස් කිරණ වැනි ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අනෙකුත් ගෘහස්ථ අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා ප්‍රාදේශීය සභාවලට දින නියම කොට තිබිය හැක. ඔවුන් ආරක්ෂිතව බැහැර කිරීම සඳහා අන්තරායකර රසායනික ද්‍රව්‍ය සහ බැටරි එකතු කිරීමද ඇතැම් විට සිදු කරයි.

වඩා හොඳ අනාගතයක් සඳහා කිහිප වරක් පාවිච්චි කිරීමට හැකි දේ නැවත නැවතත් පාවිච්චි කිරීමේ වැදගත්කම

අපද්‍රව්‍ය අලුත් දෙයක් බවට පරිවර්තනය කිරීම ඔස්සේ නිරායාසයෙන්ම එය පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කරයි. නමුත් කිසිලෙසකින් වත් ඒ ඔස්සේ අප සිදු කරන නිෂ්පාදන වල හෝ පරිභෝජනය කිරීමේ වෙනසක් සිදු නොවේ.

නැවත භාවිතා කිරීම සහ නැවත සකස් කිරීමට හැකියාවක් පවතින භාණ්ඩ නොමිලයේ පුද්ගලයින්ට ලබාදීමේ ප්‍රවණතාවක් ඕස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල මේ වනවිට පවතී.

ව්‍යාපෘතිය 2013 දී ඇමරිකාවේ ආරම්භ වූ අතර එතැන් සිට ලොව පුරා මෙය ව්‍යාප්ත වී තිබේ.නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි Hills District හි Buy Nothing ව්‍යාපෘතිය පරිපාලනය කරන Liv McGuiness පවසන්නේ පුද්ගලයින් තමන් භාවිත කරන සම්පත් සම්බන්ධයෙන් දැඩි කුතුහලයක් පවතින බවයි .

එමෙන්ම Liv පවසන්නේ පුද්ගලයින්ට, මින් පෙර පැවති ආකාරයට ඉවතලන දෑ නාස්ති වීම දැකීමේ කැමැත්තක්ද නොපවතින බවයි.
Secondhand economy
Reusing and repurposing, the way of the future Source: Getty Images/Su Arslanoglu
Liv තවදුරටත් පෙන්වා දෙන්නේ ළමුන්ගේ සෙල්ලම් බඩු වල සිට ඇඳුම් දක්වා විවිධ දෑ සෑම දිනකදීම කණ්ඩායම තුළ බෙදා හරිනු ලබන අතර බොහෝ විට ආර්ථික වටිනාකමක් නොමැති බවට සැලකෙන බොහෝ දෑ මෙම කණ්ඩායමේ ජනප්‍රිය තෑගී භාණ්ඩ අතර පවතින බවයි.

භාණ්ඩ නැවත නැවත භාවිත කිරීම ඔස්සේ පරිසරයට ධනාත්මක බලපෑමක් සිදු කරන අතර එය ප්‍රජාව ශක්තිමත් කරන බවත් Liv සඳහන් කොට සිටී.

මෙම කණ්ඩායම ඔස්සේ ප්‍රජාවට සම්බන්ධ වන අලුත් පුද්ගලයින් හට අලුත් පිරිස් හඳුනාගැනීමටත් අපූරු අවස්ථාවක් ගෙන දෙන අතර Liv පෙන්වා දෙන්නේ අපගේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන ආකාරය හෝ බැහැර කරන ආකාරය නිවැරදි ලෙස සිදු කළහොත්, ලෝකයටම බලපාන බොහෝ වෙනස්කම් අපට සිදු කල හැකි බවයි.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 17 July 2022 7:14pm
Updated 12 August 2022 2:57pm
By Yumi Oba, Nipuna Dodangoda


Share this with family and friends