NSW ප්‍රාන්තයේ වාසස්ථාන නොමැති ජනයා වැඩි පුර සිටීම හදිසි තත්වයක් ලෙස සැලකිය යුතු බවට ඉල්ලීමක් ..(SBS සිංහල/ වාර්තා)

home

Source: AAP

NSW ප්‍රාන්තයේ නිවාස නොමැති ජනයා වැඩි පුර සිටීම හදිසි තත්වයක් ලස සැලකිය යුතු බවට ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Alex Greenwich පවසනවා.

වසර 2011 සිට ප්‍රාන්තයේ නිවාස නොමැති කම 37% කින් වැඩි වීම, හෙවත් 40,000ක් පමණ වාසස්ථානයක් නොමැතිව සිටීම හදිසි තත්වයක් බව ඔහු පවසයි.
ඔහු මහින් අදහස් කරන්නේ හදිසි තත්වයකදී පුද්ගලයන්න්ගේ සුභසාධනය පිළිබද සලකා බලා ආරක්‍ෂිත ස්ථාන කරා යැවීම බවයි.
ප්‍රාන්තයේ මීට පෙර පැවති හදිසි තත්වය වුයේ වසර 2013 වූ ලැව් ගිනි ඇති වී මයි. එවන් අවස්තා වලදී ස්වෙච්චා සේවකයන් දහස් ගණනක් ජනයාගේ පිහිටට පැමිණෙන හෙයින් , homeless තත්වයද එසේ සැලකිය යුතු බවයි ඔහු පවසන්නේ
රජය විසින් එවන් දෙයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දැනට රජය විසින් පාවිච්චි නොකරන දේපොළ මෙම මිනිසුන්ගේ වාසස්ථාන ලෙස යොදා ගත හැකි බවත් Greenwich මහතා පවසයි.
ඔහු විසින් මෙම කරුණ සදහා අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් ද අආරම්භ කොට තිබේ.

සංගණන වාර්තා පවසන්නේ වසර 2011- 2016 කාලය තුල ජාතික වශයෙන් homeless තත්වය 14% කින් ද, මිනිසුන් එළිමහනේ වීදි වල නිදා ගැනීම 20% කින් ද වැඩි වී ඇති බව.

මෙයට හේතුව ලෙස, නිවාස මිල ඉහල යාම, දුගී බව හා ගෘහස්ත හිංසනය හේතු වන බව වාර්තා වේ. NSW ප්‍රධාන අමාත්‍ය Gladys Berejiklian මහත්මියද NSW මෙය ප්‍රධාන ගැටළුවක් බවට පිළිගෙන තිබේ. homeless තත්වය වසර 2030 වන විට අවසන් කල යුතු බව ඇය පවසයි.

Greenwich තවදුරටත් පවසන්නේ, වාසස්ථානයක් ඇති වුවත්, අන් අයගේ නිවෙස් වල වෙසෙන , කාමර වල නවාතැන් ගන්න පිරිස පිලිබදව සැලකිලිමත් විය යුතු බවයි


Share
Published 10 August 2018 4:54am
Updated 10 August 2018 7:42am
By Charitha Adikari
Source: SBS News

Share this with family and friends