දෙරටෙහි කොරෝනා තත්වය වත්මන් අයුරින් දිගටම පැවතුනහොත් ලබන වසරේ සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සංචාරක බුබුලක් නිර්මාණය කිරීමට හැකිවෙතැයි නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් පවසයි. Trans Travel Tasman නමින් හඳුන්වන මෙම වැඩපිළිවෙලට අනුව දෙරට වැසියනට නිරෝධායන කාල සීමාවකින් තොරව දෙරටෙහි සංචාරය කිරීමට හැකිවෙනු ඇත. මෙය ලබන වසරේ මාර්තු මාසය වන විට ආරම්භ කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.
නවසීලන්තය ප්‍රතිපත්තිමය වශයෙන් මෙයට එකඟතාව පලකොට ඇති බවත් ඉතිරිව ඇත්තේ ඔස්ට්‍රේලියාව පාර්ශවයෙන් මෙයට එකඟතාව පළකිරීම බවත් නවසීලන්ත අගමැතිනි Jacinda Ardern පවසා සිටී.
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට