ශ්රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම පිට දඟ පන්දු යවන්නා ලෙස හැඳින්වෙන මුත්තයියා මුරලිදරන් ICC Hall of Fame සම්මානයෙන් ඊයේ (08/06) දිනයේදී පිදුම් ලැබීය.
ICC ප්රධාන විධායක David Richardson අතින් මෙම ගෞරව සම්මානය මුරලිට හිමිවූ අතර ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති තරගයේ ප්රථම ඉනිමට පසුව මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.
ICC Hall of Fame ගෞරව සම්මානය යටතේ පිරි නැමෙන විශේෂ කැප් තොප්පිය, ක්රිකට් ක්රීඩකයෙකු හට තම දිවියේ ලැබිය හැකි ඉහළම සම්මානය බව ද සඳහන්.