අද (23/07) සිට මෙල්බර්න් වැසියන්ට මුව ආවරණ පැළඳීම අනිවාර්යයි, නීති කඩ කළොත් $200 ක් දඩ (SBS සිංහල/ වාර්තා)

Face masks will become mandatory in Melbourne on Thursday.

Face masks will become mandatory in Melbourne on Thursday. Source: AAP

මේ වන විට 3 වන මට්ටමේ කොරෝනා නීති ක්‍රියාත්මක වන Metropolitan Melbourne හෙවත් මෙල්බර්න් නුවර තදාසන්න නගර සභා 31 කේ සහ Mitchell Shire කලාපයේ වෙසෙන සියලුම වැසියන් තම නිවසින් බැහැරව යන ඕනෑම අවස්ථාවකදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


මෙම නීතිය අද (23/07) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වේ.
: A woman wears a face mask as she walks through the Chinatown district on March 04, 2020 in Sydney, Australia.
Source: Lisa Maree Williams/Getty Images

මුව ආවරණ අනිවාර්යයි

මීට පෙර වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ට තම නිවසින් බැහැරව යන විට සහ එළිමහන් ස්ථාන වල පුද්ගල දුරස්ථභාවය රැකීමට අපහසු ස්ථාන වල මුව ආවරණ පැළඳීම නිර්දේශ කර තිබුණි.

නමුත් පසුගිය දින කිහිපය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය බරපතල ලෙස ඉහළ යාම නිසා මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට වික්ටෝරියානු රජය තීරණය කර තිබේ.
ඒ අනුව මේ වන විට 3 වන මට්ටමේ කොරෝනා නීති ක්‍රියාත්මක වන Metropolitan Melbourne හෙවත් මෙල්බර්න් නුවර තදාසන්න නගර සභා 31 කේ සහ Mitchell Shire කලාපයේ වෙසෙන සියලුම වැසියන් අද (23/07) සිට තම නිවසින් බැහැරව යන ඕනෑම අවස්ථාවකදී මුව ආවරණ පැළඳිය යුතුය.

එම නීතියට අනුගත නොවන පුද්ගලයින්ට $200 ක දඩ මුදලක් පනවනු ලබන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 403 ක් බවත් ඊයේ දිනයේදී (ජූලි 22) වික්ටෝරියා ප්‍රාන්තයෙන් එතෙක් මෙතෙක් වාර්තා වුනු වැඩිම දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව වර්තාවුණු බවත් එය 484 ක් බවත් සඳහන්.

එමෙන්ම මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති හදිසි තත්ත්වය අගෝස්තු 16 තෙක් දීර්ග කර තිබේ.
Victorian Premier Daniel Andrews announces that masks will become mandatory in parts of Melbourne.
Victorian Premier Daniel Andrews. Source: AAP

මුව ආවරණ නොපැළඳිය හැකි අය

මුව ආවරණයක් පැළඳීමට නොහැකි ඇතැම් සාධාරණ අවස්ථා ඇති බව ද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා දැනුම් දුන්නේය.

සෞඛ්‍ය හේතුන් මත, වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට, වෘත්තීයමය හේතු හෝ ප්‍රයෝගික නොවන අවස්ථාවල යන අවස්ථා මත මුව ආවරණ පැළඳිය නොහැකිය.

එමෙන්ම පාසල් වල ගුරුවරු මුව ආවරණ පැළඳීම අවශ්‍ය නොවන නමුත් මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ පාසල් කටයුතු ආරම්භ කර ඇති VCE සහ VCAL සිසුන් මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
ඔබගේ දෛනික ව්‍යායාම් කටයුතු වලදී දුවන විට ඔබට ප්‍රයෝගිකව මුව ආවරණයක් පැළඳිය නොහැකි නමුත්  ඔබත් සමග මුව ආවරණයක් රැගෙන යා යුතු අතර දිවීමට පෙර හා පසු එය අනිවාර්යෙන් පැළඳිය යුතු බව ද ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශ කළේය.

මීට අමතරව බැංකුවට යන අවස්ථා වලදී වැනි පසුබිම් වලදී ද මුවආවරණ පැළඳීම ප්‍රයෝගික නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.
A man wearing face mask
Source: Pexel Gustavo Pring

මුව ආවරණ මිලියන 3ක් ඇනවුම් කරයි

මෙම නව නීතිය ප්‍රකාශ කිරීමත් සමග වික්ටෝරියානු ප්‍රාන්ත රජය මුව ආවරණ මිලියන 3ක් පමණ ඇනවුම් කර ඇති බව වාර්තා වේ.

එහි පළමු සැපයුම ලෙස මේ සතියේදී මුව ආවරණ ලක්ෂ 3ක් පැමිණීමට නියමිත බවද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

"අපි අපේ යතුරු නැතිව බොහෝ දෙනෙකු නිවසින් පිටවෙන්නේ නැහැ. අපේ ජංගම දුරකතනය නැතිව අපි නිවසින් පිටවෙන්නේ නැහැ. ඒ අනුව මුව ආවරණයක් නැතිව ඔබ නිවසින් පිටවෙන්න එපා, මෙම වයිරසය පැතිරීම නැවත්වීමට එය අත්‍යවශයි" යනුවෙන්ද ඔහු පැහැදිලි කළේය.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 23 July 2020 1:34pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends