ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරකින් තොරව පිළිතුරු සැපයූයේ යැයි කියන වරදට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට වසරක තරග තහනමක් පනවා එය මාස හයකට අත්හිටුවීමට ක්‍රිකට් විධායක කමිටුව ඊයේ (27/06) තීරණය කළේය.
එම දඩුවමට අමතරව ඔහුගේ මීළඟ එක් දින ජාත්‍යන්තර තරගයේ තරග මුදලින් 50% ක දඩයක් ද පනවා තිබේ.
ඒ අනුව මාලිංගට සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කිරීමට මෙම තහනම බාධාවක් නොවේ.
මෙම සිද්ධියට තමන් වැරදිකරු බව ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනයට ඊයේ පෙරවරුවේ දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.