ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගැනීම සදහා අදාල වන ක්‍රියාපිළිවෙත සංශෝධනය කිරීම පිලිබදව බහුතරයක් ඕස්ට්‍රේලියානුවන් තම ප්‍රසාදය පල කර ඇති බව අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි.
අදාල නව යෝජනා වලට අනුව ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගැනීමේදී, ඉංග්‍රීසි භාෂාව පිළිබද පරික්ෂනයකටද පෙනී සිටිය යුතු බව සදහන්. තවද දැනට ස්ථිර පදිංචිය හිමිවීමෙන් වසරකින් පසුව පුරවැසි භාවය අයදුම් කල හැකි අතර, නව යෝජනා යටතේ ස්ථිර පදිංචිය හිමිවීමෙන් පසුව වසර හතරකින් ඒ සදහා අවස්ථාව හිමි වන බව සදහන්.
තවද දැනට ක්‍රියත්මක පුරවැසිභාවය පිළිබද පරීක්ෂණය සංශෝධනය කිරීමට නියමිත අතර, ගෘහස්ත හිංසනය සහ ළමා විවාහ ආදී කරුණු ආශ්රිත පිළිබද ප්‍රශ්නද ඊට ඇතුලත් කිරීමට නියමිතයි.
ඔස්ට්‍රේලියවද ලොව අනෙකුත් රටවල් සමග යමින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට තීරණය කල බව ABC මාධ්‍ය ජාලයට මේ පිලිබදව අදහස් දක්වමින් අගමැති මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කළේය.