ශ්රී ලංකා යුධ ඉතිහාසයේ විශාලතම යුධ නෞකාව ඉන්දියාවෙන් මිලට ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව මේ වන විට සූදානම් වේ.
රුපියල් කෝටි 1000 ක වටිනාකමකින් යුක්ත මෙම යුධ නෞකාව මීට වසර 4 කට පෙරාතුව ඇණවුම් කරන ලද්දකි.
ඉන්දීය රජයට අයත් Goa Shipyard Limited (GSL) නමැති නෞකා නිෂ්පාදන සමගම මගින් නිමවන ලද මෙම නෞකාව එළඹෙන ජූලි 22 වන දින අති උත්කර්ෂවත් අන්දමින් ශ්රී ලංකා නාවික හමුදාව වෙත බාර දීමට නියමිත බවද වාර්තා වේ.
මීටර් 105 ක දිගින් යුක්ත මෙම නෞකාව බාරදීමෙන් පසුව එහි දෙවැන්න 2018 වසරේ පෙබරවාරි මස බාර දීමට නියමිත බවද වාර්තා වේ.