Facebook ඉල්ලූ ආචාරධර්ම පද්ධතියට සෙනෙට් සභාවෙන් අනුමැතිය (SBS සිංහල / වාර්තා)

ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ආශ්‍රිත Facebook පිටු යලි යතා තත්වයට පත් කරන බවට එම සමාගම එකඟ වීමෙන් දිනකට පසු මෙමෙ Facebook සඳහා යෝජිත ආචාරධර්ම පද්ධතියට සෙනෙට් අනුමැතිය ලැබී තිබේ.

Treasurer Josh Frydenberg speaks at an Australian Chamber of Commerce and Industry event at Parliament House in Canberra, Wednesday, February 24, 2021. (AAP Image/Mick Tsikas) NO ARCHIVING

Treasurer Josh Frydenberg at Parliament House in Canberra, Wednesday, February 24, 2021. Source: AAP

 


Highlights

  • සෙනෙට් අනුමැතියෙන් පසු Facebook සඳහා යෝජිත ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තුවට යොමු කිරීමට පියවර 
  • නව Facebook සඳහා යෝජිත ආචාරධර්ම පද්ධතියට ඕස්ට්‍රේලියානු තරඟ සහ පාරිභෝගික කොමිෂන් සභාව සහාය පළකරයි
  • ඔස්ට්‍රේලියානු රජය, ඔස්ට්‍රේලියාවේ පුවත්පත් කලාවට තවදුරටත් සහාය ලබාදිය යුතු බවට කම්කරු පක්ෂය සදහන් කරයි

ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ආශ්‍රිත Facebook පිටු යලි යතා තත්වයට පත් කරන බවට Facebook සමාගම එකඟ වීමෙන් දිනකට පසු ඕස්ට්‍රේලියානු රජයේ Facebook සඳහා යෝජිත ආචාරධර්ම පද්ධතියට සංශෝධන සහිතව සෙනෙට් සභාව අනුමැතිය ලබා දී තිබේ.

පසුගිය අඟහරුවාදා Facebook ප්‍රධාන විධායක Mark Zuckerberg සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg අතර පැවති සාකච්චාවේදී දෙපාර්ශවයම ගිවිසුමකට එලඹි අතර ඒ අනුව ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ආශ්‍රිත Facebook පිටු යලි යතා තත්වයට පත් කරන බවට Facebook සමාගම එකඟත්වය පළකළේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඊයේ සෙනෙට් සභාවෙන් අනුමැතිය ලැබීමෙන් පසු මෙම Facebook සඳහා යෝජිත ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කොට සිටියේ ඕස්ට්‍රේලියානු පුවත් ඉවත් කිරීම සඳහා Facebook සමාගම ගත් තීරණය කණගාටුවට කරුණක් වන බවයි.

නව Facebook සඳහා යෝජිත ආචාරධර්ම පද්ධතියට ඔස්ට්‍රේලියානු තරඟ සහ පාරිභෝගික කොමිෂන් සභාවේ සහාය

ඔස්ට්‍රේලියානු තරඟ සහ පාරිභෝගික කොමිෂන් සභාවේ සභාපති වන Rod Sims සඳහන් කොට සිටියේ නව Facebook සඳහා යෝජිත ආචාරධර්ම පද්ධතිය සම්බන්ධයෙන් සෑහීමට පත් වන බවයි.

ඔහු පාර්ලිමේන්තුවේ ආර්ථික කමිටුව වෙත සඳහන් කොට ඇත්තේ, මෙම ආචාරධර්ම පද්ධතිය, එහි පරමාර්ථ සපුරාලීම සඳහා බොහෝ දුරක් මේ වනවිට ගමන් කොට ඇති බවයි.

එමෙන්ම පුවත්පත් කලාව ඇතුලු මාධ්‍යකරණය ප්‍රවර්ධනය කිරීම මෙම යෝජිත ආචාරධර්ම පද්ධතියේ මූලික පරමාර්ථය වන අතර එය සාර්ථකව සිදු වන තෙක් බලා සිටින බවද Rod Sims සඳහන් කොට තිබේ.

ඔස්ට්‍රේලියානු රජය පුවත්පත් කලාවට තවත් සහාය ලබාදිය යුතු බවට කම්කරු පක්ෂය පවසයි

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය සඳහන් කොට ඇත්තේ Facebook සඳහා යෝජිත ආචාරධර්ම පද්ධතිය අනුමත වීම ඉතා වැදගත් පියවරක් වන නමුත් එය 2019 දී Digital platforms පිළිබඳව සිදු කල  පරීක්ෂණයෙන් පසුව නිර්දේශ වූ පියවර අතුරින් එක් පියවරක් පමණක් වන බවයි.

කම්කරු පක්ෂ සන්නිවේදන ප්‍රකාශිකා Michelle Rowland සඳහන් කොට ඇත්තේ දැඩි මහජන උනන්දුවක් පවතින ඔස්ට්‍රේලියානු පුවත්පත් කලාවට සහාය දැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජයට තවත් බොහෝ දේ කළ යුතුව ඇති බවයි.

SBS සිංහල ගුවන් විදුලිය

SBS සිංහල ගුවන් විදුලිය විකාශය වන්නේ SBS Radio 2 නාලිකවෙනි.

සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරදා දිනකම පෙරවරු 11 සිට මධ්‍යහන 12 දක්වා ඔබට SBS සිංහල ගුවන් විදුලියට සවන් දිය හැකිය.

ඔස්ට්‍රේලියාවේ, ජාත්‍යන්තරයේ මෙන්ම තම මව් රටේ ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු සිංහල භාෂාවෙන් SBS සිංහල වෙබ් අඩවියට 

සිංහල භාෂාවෙන් ඔබට ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය හා කොරෝනා එන්නත පිළිබඳ වැදගත් හා යාවත්කාලීන තොරතුරු වෙත සෘජුවම 

SBS සිංහල ගුවන් විදුලියේ 


Share
Published 25 February 2021 8:39am
Updated 25 February 2021 10:13am
By Nipuna Dodangoda


Share this with family and friends