නිරෝධායනය නොවී නවසීලන්තයට නිදහසේ සංචාරය කිරීමට ඉඩ සැලසෙන අයුරු පිලිබඳ සම්පුර්ණ විස්තරය මෙන්න (SBS සිංහල වාර්තා)

මෙම අප්‍රේල් මස 18 වැනිදා ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් (AEST) රාත්‍රී 9.59 සිට දින 14ක නිරෝධායනය වීමකින් තොරව නවසීලන්තයට සංචාරය කිරීමට හැකියාව හිමිවේ.

New Zealand Prime Minister Jacinda Ardern has announced the starting date for a two-way travel bubble with Australia.

New Zealand Prime Minister Jacinda Ardern has announced the starting date for a two-way travel bubble with Australia. Source: Phil Walter/Getty Images

Highlights

  • දෙරට අතර සංචාරක බුබුල ක්‍රියාත්මක වන අකාරය
  • ඔස්ට්‍රේලියාව තුල හදිසි කොරෝනා තත්වයක් ඇති වුවහොත් සිදු වන දේ
  • දෙරට අතර පිරිස් නැවත එක්වීම සහ නවසීලන්ත ආර්ථිකය ශක්තිමත් වීම

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සංචාරක බුබුල ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන Jacinda Ardern අද (06/04) නිල වශයෙන් කියා සිටියාය.

මෙම සංචාරක බුබුල අප්‍රේල් මස 18 වැනිදා Wellington වෙලාවට අනුව රාත්‍රී 11.59ට සහ ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් (AEST) රාත්‍රී 9.59 ආරම්භ වීමට නියමිතව තිබේ.

Jacinda Ardern සඳහන් කොට සිටියේ කොරෝනා වෛරසය සඳහා ප්‍රතිචාර දැක්වීමේ කාර්යයේදී මෙය ඉදිරි පියවරක් වන අතර මෙවැනි තීරණයක් ලොව වෙනත් රටවල් තවමත් ගෙන නොමැති බවයි.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ද නවසීලන්තයේ මෙම තීරණයට දැඩි සහයෝගයක් පලකොට තිබේ.

Prime Mininister Scott Morrison.
Australian Prime Minister Scott Morrison. Source: AAP
මෙය රටවල් දෙකම ලබාගත් ජයග්‍රහණයක් වන අතර රැකියා, පුද්ගල සම්බන්ධතා ඇතුළු වෙනත් බොහෝ ක්ෂේස්ත්‍ර ඔස්සේ නැවතත් දෙරට අතර සම්බන්ධතා ගොඩනැගෙන බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටී.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර දේශසීමා දෙරටේ පුරවැසියන් නොවන පිරිස සඳහා වසා දමා තිබූ අතර මේ වනවිටත් දෙරට අතර සංචාරයේ නිරතවන්නන් අනිවාර්ය දින 14ක නිරෝධයනයකට ලක්විය යුතු වේ.

පසුගිය ඔක්තෝබර් මසදී බටහිර ඔස්ට්‍රේලියාව හැර සෙසු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත නවසීලන්ත වැසියන් හට තම දේශ සීමා විවුර්ත කළේය.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කොට සිටින්නේ නිසි ආරක්‍ෂිත කාලසීමාවක් තුලදී මෙලෙස දෙරට අතර දේශසීමා විවුර්ත කිරීම සිදු වන බවයි. මේ ඔස්සේ දෙරට අතර ජනතාවට නැවතත් එක් වීමට හැකියාව හිමි වන බවද ඇය පෙන්වා දෙයි.
මෙලෙස, කිසිදු නිරෝධායනයකින් තොරව දෙරට අතර සංචාරය කිරීම සඳහා 18වැනිදා සිට ඉඩ ලැබුනද, මේ වනවිට වෙනත් රටවල පවතින කොරෝනා තත්වයන් මත හදිසි දැනුම් දීමකදී තම සැලසුම් වෙනස් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ලෙස Jacinda Ardern ජනතාවට සඳහන් කොට සිටී.

එමෙන්ම මෙලෙස නිරෝධායනය වීමකින් තොරව දෙරට අතර සංචාරය කිරීම සම්පුර්ණයෙන්ම කොරෝනා වසංගතයට පෙර පැවති ආකාරයටම සිදු නොවන අතර යම් මගපෙන්වීමක් ඔස්සේ සිදු වන බවද ඇය පෙන්වා දෙයි.

දෙරට අතර සංචාරක බුබුල ක්‍රියාත්මක වන අකාරය

නවසීලන්තය වෙත සංචාරය කරන පිරිස, ලොව වෙනත් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සමග සම්බන්ධතාවයක් ඇති නොවන පරිදි ගුවන් තොටුපල වල සහ ගුවන් යානා වල "green zone" එක ඔස්සේ සිය සංචාරය සිදු කල යුතු වේ.

සංචාරකයින් අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පැළඳිය යුතු අතර බලධාරීන් දැනුම් දුනහොත් නවසීලන්තයට අදාළ COVID-19 tracing app එක බගත යුතු වේ.

එමන්ම නවසීලන්තය තුල සිටියදී හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඔවුන්ව සම්බන්ධ කරගැනීම සඳහා නවසීලන්ත බලධාරීන්ට තොරතුරු ලබාදිය යුතු වේ.

හදිසි කොරෝනා තත්වයක් ඇති වුවහොත් කුමක් සිදුවේද?

ඔස්ට්‍රේලියාව තුල කොරෝනා තත්වයක් ඇතිවුවහොත් දෙරට අතර සංචාර අඛණ්ඩව සිදුවීමේ,තාවකාලිකව නැවැත්වීමේ සහ අත්හිටුවීමේ තත්වයක් සිදු විය හැක.

දේශසීමා නිලධාරියකු හෝ නිරෝධායන මධ්‍යස්ථාන හා සම්බන්ධ ගැටලුවකදී දෙරට අතර සංචාරක බුබුල ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ.

ඔස්ට්‍රේලියාව තුල Lockdown තත්වයක් මතු වුවහොත් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ඉඩ පවතී.

ඕස්ට්‍රේලියාවෙන් කොරෝනා ආසාදිතයින් විශාල සංක්‍යාවක් හමුවීම හෝ ආසාදනයේ ආරම්භය සිදු වූ අයුරු සොයාගැනීමට අපහසු නම් ඒ හේතුවෙන්ද ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ඉඩ පවතී.

කෙසේ නමුත් මෙම කරුණු සම්බන්ධයෙන් ප්‍රාන්ත වශයෙන් සලකා බලන බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කොට සිටී

එමෙන්ම මෙලෙස දෙරට අතර සංචාරක බුබුල ක්‍රියාත්මක කෙරුනද ඇතැම් අවස්ථාවන්හිදී සංචාරකයින් හට දින 14ක් හුදකලා කාලයකට යටත්වීමට ,නිරෝධායනය වීමට හෝ සංචාරයට පෙර කොරෝනා පරීක්ෂාවක් සිදු කරන ලෙසට උපදෙස් ලබාදීම සිදුවිය හැකි බවද ඇය පවසයි.

එමෙන්ම ක්වීන්ස්ලන්තයේ සිට පැමිණෙන සංචාරකයින් නවසීලන්තයට ඇතුළුවීමේදී කොරෝනා පරීක්ෂණයකට බඳුන් වියයුතුද යන තීරණයට බදාදා දින එළඹෙන බවද ඇය සඳහන් කොට සිටී.

දෙරට අතර පිරිස් නැවත එක්වීම සහ නවසීලන්ත ආර්ථිකය ශක්තිමත් වීම

කොරෝනා තත්වය හේතුවෙන් වෙන්ව සිටි පවුල් සාමාජිකයින් නැවත එක්වීමක් සහ නවසීලන්ත සංචාරක කර්මාන්තය ඉහල යාම මෙම සංචාරක බුබුල නිර්මාණය කිරීම ඔස්සේ සිදු වේ.

Jacinda Ardern වැඩි දුරටත් සඳහන් කොට සිටින්නේ කොරෝනා වසංගතය ආරම්භ වීමට පෙර සාමාන්‍යයෙන් වසරකදී ඕස්ට්‍රේලියානු සංචාරකයින් ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 2ක් පමණ නවසීලන්ත ආර්ථිකයට එක් කරන බවයි.

එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ සංචාරක බුබුල නිර්මාණය කිරීමට ගත් මෙම තීරණය බොහෝ දෙනෙකුට සහනයක් ගෙන දෙන්නක් ද වන බවයි.

 

ඔබේ ප්‍රියතම සිංහල අවුරුදු ආහාරයට මනාපය පළ කර SBS සිංහල ගුවන් විදුලියෙන් වටිනා තෑගී මල්ලක් දිනාගන්න ඔබටත් අනගි අවස්ථාවක්, 
මේ සඳහා SBS සිංහල ගුවන් විදුලිය සිදු කරන Online මත විමසුමට 


Share
Published 6 April 2021 6:56pm
Updated 12 August 2022 3:03pm
By Tom Stayner, Nipuna Dodangoda


Share this with family and friends