ධර්ම දූත සේවාවන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ISIS සාමාජිකයකු ඉන්දියාවේදී අත් අඩංගුවට ගැනුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
බැංගලෝර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන 23 හැවිරිදි Abid Khan නැමති මෙම පුද්ගලයා ඉන්දීය NIA සංවිධානය හා කුල්ලු ප්‍රදේශය අත් අඩංගුවට ගැනීමට පෙර පසුගිය මාස හයක කාලය තුළ හිමාචල් ප්‍රදේශයේ කුල්ලු දිස්ත්‍රික්කයේ බන්ජාර් නගරයේ පල්ලියක විසු බව සඳහන්.
ශ්‍රී ලංකාවට මෑතකදී පැමිණ ගොස් තිබෙන Abid Khan ඉන්දුනීසියාව හරහා සිරියාවට යාමට සැලසුම් කර තිබූ බව පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.
තමන් ඉන්දුනීසියාවට යාමට උත්සාහ දැරුවේ තම ඉන්දුනීසියානු පෙම්වතියව මුණ ගැසීමට බව Abid Khan පොලීසියට පවසා තිබුනද එය විශ්වාස කළ නොහැකි මට්ටමේ කරුණක් බව පොලීසිය පෙන්වා දෙයි.
බැංගලෝරයේ විසූ Abid Khan කුල්ලු ප්‍රදේශයට සම්ප්‍රාප්ත වීම තවත් කතාවකි.
ISIS සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් සොයා ඉන්දියාවේ NIA සංවිධානය පසුගිය ජනවාරි මාසයේ ආරම්භ කළ ගවේෂණ හේතුවෙන් සැකකරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් හසුවූ නමුත් Abid Khan හට ඉන් බේරී සිටීමට හැකි විය.
නමුත් ඔහුගේ අනෙක් සගයන් තිදෙනෙකු බැංගලෝරයේදී අත් අඩංගුවට ගැනිණි. ඔවුන් නම් වලින් Asif Ali, Mohammed Afzal සහ Syed Mujahid ලෙස හඳුනාගෙන ඇත.
සෝදිසි මෙහෙයුම් වලට හසු නොවීමේ අරමුණින් බැංගලෝර් මෙතෝදිස්ත පල්ලියේදී තමන් ඉස්ලාම් ආගමේ සිට ක්‍රිස්තියානි ආගමට පිවිසුනු බව Abid Khan ආරක්ෂක අංශ වෙත හෙළි කර තිබේ.
කිතුණුවකු බවට පරිවර්තනය වීමෙන් අනතුරුව තමන් පොල් යන නාමයෙන් ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කර ශ්‍රී ලංකාවට ගිය බව Abid Khan ප්‍රකාශ කර ඇත.
ධර්මදූත කටයුතු වල අරමුණින් පසුගිය මාර්තු - අප්‍රේල් කාලයේ Abid Khan ශ්‍රී ලංකාවට පිවිසි බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.