IS ත්රස්ත සංවිධානය ශ්රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල සිටින තරුණයින්ව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තම සංවිධානය වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින පී.ටි.අයි පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව Facebook සහ අනෙකුත් පුද්ගලික පණිවිඩ යැවීමේ ක්රමවේදයන් හරහා IS ත්රස්ත සංවිධානයේ ඉන්දීය බඳවාගැනීම් ප්රධාන ශාඛාව වන Al-Hindi, ශ්රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල සිටින තරුණයින්ගේ ආකල්ප වෙනස් කර තම සංවිධානයට බඳවාගැනීම් මෙහෙයුමක නිරතව ඇති බව සඳහන්.
Al-Hindi යනු තාක්ෂණික අංශයෙන් විශේෂඥ දැනුමක් ඇති ආයතනයකි.