ඕස්ට්‍රේලියාවේදී පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් කෙතරම් වැදගත්ද?

ඔස්ට්‍රේලියාව තුල පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් තිබීමෙන් Medicare මගින් ආවරණය නොවන සහ හදිසි නොවන සේවා සඳහා කල්ගතවීමකින් තොරව ප්‍රවේශ වීමට හැකි වේ. නමුත් මේ ඔස්සේ සිය සෞඛ්‍ය වියදම් සඳහා තමා සතුව පවතින මුදල් භාවිත කිරීමද යම් අවස්ථා වලදී සිදු වේ.

Doctor and patient

Over 50 per cent of all Australians have private health insurance. But experts say not everyone uses it to pay for the cost of their medical treatment. Source: Getty Images/Ariel Skelley

Key points
  • සමස්ත ඕස්ට්‍රේලියානුවන්ගෙන් 53%කට අසන්න ප්‍රමාණයකට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් තිබෙන අතර 44% පිරිසක් සඳහා පෞද්ගලික රෝහල් ආවරණයක් තිබේ.
  • බදු සහන සහ වට්ටම් ලබා දීම ඔස්සේ ඕස්ට්‍රේලියානුවන් හට සෞඛ්‍ය රක්ෂණයක් පවත්වාගන්න ලෙස ඕස්ට්‍රේලියානු රජය දිරිගන්වයි.
  • බොහෝ පිරිස බදු ගෙවීම් ඉතිරිකරගැනීම සඳහා සෞඛ්‍ය රක්ෂණයක් පවත්වාගන්නා අතර බොහෝ විට ඔවුන් ඒ මගින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙවීම් සිදු නොකරන බව විශේෂඥයින් පවසයි.
සමස්ත ඕස්ට්‍රේලියානුවන්ගෙන් අඩකටත් වඩා Medicare වලට අමතරව සෞඛ්‍ය රක්ෂණයක් තිබේ. මෙය බදු දිරිගැන්වීම් සහ වාරික වට්ටම් සහිතව ක්‍රියාත්මක වේ.

Medicare

Medicare මගින් පවුල් වෛද්‍යවරුන් සඳහා වන ගෙවීම්, රෝග විනිශ්චය සඳහා වන පරීක්ෂණ ගෙවීම්, පරීක්ෂණ සඳහා වන ගෙවීම්, රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලබාගැනීම සඳහා වන ගෙවීම් සහ බොහෝ බෙහෙත් වට්ටෝරු සඳහා වන වියදම් අවරනය කරයි.

ඕස්ට්‍රේලියාවේ ඇතැම් තාවකාලික වීසා හිමියන් සඳහාත් මෙම Medicare ආවරණය පවතින අතර partner visa හිමියන් සහ skilled regional sponsored visa හිමියන් ඒ අතර වේ.

ලොව හොඳම සෞඛ්‍ය සේවා පද්ධති අතර ඕස්ට්‍රේලියානු මහජන සෞඛ්‍ය සේවා පද්ධතියද පවතී.කේසේ නමුත් ඇතැම් අවස්ථා වලදී උදාහරණ වශයෙන් hip replacement හෝ ඇසේ සුද ඉවත් කිරීම නොහොත් cataract ශල්‍යකර්ම වැනි දෑ සඳහා රෝගීන් හට යම් කාලයක් බල සිටීමට සිදු විය හැක.

එමෙන්ම Medicare හරහා ගිලන්රථ සේවා සඳහා, ඇස් කණ්නාඩි, අක්ෂි කාච හෝ osteopathy වැනි සේවා ආවරණය කිරීම සිදු නොවේ.
Medicare card
Medicare is Australia's universal health insurance that guarantees health services at low or no cost. Source: AAP Image/Mick Tsikas

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ඔස්සේ, වැඩි කාලයක් බලාසිටීමකින් තොරව පෞද්ගලික රෝහල් මගින් තෝරාගත් සැත්කම් සඳහා ප්‍රවේශ වීමට ඉඩ සැලසේ. එමෙන්ම තමන් කැමති වෛද්‍යවරයකු මගින් ප්‍රතිකාර ලබාගැනීමටද හැකියාව පවතී.

අමතර සෞඛ්‍ය ආවරණයක් ඔස්සේ Medicare මගින් ආවරණය නොවන දත් සම්බන්ධයෙන් සහ ඇස් කණ්නාඩි සම්බන්ධයෙන් වන සේවා සඳහා පිවිසීමට හැකියාව හිමි වේ.

CHOICE හි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ විශේෂඥයෙකු වන Uta Mihm පෙන්වා දෙන්නේ මෙලෙස අමතර සෞඛ්‍ය ආවරණයක් ලබාගැනීම ඔස්සේ පුද්ගලයින් හට ප්‍රතිකාර සඳහා වන අමතර පිරිවැය අඩු කරගත හැකි බවයි.

එමෙන්ම මෙම අමතර සෞඛ්‍ය රක්ෂණයක් ඔස්සේ බොහෝ අවස්ථාවලදී ඔබ ප්‍රතිකාර සඳහා ගෙවන මුදලින් වැඩි ප්‍රතිශතයක් ආවරණය කිරීම සිදුවන බවත් Uta පවසයි.
Medibank හි ජ්‍යෙෂ්ඨ විධායක Milosh Milisavljevic පෙන්වා දෙන්නේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ඔස්සේ ඕස්ට්‍රේලියානු මහජන සෞඛ්‍ය පද්ධතිය සඳහා වන පීඩනය අඩු වන බවයි.

එමෙන්ම මේ ඔස්සේ යම් අයකුට හෝ යම් අයකුගේ පවුලේ සාමාජිකයකු සඳහා හදිසි අවස්ථාවකදී සම්පුර්ණ ගෙවීමක් සිදු නොකොට නිසි වෛද්‍යවරයකු හෝ රෝහලක් සඳහා ප්‍රවේශ වීමටද හැකි වේ.

පෞද්ගලික සෞඛ්‍ය වියදම්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් පැවතියද විවිධ අවස්ථා වලදී තමා සතු මුදලින් ගෙවීම් සිදු කිරීමට සිදු වේ.

යම් අයකු හට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමේදී excess නොහොත් රක්ෂණය සඳහා "මූලික ගෙවීමක්" සිදු කල යුතු වේ. මෙහිදී ඉහල මුලික ගෙවීමක් තෝරාගැනීම ඔස්සේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය සඳහා අඩු වාරික මුදල් ගෙවීම තෝරාගත හැකි වේ.
Medibank private
The government encourages Australians to take out private insurance to reduce burden on the public health system. Source: AAP Image/Dan Himbrechts
තවත් තමා සතු මුදල් ගෙවීමට සිදුවන අවස්ථාවක් වශයෙන්, යම් වෛද්‍යවරයකු සෞඛ්‍ය රක්ෂණය ආවරණය කරන මුදලට වඩා වැඩි මුදලක් අය කිරීමේදී එම අමතර ගෙවීමද දැක්විය හැක.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය Yuting Zhang පවසන්නේ මූලික ගෙවීමේ ඉහල අගයක් පැවතීම සහ අමතර ගෙවීමට සිදු වීම වැනි දෑ හේතුවෙන් බොහෝ පිරිසක් සිය පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය භාවිත කිරීමෙන් වැලකී සිටින බවයි.
බොහෝ පිරිසක් බදු ගෙවීම් අඩු කරගැනීම සඳහා මෙලෙස පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් පවත්වාගැනීම සිදු කරන නමුත් එය භාවිත කොට පෞද්ගලික රෝහල් මගින් ප්‍රතිකාර ලබාගැනීම සිදු නොකිරීම ඔස්සේ මෙය සාර්ථක ප්‍රතිපත්තියක් නොවන බවට පෙනෙන බව ඇය පවසයි.

ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීම

ඕස්ට්‍රේලියානු රජය බදු සහන ලබාදීම ඔස්සේ පෞද්ගලික රක්ෂණයක් තබාගැනීමට ජනතාව දිරිමත් කිරීම සිදු කරයි.

මේ ඔස්සේ $90,000 ඉක්මවන තනි පුද්ගලයින් සහ $180,000 ට ඉක්මවන පවුල් සඳහා රෝහල් ආවරණ නොමැති නම් ඔවුන් සිය අදායමෙන් සියයට 1 සහ 1.5 අතර Medicare සඳහා බදු ගෙවීමට සිදු වේ.


Medicare levy surcharge rates and threshold

ආදායම $90,000 ඉක්මවන තනි පුද්ගලයින් සහ $180,000 ට වැඩි පවුල් සඳහා - Medicare සඳහා බදු ගෙවීමට අවශ්‍ය නොවේ.

$90,001- $105,00 (තනි පුද්ගල), $180,001 - $210,000 (පවුල්) 1 %
$105,001 - $140,000 (තනි පුද්ගල), $210,000 - 280,000 (පවුල්) 1.25 %
$140,001 or more (තනි පුද්ගල), $$280,001 or more (පවුල්) 1.5 %

ඔබේ අදායම සඳහා ඇතුලත් වන්නේ -

  • බදු අය කළ හැකි ආදායම
  • වාර්තා කළ හැකි සම්පූර්ණ ප්‍රතිලාභ
  • Family trust distribution tax සඳහා ගෙවා ඇති ඕනෑම මුදලක්

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය Yuting Zhang පෙන්වා දෙන්නේ වට්ටම් ලබාදීම සහ ජීවිත කාලය පුරා සෞඛ්‍ය ආවරණ ලබාදීම ඕස්ට්‍රේලියානු රජයේ මෙම දිරිගැන්වීමේ තවත් කොටසක් වන බවයි.

මෙහිදී යම් පුද්ගලයකු පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් ලබාගැනීමේදී එම පුද්ගලයාගේ අදායම යම් සීමාවකට වඩා අඩුනම් එම පුද්ගලයා හට වට්ටම් ලබාදීම සිදු කරයි. මෙය අදායම අනුව මෙන්ම වයස අනුවද වෙනස් වේ.

එමෙන්ම ඇය පවසන්නේ ජීවිත කාලය පුරා වන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සැලසුම් කර ඇත්තේ පුද්ගලයින් හට ඉක්මනින් මෙම රක්ෂණ ආවරණ ලබාගැනීමට දිරිමත් කිරීම සඳහා වන බවයි. එමෙන්ම යම් අයකුට මෙවැනි ජීවිත කාලයක් පුරා පවතින රක්ෂණයක් නොපැවතී ඒ සඳහා යොමු වීමට තීරණය කළහොත් ඔවුනට යම් දඩයක් ගෙවීමටද සිදු වේ.

එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ යම් අයකුගේ අදායම යම් මට්ටමකට වඩා ඉහල නම් එම පුද්ගලයා හට සැලකියයුතු මුදලක් ඉතිරිකරගත හැකි වන බවයි.

මේ අතර යම් අයකු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේදී එම පුද්ගලයා වයස අවුරුදු 31ට වඩා වැඩි නම් සහ Medicare ලියාපදිංචි වූ දින සිට මාස 12ක කාලයක් ඇතුලත පෞද්ගලික රෝහල් ආවරණයක් ලබාගතහොත් වැඩි ගෙවීමක් සිදු කලයුතු නොවේ.
Woman at a dental clinic
Private health insurance helps people avoid long wait times for non-urgent medical procedures. Source: Getty Images/Luis Alvarez
Medicare බදු සහන සහ ජීවිත කාලය පුරාම සෞඛ්‍ය ආවරණ සැලසුම් කොට ඇත්තේ මහජන සෞඛ්‍ය පද්ධතියට ඇති පීඩනය අවම කිරීම සඳහා සහ පෞද්ගලික රක්ෂණයක් ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම සඳහා වේ.

කෙසේ නමුත් මහාචාර්ය Zhang පවසන්නේ මෙලෙස ඕස්ට්‍රේලියානු රජය සහන ලබාදීම සිදු කලද ඒ ඔස්සේ රෝහල් සඳහා වන රැඳී සිටීමේ කාලය අවම වීමක් සිදුව නොමැති බවයි.

එමෙන්ම බොහෝ පිරිසක් වැඩි මුලික වියදම් හේතුවෙන් පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් තිබුනද එය භාවිත නොකරන බව සඳහන් කරන Zhang පෙන්වා දෙන්නේ පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් මිලදී ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමේදී ඒ මගින් වන ආවරණය තක්සේරු කලයුතු බවයි.

උදාහරණයක් වශයෙන් යම් අයකුට දරු ප්‍රසුතියක් සඳහා පෞද්ගලික කාමරයක් අවශ්‍ය වුවහොත් එවැනි අවස්ථාවකදී පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබාගැනීම සුදුසු වන අතර එවැනි දැඩි අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවන්හිදී මේ සඳහා ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන බවත් Yuting Zhang පෙන්වා දෙයි.
එමෙන්ම ඇය පවසන්නේ Medicare සඳහා ගෙවීමට සිදුවන බදු සම්බන්ධයෙන් සිතීම වැදගත් වන අතර බදු ගෙවීම ඔස්සේ රෝහල් සඳහා ආධාර කිරීමට අවශ්‍ය පිරිසක්ද සිටින බවයි.

යම් අයකු ගිලන්රථ සඳහා ආවරණයක් ලබා නොමැතිනම් හෝ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයට ගිලන්රථ සේවය ඇතුලත් කොට නොමැතිනම් එම පුද්ගලයා හට එම සේවාව ආවරණය නොවේ. මේ හේතුවෙන් Yuting Zhang පවසන්නේ එවැන්නක් නොමැතිනම් තම ප්‍රාන්තයේ ගිලන්රථ සේවාවෙන් ගිලන් රථ ආවරණයක් ලබාගැනීම සුදුසු වන බවයි.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


 


 


Share
Published 7 November 2021 11:36pm
Updated 12 August 2022 3:01pm
By Sneha Krishnan, Nipuna Dodangoda


Share this with family and friends