ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයකදී, ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ගැන දැනගන්න SBS සිංහල වෙතින්

මෙවර මහ මැතිවරණ දිනයේදී, ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) රට පුරා ඡන්ද මධ්‍යස්ථාන තුල සෑම පැයකටම ඡන්දදායකයින් මිලියනයක් අපේක්ෂා කරයි. එමෙන්ම ඡන්ද හිමි නාමලේඛනයේ සිටින සියලුම දෙනා ඡන්දය ප්‍රකාශ කිරීමද අනිවාර්ය වේ.

Highlights
  • ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) මගින් ඔබේ මැතිවරණ කොට්ඨාශය සහ ඡන්ද මධ්‍යස්ථානය සොයා ගැනීමට සහාය ලබා දේ
  • මැතිවරණයට පෙර සහ මැතිවරණ දිනයේදී ඡන්දය ලබාදීමට විකල්ප පවතී
  • ඡන්ද තොරතුරු විවිධ භාෂා වලින් ලබා ගත හැක
  • ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමට උපකාර කිරීම සඳහා දුරකථන පරිවර්තක සේවාවක් සපයයි
 

ඕස්ට්‍රේලියාවේ මැතිවරණ ක්‍රමය කළමනාකරණය කිරීමට ස්වාධීන ආයතනයක් පවතී. ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC), ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය හැඩගස්වා ගැනීමට උපකාර කිරීමට සුදුසුකම් පවතින සියලුම පුරවැසියන්ට පවතින අවස්ථා සහතික කරයි.

ඔබේ ඡන්ද කොට්ඨාශය හඳුනා ගැනීම

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණ කොට්ඨාශ 151ක් පවතී. ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) මගින් සපයන online ලින්ක් එකක් ඔස්සේ ඔබ ජීවත් වන මැතිවරණ කොට්ඨාශය හඳුනා ගැනීමට උපකාරී වේ.  වෙත පිවිසෙන්න.

එමෙන්ම 13 23 26 ඇමතීමට හෝ ප්‍රවේශ වීමටද හැක.
Voting Centre
Voting Centre Source: AEC

ඔබේ ඡන්ද මධ්‍යස්ථානය සොයා ගැනීම

ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) මගින් මැතිවරණ දිනයේදී පාසල්, ප්‍රජා මධ්‍යස්ථාන, පල්ලි සහ වෙනත් ස්ථානවල පවත්වාගෙන යාම සිදු කරයි.

ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමෙහි ප්‍රකාශක Jess Lilley පැහැදිලි කරන්නේ ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) මගින් සපයන online ලින්ක් එකට ඔබේ ප්‍රදේශයේ තැපැල් කේතය ඇතුල් කිරීමෙන් අනතුරුව ඔබට ඡන්දය ප්‍රකාශ කළ හැකි ස්ථාන සොයා ගැනීමට හැකි බවයි.

 


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


මැතිවරණය සෙනසුරාදා දිනයක සිදු කරන අතර මැතිවරණ දිනයේ ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත යාම ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති පහසුම ක්‍රමය වශයෙන් හැඳින්විය හැක.

එමෙන්ම නේවාසික රැකවරණය, දුරස්ථ ප්‍රජා, රෝහල් සහ බන්ධනාගාරවල සිටින ඡන්දදායකයින් ආවරණය කිරීම ජංගම කණ්ඩායම් මගින් සිදු කරයි.

ඔබේ භාෂාවෙන් ඡන්දය දීම

ඡන්දය ලබාදෙන ස්ථාන සහ ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමෙහි වෙබ් අඩවිය මගින්, මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සිදු කරයි.

ඔබට උපකාර අවශ්‍ය නම් තවත් පුද්ගලයකු හට ඔබ සමඟ යාමට ඔබට අවසර තිබේ. එමෙන්ම ඔබේ භාෂාවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබට උපකාර කිරීමට ද පවතී.

ඡන්දය දීමට පවතින වෙනත් මාර්ග

මුල් ඡන්ද මධ්‍යස්ථාන (Early voting centres) ඡන්ද විමසීමේ දිනට සති කිහිපයකට පෙර විවෘත කෙරේ.

විකල්පයක් ලෙස, ඔබට online ක්‍රමයට හෝ ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමෙහි කාර්යාලවලදී ඉල්ලා සිටිය හැක.

Jess Lilley පවසන්නේ COVID තත්ත්ව අනුව මෙම වසරේදී තැපැල් ඡන්ද ලබාදීම වැනි විකල්ප බොහෝ සෙයින් ජනතාවට ලබාදෙන අතර පුද්ගලයින් ඒවා භාවිත කරනු ඇති බවයි.

එමෙන්ම කොවිඩ් වැළඳීම හේතුවෙන් හුදකලා වීමට වන සියලුම පුද්ගලයින් හට දුරකථනය ඔස්සේ ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම මගින් සපයන දුරකථන ඡන්ද පද්ධතිය සමග සම්බන්ධ වීමට හැකියාව පවතී.

මැතිවරණ නිවේදනයෙන් පසු වන සති කිහිපය තුළ ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමෙහි සේවාවන් ලබා ගත හැක.
Voting at Australian Federal Election
Remote Polling Source: AEC
වෙනත් ප්‍රාන්ත වලට යාමට සහ විදේශගත වීමට අදහස් කරයි නම් ඡන්දය ප්‍රකාශ කිරීම

ඔබ වෙනත් ප්‍රාන්තයකට ඡන්දය ලබාදෙන දිනයේදී යාමට අපේක්ෂා කරයි නම් ඔබට තැපැල් ඡන්දය භාවිතා කළ හැක. එසේ නැතිනම් "අන්තර් ප්‍රාන්ත" ඡන්ද මධ්‍යස්ථානයකට පිවිසිය හැක.

ඔබ විදේශගතව සිටියද ඔබටද ඡන්දය ප්‍රකාශ කළ හැක. මේ සඳහා ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ (AEC) වෙබ් අඩවියේ පවතී. එමෙන්ම ඇතැම් රටවල ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාල මෙදින ඡන්ද මධ්‍යස්ථාන සැපයීමද සිදු කරයි.

තොරතුරු බෙදා හැරීම

දේශපාලන පක්ෂ සහ ස්වාධීන පිරිස බොහෝ විට ඡන්ද තොරතුරු ඡන්ද මධ්‍යස්ථානවලින් පිටත බෙදා හැරීම සිදු කරයි.කෙසේ නමුත් ඔවුන් ඔබව නොමඟ යැවීමට ඉඩ නොතබන ලෙස මැතිවරණ විශ්ලේෂක William Bowe සඳහන් කොට සිටී.

මැතිවරණ දිනයේදී පක්ෂ ඡන්ද පොළවල්වල් අසලදී ‘ඡන්දය දෙන්නේ කෙසේද’ ලෙස ඡන්ද පත්‍රිකාව නිශ්චිත ආකාරයකින් පුරවා ගැනීමට නිර්දේශ කරන කාඩ්පත් එම පිරිස ලබා දෙයි. නමුත් ඔබ එසේ ඡන්දය දිය යුතු නැති අතර එය නිර්දේශයක් පමනක වන බව William Bowe පෙන්වා දෙයි.
Ballot Paper
Ballot paper Source: AEC

ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම

ඔබට එක් "කොළ පැහැති" සහ එක් "සුදු පැහැති" ඡන්ද පත්‍රිකාවක් ලැබේ.

කොළ පැහැති ඡන්ද පත්‍රිකාව

කොළ පැහැති ඡන්ද පත්‍රිකාව යනු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට (පාර්ලිමේන්තු පහළ මන්ත්‍රී මණ්ඩලයට) එක්වීමට ඔබේ ඡන්ද කොට්ඨාසයේ එක් අපේක්ෂකයෙකුට ඡන්දය ලබා දීමයි. සෑම මැතිවරණ කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මේ වනවිට ආසන 151ක් පවතී.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


William Bowe පවසන්නේ සාමාන්‍යයෙන් මැතිවරණයක් යනු ජාතික නායකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් වන බවට ජනතාව සිතන බවයි. නමුත් ඔහු පෙන්වා දෙන්නේ ජාතික නායකයා (අගමැතිවරයා) පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂයේ නායකයා වන බවයි.

පහළ මන්ත්‍රී මණ්ඩලයේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීම සිදු කරයි.

කොළ පැහැති ඡන්ද පත්‍රිකාවේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා, ඔබ කැමති අපේක්ෂකයා අසල අංක ‘1’ ද, පසුව ඔබේ දෙවැනි තේරීම අසල ‘2’ ද ලියා සියලුම කොටු අංකනය කල යුතු වේ.

සුදු පැහැති ඡන්ද පත්‍රිකාව

සුදු පැහැති ඡන්ද පත්‍රිකාව යනු සෙනෙට් සභාවේ (ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ) ආසන 76 න් එකක් තෝරා ගැනීමයි. මේ ඔස්සේ ඔබ ඔබේම ප්‍රාන්තයෙන් හෝ ටෙරිටරියෙන් සෙනෙට් සභිකයෙකු තෝරා ගැනීමට ඡන්දය දීම සිදු කරයි.

සෙනෙට් සභාව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම තරමක් වෙනස් වේ, William Bowe පැහැදිලි කර සිටින්නේ මෙහිදී ඔබේ ප්‍රාන්තය සඳහා සියලුම අපේක්ෂකයින් ඇතුළත් වන පත්‍රිකා ඇති බැවින්, අතිවිශාල ඡන්ද පත්‍රිකා තොගයක් ලැබීම ඔබට භයානක ලෙස පෙනෙනු ඇති බවයි.

නමුත් ඔහු පෙන්වා දෙන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා සරල විය හැකි බවයි.

පත්‍රිකාවේ රේඛාවට "ඉහළින්" කොටු සහ රේඛාවට "පහළින්" කොටු පවතී. රේඛාවට ඉහළින් සෑම පක්ෂයකටම එක් කොටුවක් ඇත. ඡන්දය ප්‍රකාශ කිරීමට ඉක්මන්ම සහ සරලම ක්‍රමය වන්නේ ඔබේ ප්‍රියතම පක්ෂ හයක් තෝරාගෙන එකේ සිට හය දක්වා ඔබේ මනාපය අනුව ඒවා අංකනය කිරීමයි.

ඔබට ඡන්දය දීමට අවශ්‍ය අපේක්ෂකයින් ඔබට විශේෂිත නම්, ඔබට රේඛාවට පහළින් තවත් කොටු විශාල ප්‍රමාණයක් අංකනය කළ හැක. ඔබ රේඛාවට පහළින් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම්, ඔබ අවම වශයෙන් කොටු 12 ක්වත් අංක කළ යුතු වේ.

ඔබ කැමති අංකනයකට කොටු අංක කිරීම මගින්, ඔබේ ඡන්දය තවත් ඉදිරියට ගෙන යාම සිදු කරයි. මෙය ‘මනාප ඡන්දය’ ලෙස හැඳින්වේ.

ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ (AEC) ප්‍රකාශක Evan Ekin-Smyth පවසන්නේ, ඔබ අංක එකට ඡන්දය ලබා දෙන පුද්ගලයා ඉවත් වුන හොත්, ඔබේ ඊළඟ මනාපය නිරායාසයෙන් ගණන් ගැනෙන බවයි.
Democracy sausage
While queuing at your polling centre you might see a fundraising stall selling sausages in bread. This is fondly known as the ‘democracy sausage Source: AAP Image/James Ross

අවිධිමත් ඡන්ද

ඡන්ද උපදෙස් හොඳින් පිළිපැදීම වැදගත් වේ. ඔබගේ ඡන්ද පත්‍රිකාව නිවැරදිව සම්පුර්ණ කර නොමැති නම්, එය 'අවිධිමත් ඡන්දයක්' බවට පත්වන අතර මැතිවරණ ප්‍රතිඵලයට එය ගණන් නොගනී.

ඔබ ඡන්දය නොදුන්නොත් සිදු වන දේ

ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වේ. ඡන්දය ප්‍රකාශ නොකිරීමට වලංගු හේතු ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම මගින් තක්සේරු කරයි. උදාහරණයක් ලෙස විදේශගතව සිටින ඇතැම් පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි විය හැක. එවැනි අවස්ථාවකදී ඒ බව ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම තේරුම් ගනී.

එමෙන්ම Ekin-Smyth පෙන්වා දෙන්නේ ලියාපදිංච් වී සිටින කිසිවකු ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම්, ඔවුන්ට ඡන්දදායක නොවන දැන්වීමක් (non-voter notice) නිකුත් කළ හැකි බවයි.

කෙසේ නමුත් සාධාරණ හේතුවක් නොමැතිව ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම් $20 දඩයක් ගෙවිය යුතු අතර එම දඩයට ප්‍රතිචාර නොලැබුන හොත් $170 දඩයක් සහ උසාවි වියදම් සහිතව උසාවියට ​​පැමිණිය යුතු වේ.

තම ඡන්දය ප්‍රකාශ කිරීම වැදගත් වන අතර ඒ සඳහා ඉදිරිපත් වන ලෙස බලධාරීන් පවසයි.

ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ වැරදි තොරතුරු ලේඛනය

ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) ස්වාධීන සහ අපක්ෂපාතී වන අතර මැතිවරණ ක්‍රියාවලිය අතිශයින් ශක්තිමත් වේ.

ඕස්ට්‍රේලියානු මැතිවරණ ක්‍රියාවලිය වටා නොමඟ යවන සහ රැවටිලිකාර තොරතුරු විසඳීම සඳහා ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) මගින් දියත් කොට තිබේ.

ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න, නැතිනම් 13 23 26 අමතන්න.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 1 May 2022 12:48pm
Updated 12 August 2022 2:56pm
By Melissa Compagnoni, Nipuna Dodangoda


Share this with family and friends