ඕස්ට්‍රේලියාවේ, ප්‍රාන්ත වල හදිසි සේවාවට සම්බන්ධ විය හැකි අයුරු පිළිබඳව SBS සිංහල වෙතින්

ඕස්ට්‍රේලියාවේ ගංවතුර, කුණාටු සහ සෙසු ස්වභාවික සිදුවීම් සම්බන්ධ හදිසි අවස්ථාවක් ඇති වූ විට, ස්වේච්ඡා සේවකයින් ඕස්ට්‍රේලියාව පුරා ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ඕස්ට්‍රේලියාවේ සිටින බොහෝ පිරිසකට මෙවැනි ආකාරයේ ස්වේච්ඡා සේවකයින් වීමට හැකියාව පවතින අතර ඔවුන්ගෙන් හට ඇතැම් කුසලතා තිබිය යුතු වේ.

Floods NSW

SES volunteers launch an inflatable rescue boat in Camden, South Western Sydney, Tuesday, March 8, 2022. Source: AAP Image/Dean Lewins

Highlights
  • සෑම ප්‍රාන්තයකටම සහ ටෙරිටරියකටම රාජ්‍ය හදිසි සේවා මධ්‍යස්ථාන තිබේ
  • State Emergency Service නොහොත් (SES) වෙත සම්බන්ධ වූ පසු ස්වේච්ඡා සේවකයන් පුහුණු කිරීම සිදු කරයි
  • එය ඔබේ ප්‍රාදේශීය ප්‍රජාවට ඔබේ සේවය ලබා දීමට යහපත් ක්‍රමයකි
 

ඕස්ට්‍රේලියාවේ සෑම අධිකරණ බල ප්‍රදේශයකටම තමන්ගේම රාජ්‍ය හෝ ප්‍රදේශය හදිසි සේවා පවතී.

කෙසේ වෙතත්, විවිධ ප්‍රාන්ත හෝ ටෙරිටරි වෙත බලපාන ප්‍රධාන සිදුවීම් සඳහා සහ ඉන් පසුව සහාය ලබා දෙන ඕස්ට්‍රේලියාව පුරා පවතින සංවිධාන State Emergency Service නොහොත්, රාජ්‍ය හදිසි සේවා (SES) වශයෙන් හඳුන්වයි.

විශේෂයෙන්ම, මෙම සේවා ගංවතුර, කුණාටු සහ සුනාමි වැනි ස්වභාවික විපත් ඇතිවූ අවස්ථා වලදී ප්‍රජාවට සහාය දැක්වීම සඳහා කටයුතු කරයි, එමෙන්ම ගලවාගැනීම්, මාර්ග වල සිදු වන අනතුරු මගින් බේරාගැනීම්, අතුරුදහන් වූවන් සෙවීම් සහ හදිසි ඉවත් කිරීම් වැනි වෙනත් හදිසි අවස්ථා සඳහාද මොවුන් සහාය විය හැක.

විශේෂයෙන්ම පොලිසියට සහ ගිනි නිවන ආයතනවලට රාජ්‍ය හදිසි සේවා මගින් සහාය ලබා දීමද සිදු කරයි.

ආපදා සඳහා සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම

Priscilla Grimme වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි සේවයේ (VICSES) ස්වේච්ඡා සහාය නිලධාරිනියක වශයෙන් කටයුතු කරයි.

 


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

VICSES මගින්, ප්‍රාන්ත ප්‍රජාව ව්‍යසනයන් සඳහා මුහුණ දීමට සූදානම් කරන අතර ආපදාවක් සිදු වූ විට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාර වේ.

Priscilla පවසන්නේ ගංවතුර, කුණාටු, භූමිකම්පා, නායයෑම් සහ සුනාමි වැනි තත්ත්ව සඳහා පාලන නියෝජිතායතනය වශයෙන් මෙම ආයතනය කටයුතු කරන බවයි. නමුත් කුණාටු හේතුවෙන් සිදු වන හානි වන, නිවාස මතට, කාර් මතට හෝ මාර්ග වලට වැටෙන ගස් ඉවත් කිරීම එදිනෙදා කටයුතු වන බවත් Priscilla සඳහන් කරයි.

එමෙන්ම VICSES ආයතනය හදිසි තාවකාලික අලුත්වැඩියාවන් සිදු කරන අතර එමගින් ආපදාවට ලක්වූ නිවැසියන් හට තාවකාලික උපකාර සිදු කරයි.
tree house
SES workers try to remove an enormous tree out of the top storey of a house in Wahroonga in Sydney, on December 4, 2001. Source: AAP Image/Laura Friezer
Andrew McCullough, NSW SES හි ස්වේච්ඡා උපායමාර්ගික කළමනාකරු වශයෙන් කටයුතු කරන අතර ඔහු පවසන්නේ මෙමගින් විශාල සේවයක් වන බවයි. මෙම ආයතනයේ පිරිසෙන් 99% පිරිසක් ස්වේච්ඡා සේවකයන වේ.

මේ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ස්වේච්ඡා සේවකයන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් ඔවුන්ගේ ප්‍රජාවන්ට දින 7ම පැය 24 පුරා උපකාර කිරීම සහ ප්‍රතිචාර දැක්වීම සිදු කරයි.

මෙහෙයුම් සහ ක්‍රියාකාරී නොවන භූමිකාවන්

ස්වේච්ඡා සේවකයන් හදිසි කළමනාකරණ වර්ණාවලිය හරහා පුළුල් පරාසයක ක්‍රියාකාරකම් සිදු කරයි.

Priscilla පවසන්නේ ක්‍රියාකාරී සහ ක්‍රියාකාරී නොවන සාමාජිකයින් සිටින අතර මෙහිදී මූල්‍ය සේවකයෙකු සෑම විටම අවශ්‍ය වන අතර, පරිපාලන කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රජාව සමඟ සම්බන්ධ වීම සඳහා කැමති පිරිසද අවශ්‍ය වන බවයි.

පුහුණුව සහ කුසලතා

රාජ්‍ය හදිසි සේවා වෙත සම්බන්ධ වූ පසු ස්වේච්ඡා සේවකයන් පුහුණු කිරීම සිදු කරයි, Priscilla පවසන්නේ ගැටළු විසඳීම සඳහා කණ්ඩායමක කොටසක් ලෙස ඔවුන්ට වැඩ කිරීමට හැකිවීම ඇත්තෙන්ම වැදගත් වන බවයි.

ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සියලුම ස්වේච්ඡා සේවකයන්ගේ පොදු තේමාව වන්නේ ඔවුන්ට අවශ්‍ය වේලාවක මිනිසුන්ට උපකාර කිරීමට අවශ්‍ය වන බව වන අතර ඒ සඳහා ඔවුන් යෝග්‍ය සහ සෞඛ්‍ය සම්පන්න විය යුතුය.

මෙමගින් අතුරුදන් වූ පිරිස සෙවීම සහ ලඳු කැලෑ තුලට ඇවිදීම වැනි දෑ තරමක් අභියෝගාත්මක විය හැකි නමුත් ඒ සඳහා වන පුහුණුව මුලින්ම ලබාදේ.

උදාහරණයක් වශයෙන් ගත් කල, වික්ටෝරියා ප්‍රාන්තයේ VICSES සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සියලුම අයදුම්කරුවන් ප්‍රථමයෙන් තෝරා ගැනීමේ සහ හරහා යැවීම සිදු කරයි. එමගින් ඔවුන්ට භූමිකාව අවබෝධ කර ගැනීමට සහ ස්වේච්ඡාවෙන් රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය පුහුණු කිරීම සිදු වේ.
melb car crash training
A supplied photo of a Brisbane SES team practicing car crash rescue operations at the state road rescue challenge in Melbourne, Saturday, Dec. 6, 2008. Source: AAP Image/SES, Allan Briggs
Andrew පවසන්නේ වසර 11 කට පමණ පෙර, ඔහු රාජ්‍ය හදිසි සේවා වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන විට ඔහු එවකට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි බවයි. එමෙන්ම එම කාලයේදී තමන්ට ඇත්ත වශයෙන්ම SES සඳහා අවශ්‍ය නිශ්චිත කුසලතා නොතිබූ බවත් ඔහු පවසයි.

ඔහු පසුකාලීනව, ප්‍රධාන මාර්ග අනතුරු වලදී ගතයුතු පියවර, ප්‍රථමාධාර සහ මූලික ගලවා ගැනීමේ පුහුණුව සහ කුණාටු අවස්ථාවකදී ජල උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් වැනි බොහෝ දේ ඉගෙන ගෙන තිබේ.

මේ සඳහා සම්බන්ධ විය හැකි පිරිස

NSW SES සඳහා, තාවකාලික වීසා බලපත්‍රයක් දරන ඕස්ට්‍රේලියානු නොවන පුරවැසියන්ට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැක. නමුත් ඒ සඳහා ඔවුන් සිටින වීසා කාණ්ඩය වැදගත් වේ.

සාමාන්‍යයෙන්, පුද්ගලයෙකුගේ වීසා බලපත්‍රය ඔවුන්ට වැටුප් සහිත රැකියාවක් කිරීමට ඉඩ දෙන්නේ නම්, ඔවුන්ට ස්වේච්ඡා සේවකයකු වශයෙන් ඉදිරිපත් විය හැකිය.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


 

මේ සම්බන්ධයෙන් වන තොරතුරු, වීසා බලපත්‍රලාභීන් හට online හරහා පරීක්ෂා කළ හැක.

වයස අවුරුදු 16 සහ 17 යන කාලයේදී NSW SES සඳහා සම්බන්ධ වීමට හැකියාව තිබේ. නමුත් මෙලෙස සම්බධ වීමේදී ඔවුන්ට මාපිය සහ භාරකරුගේ කැමැත්ත අවශ්‍ය වන අතර එක සම්පුර්ණ කල යුතු වේ.

එමෙන්ම වයස අවුරුදු 18 ට අඩු ස්වේච්ඡා සේවකයන්ට තවමත් NSW SES හි ක්‍රියාකාරකම් වලට සහභාගී විය හැකි නමුත් වැනි කම්පන ඇති විය හැකි සිදුවීම් සඳහා සහභාගී විය නොහැක.

සතුව අයදුම්කරු සඳහා පූර්ව අවශ්‍යතා ලැයිස්තුවක් පවතී, එහිදී වයස අවුරුදු 18 ට වැඩි අයදුම්කරුවන් ඕස්ට්‍රේලියාවේ Criminal History Check එකක් සිදු කල යුතු වේ.

සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ පිරිස මේ සඳහා සහභාගී කිරීමට දිරිමත් කරයි

ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කතා කළ හැකි ජනවාර්ගික පසුබිමක ස්වේච්ඡා සේවකයන් සිටීම NSW SES අගය කරන බව Andrew පවසයි. මේ ඔස්සේ ප්‍රජා සමග ඉක්මනින් සම්බන්ධ වීමට හැකියාව පවතින බවත් ඔහු පෙන්වා දෙයි.
search bodies
SES volunteers search for bodies in the fields surrounding the township of Grantham, Saturday, Jan. 15, 2011. Source: AAP Image/Dean Lewins

ඔබේ ප්‍රාදේශීය ප්‍රජාවට ඔබේ සේවය ලබා දීම

Priscilla පවසන්නේ රාජ්‍ය හදිසි සේවා හා සම්බන්ධ වීම ඔබේ ප්‍රාදේශීය ප්‍රජාවට ඔබේ සේවය ලබා දීම සඳහා හොඳම ක්‍රමයක් වන බවයි.

Zulfi Hydari ඇෆ්ගනිස්ථානයෙන් මීට වසර 20 කට පෙර ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර දැන් වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කරයි.

ඔහු පවසන්නේ අතුරුදහන් වූවන් සෙවීම, සතුන් බේරා ගැනීම සහ අපරාධ ස්ථාන සෙවීමට තමන් පොලිසියට උදව් කළ බවයි. එමෙන්ම ඔස්ට්‍රේලියාව තමන්ව පිළිගත් ආකාරය අනුව සමාජයට යමක් සිදු කල යුතු බවට තමාට හැඟුණු බවත් ඔහු පවසයි.

එමෙන්ම මෙහි ස්වේච්ඡා සේවකයකු වශයෙන් කටයුතු කරන අතරතුරදී තමාට මිතුරන් රැසක් ඇති වූ බවත් Zulfi සඳහන් කරයි.

Telesia Loloa නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලිස්මෝර් හි සාමාජිකාවක වශයෙන් කටයුතු කරයි. 2015 දී NSW SES හා සම්බන්ධ වීම තමා මෙතෙක් කර ඇති හොඳම තේරීම්වලින් එකක් බව ඇය පවසයි. එමෙන්ම ඇය මේ වනවිට අවුරුදු 8කට අසන්න කාලයක් NSW SES සඳහා සිය සේවය සපයයි.
qlf flodds
A supplied photo of a Brisbane SES team practicing car crash rescue operations at the state road rescue challenge in Melbourne, Saturday, Dec. 6, 2008. Source: AAP Image/SES, Allan Briggs

අයදුම් කලයුතු ආකාරය

තම ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ රාජ්‍ය හදිසි සේවා වෙබ් අඩවිය මගින් මේ සඳහා සම්බන්ධ වීම වඩාත්ම හොඳ බව Andrew පවසයි. එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය හදිසි සේවාවන්, විවිධ ප්‍රජා පරාසයක ස්වේච්ඡා සේවකයන් භාර ගන්නා අතර විවිධ කුසලතා සහ විවිධ පසුබිම් ඇති පුද්ගලයින් සමඟ කතා කිරීමට සැබවින්ම උනන්දු වන බවයි.

මෙම වෙබ් අඩවි හරහා අයදුම් පත පිරවිය හැකි අතර ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම රාජ්‍ය හදිසි සේවා ලයිස්තුව පහතින් දැක්වේ.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 17 May 2022 2:50pm
Updated 12 August 2022 2:55pm
By Chiara Pazzano, Nipuna Dodangoda


Share this with family and friends