Australian Summer: ජලයේදී ආරක්ෂිතව සිටීම සහ දියේ ගිලීමෙන් ආරක්ෂා වීම පිලිබඳ තොරතුරු SBS සිංහල වෙතින්

බොහෝ ඕස්ට්‍රේලියානුවන් නිවසේ සිට තම නිවාඩුව ගත කිරීමටත් මුහුද සහ රට අභ්‍යන්තර ජල ප්‍රදේශ වෙත සංචාරය කිරීමටත් දක්වන උනන්දුව ඉහල ගොස් තිබේ. මේ හේතුවෙන් ජලයේදී සහ ඒ අවට සිටීමේදී තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙස විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Little boy on surfboard

Photo of a cheerful little boy trying to stand up on a surfboard with a little help from his dad holding him from behind Source: Getty Images/AleksandarNakic

Highlights
  • සංක්‍රමණිකයින් සඳහා වැඩි අවදානමක්
  • Rock fishing හි පවතින භයානක කම
  • ජලයේ සහ ඒ අවට ආරක්ෂිතව සිටින්නේ කෙසේද?
  • හදිසි අවස්ථාවකදී කළ යුතු දේ
ඔස්ට්‍රේලියාව අවට පවතින සුන්දර වෙරළ තීරය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි.නමුත් අවාසනාවකට මෙන් මෙම වෙරළ තීරයම විවිධ ඛේදවාචක සඳහාද මේ වනවිට ප්‍රධාන වී තිබේ.

පසුගිය වසර තුලදී ඕස්ට්‍රේලියාව තුල දියේ ගිලීම හේතුවෙන් පුද්ගලයින් 294 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 20% ඉහල යාමක් වශයෙන් සැලකේ.

සංක්‍රමණිකයින් සඳහා වැඩි අවදානමක්

මෑත කාලීනව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති පුද්ගලයින් දියේ ගිලී මියයාමේ සිදුවීම් බොහොමයක් වාර්තා වී තිබේ. වසර 10ක කාලයක් පුරා (2009-2019) ඕස්ට්‍රේලියානු රාජකීය ජීවිතාරක්ෂක සංගමය සිදු කල විශ්ලේෂණයකින් හෙළිව ඇත්තේ දියේ ගිලී මිය යන පිරිසෙන් 27% ක් විදේශයන්හි උපත ලැබූ අය වන බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පිහිනුම් කුසලතාවය නොමැතිකම සහ මුහුදු වෙරල ආශ්‍රිතව පවතින අනතුරු පිළිබඳව අත්දැකීම් නොමැතිකම මීට ප්‍රධානතම හේතුව වන බවයි.

 


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


හි Stacy Pidgeon පවසන්නේ ජලය සම්බන්ධයෙන් සමාජගතවීමක් නොපවතින මෙන්ම එදිනෙදා කටයුතු සහ වෙනත් කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් බොහොමයක් සිටින බවයි. ඔවුන් ඕස්ට්‍රේලියාවට පැමිනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ජීවන රටාවට අනුගත වීමට අවශ්‍ය වන නමුත් කිසි විටෙකත් ඒ සඳහා කුසලතා හෝ අත්දැකීම් නොපවතී.
Man swimming in water
Source: Getty Images/Ahmed Mohamed
විදේශීය සිසුන්ට ඕස්ට්‍රේලියාවේ අත්දැකීම් භුක්ති විඳීම සඳහා පහසුකම් සලසන නිර්මාතෘ වන Gurnam Singh පෙන්වා දෙන්නේ, අලුතින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස තුල පවතින නොදැනුවත්කම හේතුවෙන් ඔවුන් ජීවිත අවදානමකට ලක්ව ඇති බවයි.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


මෙය පිහිනීම සම්බන්ධයෙන් පමණක් නොවන අතර ඇතැම් පුද්ගලයින් Selfi ඡායාරූප ගැනීමට වැනි කටයුතු සඳහාද අවදානමක් ගන්නා බව ඔහු පවසයි.
එමෙන්ම Singh වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ සෑම තරාතිරමකම පුද්ගලයන් දියේ ගිලීමෙන් වන මිය යෑම් වැඩිවීම සඳහා මත්පැන් ද ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.
'Danger: swimming not advised' sign on North Wollongong Beach
Source: Getty Images/Simon McGill

Rock fishing ද භයානක විය හැක

Rock fishing බොහෝ සංක්‍රමණික ප්‍රජාව අතර ජනප්‍රියත්වයක් උසුලයි. නමුත් මෙය මේ වනවිට ඕස්ට්‍රේලියාවේ භයානකම ක්‍රීඩාව බවටද පත්ව තිබේ.

එමෙන්ම සෑම වසරකදීම, වඩදිය බාදිය, ලිස්සන සුළු තත්ත්ව සහ රළ පහරවල් හේතුවෙන් අද්දැකීම් අඩු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර Stacy උපදෙස් ලබාදෙන්නේ බෝට්ටුවකින් හෝ ගල් මතින් මෙවැනි ආකාරයේ මසුන් ඇල්ලීම සඳහා යන්නේ නම් සෑම විටම ජීවිතාරක්ෂක කබායක් පැළඳීමසිදු කරන ලෙසයි.

එමෙන්ම පිටතට යාමට පෙර සඳහන් කරන Stacy පවසන්නේ සෑම විටම මේ සඳහා තවත් මිතුරකු හෝ සමග යන ලෙසයි.

ජලයේ සහ ඒ අවට ආරක්ෂිතව සිටින්නේ කෙසේද?

Clinton Rose නිව් සවුත් වේල්ස් Northern Beaches Council හි වෙරළ සේවා කළමනාකරු වශයෙන් කටයුතු කරයි.ඔහු පවසන්නේ ආරක්ෂිතව පිහිනුම් කටයුතු සිදු කිරීමට පුද්ගලයින්ට කල හැකි දේ බොහොමයක් පවතින බවයි.
වෙරල තීරයේ කොඩි පවතී නම් ඔබ කොඩි අතර පිහිනීමට වග බලා ගැනීමට කටයුතු කල යුතු වේ. එමෙන්ම ජලයට යාමේදී සෑම අයකුටම පිහිනීමට හැකියාවක් තිබීම මුලික කරුණක් වන අතර ඔහු පවසන්නේ ජලයට යාම ආරක්ෂිත දැයි සැකයක් ඇත්නම් වෙරළේ අවට සිටින ජීවිතාරක්ෂක නිලධාරීන්ට කතා කරන ලෙසයි.
Lifeguard on Manly beach, Sydney
Lifeguard on Manly beach, Sydney Source: Getty Images/Laurie Noble

හදිසි අවස්ථාවකදී කළ යුතු දේ

යම් පුද්ගලයකු දියේ ගිලීම ඉතා ඉක්මනින් සිදු වේ. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයකු හට මිනිත්තුවක පමණ කාලයක් සිහි නැති වීමට හැකියාව පවතින හෙයින් සන්සුන්ව සිටීම සහ වහාම උපකාර ඉල්ලා සිටීම වැදගත් වේ.

කලබල නොවීම මෙහිදී මුලිකවම සිදු කලයුතු වේ. Rose අවධාරණය කොට සිටින්නේ ඔබ කලබල වුවහොත් ඔබ විශාල ශක්තියක් වැය කරන අතර ඔබේ මොළයට ඔක්සිජන් අඩු වන බවයි.

මේ හේතුවෙන් ඔබට පැහැදිලිව සිතිය නොහැකි තත්වයක් මතුවන හෙයින් කලබලයකින් තොරව ඔබව පාවීමට ඉඩ සලස්වා උපකාර ඉල්ලීමට කටයුතු කරන ලෙස ඔහු පවසයි.

වැඩිදුර තොරතුරු දැනගැනීමට

එක නොමිලයේ සහ භාෂා 72 කින් ලබා ගත හැකිය. එය මුර සංචාර පිලිබඳ, පහසුකම්, උපද්‍රව, කාලගුණය, බාදිය සහ වඩදිය පිළිබඳ තොරතුරු සපයයි.

භාෂා කිහිපයක් ඔස්සේ තොරතුරු සපයන ඕස්ට්‍රේලියාවේ Surf Life Saving Australia හි ඔස්ට්‍රේලියානු වෙරළ නැරඹීම සඳහා යාමට බලපොරොත්තු වන පිරිසට සැපයීම සිදු කරයි.

එමෙන්ම හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් ද තොරතුරු සැපයීම සිදු කරයි.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 12 December 2021 7:37pm
Updated 12 August 2022 3:02pm
By Wolfgang Mueller, Nipuna Dodangoda


Share this with family and friends