ද්විත්ව පුරවසිභාවය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි යන නීතිය යටතේ අර්බුදයට ලක්ව සිටින මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගේ ඉරණම මෙම සතියේදී ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසඳීමට නියමිතය.
ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තියට අනුව වෙනත් කිසිදු රටක පුරවැසිභාවය ලත් පුද්ගලයෙකුට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි වේ.
ඒ අනුව පහත සඳහන් පුද්ගලයින් සත් දෙනා ගේ ඉරණම හෙටින් (10/10) ඇරඹෙන ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයෙන් තීරණය වීමට නියමිතය.
- නැෂනල්ස් පක්ෂ නායක හා ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Barnaby Joyce - නවසීලන්ත පුරවැසිභාවය
- නැෂනල්ස් පක්ෂයේ නියෝජ්‍ය නායිකා Fiona Nash - එක්සත් රාජධානි පුරවැසිභාවය
- ලිබරල් පක්ෂයේ Matt Canavan - ඉතාලි පුරවැසිභාවය
- ග්‍රීන්ස් පක්ෂයේ Larissa Waters - කැනේඩියානු පුරවැසිභාවය
- One Nation පක්ෂයේ Malcolm Roberts - එක්සත් රාජධානි පුරවැසිභාවය
- ග්‍රීන්ස් පක්ෂයේ Scott Ludlam - නවසීලන්ත පුරවැසිභාවය
- ස්වාධීන සෙනට් සභික Nick Xenophon - එක්සත් රාජධානි පුරවැසිභාවය
හෙටින් ඇරඹෙන මෙම විභාගය දින 3 ක් පුරාවට පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
SBS පුවත් ඇසුරෙනි.