ඔස්ට්‍රේලියානු සෙනට් සභා ඉතිහාසයේ ලාබාලතම සෙනට් සභිකයා ලෙස ග්‍රීන්ස් පක්ෂයේ 22 හැවිරිදි Jordon Steele-John පත්වීමට නියමිත බව වාර්තා වේ.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් සෙනට් සභාවෙන් ඉවත් වීමට සිදුවූ ග්‍රීන්ස් පක්ෂයේ Scott Ludlam ගෙන් පුරප්පාඩු වූ සෙනට් අසුන සඳහා මෙසේ Jordon Steele-John පත් කිරීමට නියමිත බව සඳහන්.
ආබධිත තත්ත්වයේ පසු වන ඔහු බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු සෙනට් සභාවට පත් වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවේ තාරුණ්‍ය සහ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් මධ්‍යම පාර්ලිමේන්තුවේ හඬක් නැගීම තම අරමුණ බව ඔහු ABC පුවත් සේවයට පැවසීය.