ඔස්ට්‍රේලියාවට අයත් “මහා බාධක කොරල් පරය” හෙවත් The Great Barrier Reef හි සම්පූර්ණ වත්කම ඩොලර් බිලියන 56 ක් බව ගණන් බලා තිබේ.
ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ආර්ථික විශ්ලේෂණ ආයතනයක් වන Deloitte Access Economics ආයතනය විසින් මෙම ගණනය කිරීම සිදු කර ඇත.
ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මහා බාධක කොරල් පරයෙහි වත්කම් සඳහා වැඩිම දායකත්වයක් සපයනු ලබන්නේ සංචාරක කර්මාන්තය විසින් වන අතර එය ඩොලර් බිලියන 29 ක් ලෙස ගණන් බලා තිබේ.
මහා බාධක කොරල් පරය මගින් ඔස්ට්‍රේලියාව තුළ රැකියා 64,000 ක් පමණ උත්පාදනය කර ඇති අතර ජාතික ආර්ථිකයට ඩොලර් බිලියන 6.4 ක දායකත්වයක් සපයයි.