ඕස්ට්‍රේලියාවේ Foster care හෙවත් කැපකරු රැකවරණ ක්‍රියාවලිය සිදු වන අයුරු SBS සිංහල වෙතින්

ඔස්ට්‍රේලියාව තුල ළමුන් 46,000ක් පමණ ළමුන් සඳහා වන නිවාස රැකවරණයේ සිටින බව වාර්තා වේ. රට තුළ ළමුන් හදා වඩා ගන්නා Foster care හෙවත් කැපකරු රැකවරණය සපයන පිරිසේ හිඟයක් පවතින අතර ඇතැම් අවස්ථාවලදී මේ සඳහා විවිධ සංස්කෘතික පසුබිම් සහිත පුද්ගලයින්ගේ වැඩි අවශ්‍යතාවයක් පවතී.

family

Source: Pexels/Kampus Production

ළමුන් බොහෝ හේතුන් මත foster care හෙවත් කැපකරු රැකවරණ වෙත යොමු වීම සිදු වේ. මෙම ළමුන්ගේ නිවස තුළ සිදු වන පවුල් ප්‍රචණ්ඩත්වය / නොසලකා හැරීම හෝ ශාරීරික හිංසන සිදු වූ අවස්ථා නිදසුනක් වශයෙන් දැක්විය හැක.

Monica ට තමන් Foster care හෙවත් කැපකරු රැකවරණ සපයන ළමුන් තිදෙනෙකු සිටින අතර ඇය ඔවුන්ව සිය ස්වාමිපුරුෂයා සමග රැකබලාගැනීම සිදු කරයි. එම ළමුන් එකම මවකගෙන් උපත ලබා ඇති අතර ඔවුන්ගේ වයස් සීමාවන් අනුපිළිවෙලින් වයස අවුරුදු පහ, තුනහමාර සහ වයස අවුරුද්ද වශයෙන් දැක්වේ.

කැපකරු රැකවරණය සැපයීම සඳහා නියෝජිතායතනයක් හරහා අයදුම් කල හැකි අතර එලෙස අයදුම් කිරීමෙන් අනතුරුව Monicaට වයස අවුරුදු 10 දක්වා වූ ළමුන් තිදෙනකු රැකබලාගැනීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.


Highlights:

  • ඕස්ට්‍රේලියාවේ කැපකරු රැකවරණ සපයන්නන් අවශ්‍ය වේ
  • දිගු කාලීන රැකවරණයේ සිට විවේක රැකවරණය දක්වා විවිධ ආකාරයේ කැපකරු රැකවරණ පවතී
  • ඔබ ජීවත් වන ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කැපකරු සත්කාර ආයතනයක් හා සම්බන්ධ වීම මුලින්ම කල යුතු වේ

තමන් හට කැපකරු වශයෙන්, වයස මාස 7ක කුඩා ළමයකු රැකබලාගැනීමට අවස්ථාව හිමි වූ අතර සෙසු සෑම සාමාන්‍ය පවුලක් ලෙසම තම පවුල ගොඩනගාගැනීමට හැකි වූ බව Monica පවසයි.

එමෙන්ම අනතුරුව තම පළමු දරුවාගේ සහෝදරියද ඉපදීමෙන් මාස 10කට පසු ඇයටද කැපකරු රැකවරණ ලබාදීම සිදු කල බවත් Monica සඳහන් කරයි.

මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල ළමුන් 46,000ක්, ළමුන් සඳහා වන නිවාස රැකවරණයේ සිටී.
mum daughter
Source: Pexels/Karolina Grabowska
Adopt Change හි ප්‍රධාන විධායක නිලධාරී Renée Carter පවසන්නේ ඔස්ට්‍රේලියාව තුල කැපකරු රැකවරණ සැපයීම සඳහා වන පිරිසේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

ළමුන් සඳහා වන නිවාස රැකවරණ යනු, රජයේ රැකවරණ වන අතර, තම ජීව විද්‍යාත්මක දෙමව්පියන්ගෙන් (biological parents) ඈත්ව ජීවත් වන ළමුන්ට නිසි නිවසක් ලැබෙන තුරු ඔවුන්ව හදා වඩා ගැනීම, ඥාති රැකවරණය ලබාදීම හෝ විකල්ප තාවකාලික නවාතැනක රැඳවීම සඳහා රජය කටයුතු කරයි.

Renée පවසන්නේ ඇතැම් සංස්කෘතික පසුබිම් සහිත ළමුන් සඳහා කැපකරු රැකවරණ ලබාදීමට වන පිරිසේ සැබෑ අවශ්‍යතාවයක් පවතින බවයි.

 


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

Alanna Hughes, Benevolent Society හි Fostering Young Lives වැඩසටහනේ කළමනාකරු වන අතර මෙමගින් සිඩ්නි හි ළමුන් හට කැපකරු රැකවරණ ස්ථාන ලබා දීම සිදු කරයි.

Alanna පවසන්නේ සාමාන්‍යයෙන් මෙම වැඩසටහනේ එකවර ළමුන් 200 ක් දක්වා සිටින අතර දරුවන්ට රැකවරණය සපයන රැකබලා ගන්නන් 150 සිට 160ක් දක්වා සිටින බවයි.

Foster carers හෙවත් දරුවන්ට රැකබලා ගන්නන් අවශ්‍ය විය හැක්කේ ඇයි?

Foster carers හෙවත් දරුවන් රැකබලා ගැනීම සඳහා යොමු කිරීමට හේතුන් පවතී :

  • දෙමව්පියන් සමඟ නිවසේ සිටින දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත හෝ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව සැලකිලිමත් වීම.
  • නිවසේ පවුල් ප්‍රචණ්ඩත්වය, නොසලකා හැරීම සහ/හෝ ශාරීරික හිංසනය පිළිබඳ ඉතිහාසයක් පැවතීම.
Alanna පවසන්නේ දරුවන් රැකබලා ගැනීමට වෙනත් හේතුද තිබිය හැකි අතර, ඇතැම් විට පවුලේ සාමාජිකයන් මිය ගොස් ඇති ඛේදජනක තත්ව සහ දරුවන් බලා ගැනීමට වෙනත් කිසිවෙකු නොමැති අවස්ථා ඒවා වන බවයි.

Renée පෙන්වා දෙන්නේ බොහෝ විට මෙම ළමුන්ගෙන් බොහෝ දෙනෙක් යම් ආකාරයක කම්පනයකට නිරාවරණය වී ඇති අතර එම ළමුන් විවිධ අභියෝගවලට මුහුණ දී ඇති බවයි. මේ හේතුවෙන් බොහෝ විට ළමුන්ගේ සුවය සඳහා ස්ථාවරය, ආරක්ෂිත බව සහ පෝෂණය සැලසෙන නිවසක් තිබීම අත්‍යවශ්‍ය වේ.
Hand holding people
Source: Stocksnap/Pixabay

Foster care හෙවත් කැපකරු රැකවරණ

Alanna පෙන්වා දෙන්නේ ඔවුන් සතුව කෙටි කාලීන සහ දිගු කාලීන කැපකරු රැකවරණ ලබාදෙන පිරිස සහ ළමුන් දරුකමට හදා ගැනීම හෝ භාරකාරත්වය අපේක්ෂා කරන රැකබලා ගන්නන්ද සිටින බවයි.

නමුත් මෙම ක්‍රියාවලි විවිධ අධිකරණ බලප්‍රදේශ අනුව වෙනස් වේ.

නීති සම්පාදනය සහ ක්‍රියාවලීන්, යම් අයකු ජීවත් වන ස්ථානය අනුව, රජයේ දෙපාර්තමේන්තු සමඟ හෝ කැපකරු සත්කාර ඒජන්සියක් සමඟ කටයුතු කරන්නේද යන්න මත පදනම්ව වෙනස් වේ.

කෙසේ නමුත් Renée පෙන්වා දෙන්නේ කෙසේ නමුත් මෙහිදී සමාන වන අත්‍යවශ්‍ය පියවර කිහිපයක් පවතින බවයි.

තම ප්‍රදේශයේ නියෝජිතායතනය යාමෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීමට හැක.

Alanna පෙන්වා දෙන්නේ The Benevolent Society වැනි නියෝජිතායතන ඔස්සේ ළමුන්ට කැපකරු රැකවරණ සැපයීම සඳහා අවශ්‍ය පිරිසට ඒ සඳහා අනුමැතිය ලබාදෙන බවයි.නමුත් මෙම නිවාස ළමුන්ට සුදුසුද යන්න සම්බන්ධයෙන් අනුමැතිය ලබාදෙන්නේ (DCJ) හෙවත් ප්‍රජාව සහ අධිකරණය සම්බන්ධයෙන් වන දෙපාර්තමේන්තුව මගිනි.

මෙම දෙපාර්තමේන්තුව මගින් කැපකරු රැකවරණ ලබාදීමට අවශ්‍ය පිරිස සම්බන්ධ කරගැනීම ඔස්සේ ඔවුන්ට ගැලපෙන ළමුන් සම්බන්ධයෙන් සඳහන් කරයි.

Foster parent කෙනෙක් විය හැක්කේ කා හටද?

ප්‍රජාව සහ අධිකරණය සම්බන්ධයෙන් වන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අනුව ළමා කැපකරු රැකවරණ සැපයීමට කැමති පිරිස පහත නිර්ණායක සපුරාලියයුතු වේ:

  • වයස අවුරුදු 25 ට වැඩි විය යුතුය
  • ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් හෝ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය 
  • යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවිය යුතුය 
  • අපරාධ වාර්තාවක් නොතිබිය යුතුය.
ඔවුන් මෙම නිර්ණායක සපුරාලන්නේ නම් සහ පළමු සම්මුඛ පරීක්ෂණය සාර්ථක වුවහොත්, ඔවුන්ව ළමා කැපකරු රැකවරණ ලබාදෙන්නන් වීමට සුදුසු දැයි තක්සේරු කිරීමට ක්‍රියාවලියක් හරහා යාමට සිදු වේ.
Mother and boy sunset
Mother and boy sunset Source: Pixabay/Pexels
ළමයකු, ළමා කැපකරු රැකවරණ සඳහා පළමු වරට පැමිණෙන විට ඔවුන් interim order යන නියෝග අධිකරණය මගින් කෙටිකාලීනව ලබාදෙන බව Alanna පවසයි.

ඇතැම් අවස්ථා වල කෙටි කාලීනව යම් පවුලකට කැපකරු රැකවරණය යටතේ යන ළමයකු පසුව දිගුකාලීනව සිටීමට ඉඩ පවතී. නමුත් මේ සම්බන්ධයෙන් මුලදීම තීරණය කල නොහැකි බව Alanna පෙන්වා දෙයි.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


 

එමෙන්ම දිගුකාලීනව යම් ළමයකු හට රැකවරණය ලබාදෙන පුද්ගලයින්, පසුකාලීනව එම ළමුන්ගේ "භාරකාරත්වය" දැරීමට හෝ ළමුන්ව "දරුකමට" හදා ගැනීම සඳහා උනන්දුවක් දැක්විය හැක.

Monica පවසන්නේ මුලින්ම මෙම කැපකරු රැකවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයක් පැවතිය හැකි බවයි.

කැපකරු රැකවරණ ලබාදෙන පිරිස ළමුන් උපන් පවුල සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම

බොහෝ අවස්ථාවන්හිදී, කැපකරු රැකවරණ ලබාදෙන පිරිස දරුවන් උපන් පවුල සමඟ සම්බන්ධතාවය පවත්වා ගැනීමට අපේක්ෂා කරයි.

ළමුන් හට ඔවුන් පැමිණි ස්ථානය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදීම සඳහා ඔවුන් උපන් පවුල සමඟ සම්බන්ධතාවය පවත්වා ගැනීම වැදගත් වේ.

මේ වනවිට Monica වසරකට කිහිප වතාවක් ඒජන්සිය හරහා තමන් රැකවරණය ලබාදෙන ළමුන් උපන් පවුල සමඟ සම්බන්ධතා පවත්වයි.

Monica පවසන්නේ ඔවුන් උපන් පවුලට ඡායාරූප යැවීම සිදු කරන අතර ළමුන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ වාර්තාද යවන බවයි.
dad girl
Source: Pexels/Josh Willink
Alanna පෙන්වා දෙන්නේ කැපකරු රැකවරණ ලබා දෙන්නෙකු වීම ළමුන්ට නිවසක් ලබාදීමට වඩා වැඩි දෙයක් වන බවයි.

එමෙන්ම මෙම ළමුන් හට ඔවුන් සිටින ඇතැම් කම්පන වලින් සුවය ලැබීමට උපකාර කිරීම සිදු කල යුතු අතර ඒ සඳහා ඔබේ "නිවාස මෙන්ම හදවතද" ළමුන්ට විවුර්ත කලයුතු බව Renée පවසයි.

Renée වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම ළමුන් හැදී වැඩී ඔවුන් ජීවිතයේ ලබාගැනීමට අවශ්‍ය දේවල් ලඟා කරගැනීම දැකීම ඔවුන් රැකබලා ගන්නන් හට ප්‍රතිලාභදායක අත්දැකීමක්ද වන බවයි.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 12 June 2022 10:20pm
Updated 12 August 2022 2:56pm
By Chiara Pazzano, Nipuna Dodangoda


Share this with family and friends