සිඩ්නි නුවර පසුගියදා වැටලූ ත්‍රස්ත කුමන්ත්රණයේ අත් අඩංගුවට පත් සැකකරුවන්ගේ නිවෙස් සහ ඔවුන්ට සම්බන්ධ අනෙක් නිවෙස් පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තවමත පරීක්ෂණ පවත්වන බව සඳහන්.
එම සිද්ධියට අදාළව පුද්ගලයින් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් නමුත් 50 හැවිරිදි එක් සැකකරුවෙකු ඊයේ (02/08) නිදහස් කරනු ලැබීය.
සෙසු සැකකරුවන් තිදෙනා තවමත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
ලබන ඉරිදා දිනය වන තෙක් ඔවුන්ව රඳවා තබා ගැනීමට හෝ චෝදනා ගොනු කිරීමට පොලීසියට හැකියාව ඇත.
මෙම සිද්ධියත් සමග ඔස්ට්‍රේලියාවේ සෑම ගුවන් තොටුපොලකම පනවා ඇති අතිරේක නීති අවශ්‍ය තාක් කල් පනවා තැබීමට සිදු වන බව විපක්ෂයේ නීති පිළිබඳ නියෝජිත Mark Dreyfus ABC පුවත් වෙත පැවසීය.