ඕස්ට්‍රේලියාවට ඇතුලුවීමේදී ඔබට ගෙන ආ හැකි සහ නොහැකි දේ පිලිබඳ තොරතුරු SBS සිංහල වෙතින්

විදේශීය සංචාරකයකු වශයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුලුවීමේදී ඕස්ට්‍රේලියානු නීතියට අනුව තහනම් කර ඇති හෝ සීමා කර ඇති දෑ පිළිබඳව දැනගැනීමේ වගකීම ඔබ සතුය. ආනයන කොන්දේසි වෙනස් විය හැකි බැවින් ඔබ නිතිපතා සංචාරය කලද සෑම විටකදීම සංචාරය කිරීමට පෙර අවශ්‍යතා පරීක්ෂා කිරීම සුදුසුය.

Full length shot of two attractive young women walking through an airport

Source: GettyImage / PeopleImages

Highlights
  • ඔබට විශේෂ අවසරයක් නොමැති නම්, නැවුම් පලතුරු සහ එළවළු, මස් නිෂ්පාදන, සහල්, බෝංචි, බිත්තර සහ මිරිදිය මාළු වැනි ආහාර ගෙන ඒමට අවසර නොමැත.
  • ඇතැම් වාණිජමය වශයෙන් ඇසුරුම් කළ බීජ සහ පුද්ගලික භාවිතය සඳහා බෙහෙත් වට්ටෝරු ගෙන ආ හැක
  • යම් සංචාරකයෙකු ජෛව ආරක්ෂණ අවදානම් භාණ්ඩයක් තිබෙන බවට දැනුම් දීමට හෝ බැහැර කිරීමට අපොහොසත් වුවහොත්, ඔවුන්ට දඩ මුදලක් හෝ නඩු පැවරීමට සිදු විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී රට තුළට ඇතුළුවීම පවා ප්‍රතික්ෂේප විය හැක.
ඕස්ට්‍රේලියාවට ඇතුළු වන භාණ්ඩ මගින් ඕස්ට්‍රේලියානු පරිසරයට සහ කෘෂිකර්මාන්තයට හානියක් නොවන බවට සහතික කිරීම සඳහා ඕස්ට්‍රේලියාව තුල දැඩි ජෛව ආරක්ෂණ නීති සහ ක්‍රියා පටිපාටි පවතී.

ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම, ජල සහ පරිසර දෙපාර්තමේන්තුව මගින් හරහා මෙරටට ආනයනය කරන නිෂ්පාදන නියාමනය කිරීම සිදු කරයි.

Brisbane ගුවන් තොටුපලෙහි මෙහෙයුම් කළමනාකරු වන Alan Self පවසන්නේ තමන්ට රට තුලට ගෙන ඒමට හැකි සහ නොහැකි භාණ්ඩ සම්බන්ධයෙන් දැනුවත් කමක් තිබීම සංචාරකයින්ගේ වගකීමක් වන අතර ඔවුන් දෙපාර්තමේන්තු ආනයන කොන්දේසි වලටද අවනත විය යුතු බවයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී සියලුම මගීන් Incoming Passenger Card (IPC) යන කාඩ්පත සම්පුර්ණ කල යුතු අතර එය නිවැරදිව පුරවා ආහාර, සත්ව නිෂ්පාදන සහ ලී භාණ්ඩ ඇතුළු ශාක ද්‍රව්‍ය වැනි ජෛව ආරක්ෂණ අවදානමක් ඇති කළ හැකි ඕනෑම භාණ්ඩයක් සඳහන් කරන ලෙස Self අවධාරණය කරයි.
ජෛව ආරක්ෂණ නිලධාරීන් ප්‍රකාශිත භාණ්ඩ පරීක්ෂා කිරීම සිදු කරන අතර එම භාණ්ඩ ආරක්ෂිතව රට තුළට ඇතුලු කල හැකිද නැතහොත් අපනයනය කිරීමට හෝ විනාශ කිරීමට අවශ්‍යද යන්න තීරණය කරයි.

කෙසේ නමුත් බොහෝ භාණ්ඩ ඕස්ට්‍රේලියාවට ඇතුලු කල හැක. නමුත් Self පවසන්නේ හානිකර පළිබෝධ සහ අවදානමක් සහිත භාණ්ඩ සඳහා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද විශේෂ ආනයන අවසරයක් නොමැති නම්, ඒවා සඳහා ඉඩ නොදෙන බවයි.

නැවුම් පළතුරු සහ එළවලු මගින් සජීව කෘමීන් හෝ ශාක රෝග ඕස්ට්‍රේලියාවට ඇතුලු විය හැක.

මීට වසර කිහිපයකට පෙර ක්වීන්ස්ලන්තයට මෙලෙස ගෙන ආ පලතුරු කැබැල්ලක් මගින් "papaya fruit fly" යන පලතුරු මැසි විශේෂය බෝ වීම සිදු වූ අතර එමගින් වසරක් තුලදී පමණක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඩොලර් මිලියන 20 අපනයන අදායමක් අහිමි වී තිබේ.
Fruit fly details
Fresh fruit and vegetable could introduce serious pests, such as fruit fly, that could be devastating for Australian agriculture and unique environment Source: Credit: GettyImage / Joao Paulo Burin
ඕස්ට්‍රේලියාවේ පාද සහ මුඛ රෝග, කුරුළු උණ H5N සහ අප්‍රිකානු සූකර උණ වැනි සත්ව රෝග නොපවතින අතර එවැනි තත්වයන් පැතිරීම ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සහ අපනයන වෙළඳපොළට විනාශකාරී බලපෑමක් ඇති කළ හැක.

ඔස්ට්‍රේලියාවට අතුලුවීමේදී සියලුම මස් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සඳහන් කිරීමට මේ හේතුවෙන් අවශ්‍ය වන බව Self පවසයි.

වියලි හරක් මස් හෝ ඌරු මස් නිෂ්පාදන, සලාමි හෝ සොසේජස් මගින් පාද සහ මුඛ රෝග හෝ අප්‍රිකානු සූකර උණ ඕස්ට්‍රේලියාවේ පැතිරීමට අවදානමක් පවතී.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


ඇතුලතින් සහ පිටතින් පිරිසිදු කරන ලද කරදිය මසුන් පමණක් මෙරටට ගෙන්වීමට හැකියාව තිබෙන අතර මෙය කිලෝග්‍රෑම් 10කට සීමා වේ. කෙසේ නමුත් සැමන් සහ ට්‍රවුට් වැනි මිරිදිය විශේෂ ගෙන ඒමට අවසර නොමැත.

කිරි නිෂ්පාදන, කේක්, මී පැණි සහ මුහුදු ආහාර ඇතුළු අනෙකුත් සියලුම ආහාර පරීක්ෂාවට භාජනය වන අතර, සහල්, ඇට වර්ග සහ බෝග බීජ වැනි භාණ්ඩ සාමාන්‍යයෙන් පුද්ගලික භාවිතය සඳහා රට තුළට ඇතුළු වීම සීමා කොට තිබේ.

මේ සියලුම දේ ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින අතර මෙවැනි දෑ ඔස්ට්‍රේලියාව සෙසු රටවලට අපනයනය කිරීම සිදු කරයි.

නොමැතිනම් බිත්තර, සජීවී සතුන්, පැල, දඩු කැබලි, ලී නිෂ්පාදන සහ අනෙකුත් ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය ඔස්ට්‍රේලියාවට ඇතුලු කිරීමට ද අවසර නොමැත.

ඇතැම් බීජ පමණක් වගා කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවට ගෙන ඒමට අවසර ලබා දිය හැකි නමුත් එම බීජ විශේෂය රට තුලට ගෙන ඒමට අවසර තිබේද යන්න පිළිබඳව සහතික කිරීමට දත්ත පරීක්ෂා කලයුතු බව Self පවසයි.

එමෙන්ම සියලුම බීජ නිසි ලෙස වාණිජමය වශයෙන් ඇසුරුම් කළ යුතු අතර ඇසුරුම්වල නිවැරදි උද්භිද නාමයන් තිබිය යුතුය.
Seeds and Packets
Seeds must be commercially packaged and must have a correct botanical name on the packaging Source: GettyImage / Hans L Bonnevier, Johner

තමන් සතු භාණ්ඩ සඳහන් නොකිරීමේ ප්‍රතිවිපාක

Self පෙන්වා දෙන්නේ මෙලෙස තමන් ගෙන එන භාණ්ඩ සඳහන් නොකිරීම මත විඳීමට සිදුවිය හැකි ප්‍රතිවිපාක මිල අධික විය හැකි බවයි.

මෙම දඩ මුදල්,

  • තමන් සතුව බිත්තර පවතින බවට සඳහන් නොකිරීම සඳහා $444සිට
  • නැවුම් පලතුරු පවතින බවට සඳහන් නොකිරීම සඳහා $1332 දක්වා සහ
  • මස් නිෂ්පාදන පවතින බවට සඳහන් නොකිරීම සඳහා $2600 දක්වා
ගෙවීමට සිදු විය හැක.

Self පෙන්වා දෙන්නේ සඳහන් නොකළ භාණ්ඩවල ජෛව ආරක්ෂණ අවදානම සැලකිය යුතු මට්ටමක පවතී නම්, වීසා බලපත්‍ර වර්ගීකරණයන් සහිත සංචාරකයින්ට ඕස්ට්‍රේලියාවට ඇතුලුවීම පවා ප්‍රතික්ෂේප කළ හැකි බවයි.
මේ සඳහා ශිෂ්‍ය වීසා, 457 වීසා , සංක්‍රමණ වීසා හෝ සංචාරක වීසා ඇතුලත් වේ.

ඕස්ට්‍රේලියානු දේශසීමා බලකා වැඩබලන අධිකාරී Matthew Rowe පවසන්නේ විදේශයන්හි අලෙවි කරන, මිනිසාට හානි කල හැකි සිහිවටන මිලදී ගැනීම සම්බන්ධයෙන් සංචාරකයින් ප්‍රවේශම් විය යුතු බවයි.

ඔහු පවසන්නේ strolling stars, crossbows, knuckle dusters සහ වෙනත් තහනම් ආයුධ ආසියාවේ සිට පැමිණෙන සංචාරකයින් අතර දක්නට ලැබෙන බවයි. මෙවැනි ආයුධයක් රට තුලට ගෙන ඒම සම්බන්ධයෙන් එම පුද්ගලයා හට දඩ ලබාදීම හෝ නඩු පැවරීම සිදුවිය හැක.

එමෙන්ම Rowe අවධාරණය කොට සිටින්නේ ගිනි අවි ආනයනය කිරීමට පෙර ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලිඛිත අවසරයක් අවශ්‍ය වන බවයි.
Variety of Pills
Brining in the the medicine for personal use often require a prescription written in the English language Source: GettyImage / Shana Novak

ඕස්ට්‍රේලියාවට ඖෂධ රැගෙන ඒමට අවසර පවතීද?

පුද්ගලික භාවිතය සඳහා ඖෂධ ලබා ගැනීමට අවසර තිබෙන අතර සීමා පවතී. ඒ සඳහා බොහෝ විට ඔබේ වෛද්‍යවරයාගෙන් ලබාගත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති බෙහෙත් වට්ටෝරුවක් හෝ ලිපියක් අවශ්‍ය වේ.

ඔබ සතුව පවතින යම්කිසි භාණ්ඩයක් ඕස්ට්‍රේලියාවට ගෙන ඒමට අවසර පවතීද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතී නම්, පැමිණීමේදී ඔබට ලබාදෙන Incoming Passenger Card (IPC) යන කාඩ්පතෙහි සඳහන් කිරීම සහ දේශසීමා බලකායේ නිලධාරියෙකු හමුවීම සුදුසු වේ.

ඔබට විශ්වාසයක් නොමැතිනම් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීම සිදු කරන ලෙසත් විවිධ භාෂා ඔස්සේ සහාය ලබාදිය හැකි නිලධාරීන් සහ ක්‍රම පවතින බවත් Rowe පවසයි.

Australia Tightens Border Control Measures Due To Concerns Over UK Covid-19 Strain
If you are not sure whether an item is allowed, the best thing to do is to declare such goods and speak to an Australian Border Force officer Source: Matt Jelonek/Getty Images
ඔබට ඕස්ට්‍රේලියාවට ගෙන ආ හැකි භාණ්ඩ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා කෘෂිකර්ම, ජල සහ පරිසර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔබ මධ්‍යසාර, දුම්වැටි, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ස්වර්ණාභරණ වැනි වටිනා භාණ්ඩ ගෙන ඒමට සැලසුම් කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් සමඟ පරීක්ෂා කරන්න.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 5 December 2021 6:35pm
Updated 12 August 2022 3:01pm
By Josipa Kosanovic, Nipuna Dodangoda


Share this with family and friends