පසුගිය මැයි 07 වන දින ප්රංශ ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ Emmanuel Macron ඊයේ දිනයේදී ප්රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
මෙම නිල උත්සවය පැවැත්වුණේ ප්රංශ ජනපති නිල නිවෙස වන Elysee මන්දිරයේදී වූ අතර ප්රංශයේ හිටපු ජනපති Francois Hollande අතින් ජනපතිධුරය Emmanuel Macron හට පිරිනැමිණි.
මේ අනුව 39 හැවිරිදි Emmanuel Macron ප්රංශයේ ජනපති ලෙස දිවුරුම් දුන් කල ඔහුගේ 64 හැවිරිදි බිරිඳ වන Brigitte Macron ප්රංශයේ ජනපති ආර්යාව බවට පත්විය.